තවත් ණය දෙනවාද? සලකා බලන්න ඉන්දියාවෙන් එයි..

Chief Economic Adviser to India that. Nageswaran arrives in Sri Lanka

තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…

Read More

ණය හිලව්වට උතුරු මුහුද ඉන්දියාවට දුන්නාද?

sri lanka arrested indian fishermen

වර්තමාන ඩොලර් අර්බූදය හමුවේ තෙල්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සඳහා ඉන්දියාවෙන් ණය ගනිමින් සිටින ආණ්ඩුව එයට හිලව්ව ලෙස උතුරු මුහුද මසුන් මැරීම සඳහා දකුණු ඉන්දියානු ධීවරයන්ට නිදහස් කර ඇතිදැයි ප්‍රශ්නයක් බව උතුරේ ධීවරයෝ ප්‍රකාශ කරති. පසුගිය කාලයේ දිගින් දිගටම ඉන්දියානු අධිබල බෝට්ටු උතුරු මුහුද ආක්‍රමනය කර ඇතැයිද උතුරේ ධීවරයන්ට ප්‍රහාර එල්ලකරමින් ඇතැයිද මේ නිසා උතුරේ ධීවර ප්‍රජාව අන්ත අසරණ අඩියකට වැටී ඇතැයිද කරුණු වාර්තා වෙන අතර ආණ්ඩුව එයට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වෙන බවක් පෙනෙන්නට නැත. පසුගිය දා ඉන්දියානු ධීවර ප්‍රහාරයක් නිසා උතුරේ ධීවරයන් දෙදෙනෙක් මියගොස් ඇතැයිද කරුණු වාර්තා වෙන අතර වර්තමානයේ ඉන්දියානු…

Read More

නැව, මුහුදත් කාලා, ඩොලරුත් ගිලියි!

xpress pearl ship fire Sparke Helmore Law Firm

පසුගිය දා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිඥ සමාගමකට ඩොලර් 222,291ක් ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ ඇමති අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර් නීතිඥ සමාගම සඳහා ඇ.ඩො 64,093, 84,170, 74,028 ලෙස අවස්ථා 3කදී මෙම ගාස්තු මුදල් ගෙවීමට නියමිතව ඇති බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි. මෙම සමාගමේ සහාය ලබාගෙන මේ වනවිට අයකර ගෙන තිබෙන මුළු වන්දි මුදල රුපියල් මිලියන 259.6ක් බවද එම කැබිනට් පත්‍රිකාවෙන් හෙළිවේ. මෙම මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.28ක් ය. මේ අනුව ලබා ගත් වන්දි…

Read More

ලංකා මුහුදේ මාළු බෑමට දත කන ඉන්දීය ධීවරයෝ…

Indian fishermen in Ceylon water

ලංකා මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට ඉඩ සලසා දෙන්නැයි ඉන්දීය ධීවර සමිති  ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. විශේෂයෙන් ලංකා නාවික හමුදාවෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ඉන්දු -ලංකා මුහුදේ ඉන්දීය ධීවරයන්ට මාළු අල්ලන්න ඉඩකඩ හදා ගන්න, තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් ප්‍රාන්ත හා මධ්‍යම ආණ්ඩුව ලංකා ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරලා අනුමැතිය ගන්න අවශ්‍ය’ යැයි රාමේශ්වරම් ධීවර සංගම් නායක බෙන්සිංලාස් ජේසුරාසා ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලයි. රාමනාදන්පුරම් පුදුකෝට්ටෙයි සිට මසුන් මැරීමට මුහුදු ගිය තමිල්නාඩු ධීවරයන් 68 දෙනකු ඔවුන් යාත්‍රා කළ බෝට්ටු 10 ක් සමඟින් ලංකා නාවික හමුදාව මගින් ඉකුත් මාසයේදී  අත්අඩංගුවට ගෙන තිබුනේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වීමේ…

Read More

ජනවාරි 3 සිට “ඉන්දීය ධීවර ආක්‍රමණයක්”…?

Indian fishermen invade Sri Lanka

නව වසර ආරම්භයේ සිටම  ඉන්දීය ධිවරයන් යළිත් මෙරට මුහුදු සීමාව පැන මසුන් මැරීම  ආරම්භ කරනු ඇති බවට අනතුරු අඟවන උතුරේ ධීවරයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මැදිහත් වන ලෙස  ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලමින් විරෝධතාවයක් දියත් කර තිබේ. ‘මයිලඩි’ ධීවර වරාය ඉදිරිපිටදී  වර්ෂාව මධ්‍යයේ දෙසැම්බර් 31 වැනිදා උදෑසන ධීවරයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ වලිකාමම් උතුර ධීවර සංගමය විසින්ය. විරෝධතාව දියත් කර තිබුනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පනස් අවුරුදු ගිවිසුමකට එළැඹීම ප්‍රකාශයට පත්වුණු දවසේමය. ඊට දෙසතිඅකට පෙර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයක යෙදෙමින්…

Read More

එක්ස්ප්‍රස් පර්ල් හී බලපෑම ඉන්දීය ධීවරයන්ටත්

South Indian fishermen stranded by fire on Express Pearl

කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ  අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භීතියට පත් කිරීමට හේතු වී තිබේ. තාවකාලික තහනමකින් පසු තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ අනෙකුත් ප්‍රදේශවලින් නැවතත් මුහුදු ගිය ධීවරයෝ ඔවුන්ගේ ජීවනෝපාය රැඳී ඇති සමුද්‍රීය ජීවීන්ට සිදුව ඇති හානිය පිලිබඳ කනස්සල්ල පළ කර සිටිති. ඉන්දු-ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රයෙන් අල්ලාගත් මසුන් මිලදී ගැනීම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන බියෙන් වෙළෙන්දන් මාළු මිලදී ගැනීමට මැලිකමක් දක්වයි. මසුන්, ඉස්සන් සහ…

Read More

වෙරළට ගොඩගසන මුහුදු ජීවී දේහ ගැන ආණ්ඩුවෙන් පරස්පර කතා!

Sea creatures x press pearl fire environmental issues in sri lanka

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී  වෙළෙඳ නෞකාවක් ගිනි ගෙන මුහුදු බත් වීමෙන් පසු දැවැන්ත සාගර ජීවීන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිති. වෙරළට ගොඩ ගසා ඇති කැස්බෑවන් මියගොස් ඇත්තේ මුහුදු ජලය මත තිබු  තෙල් තට්ටු හේතුවෙන් බව වනජීවි අමාත්‍යවරයා පවසද්දි, වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කැස්බෑවන්ගේ මරණවලට හේතුව “වාරකන්” බවයි. රටේ විවිධ පළාත් වලින් මේ දින වල වාර්තා වන කැස්බෑවන්ගේ මරණ ධීවර අමාත්‍යවරයා විසින් බැහැර කර ඇත්තේ අසත්‍ය තොරතුරු ලෙසිනි. ධීවර අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නොවන බව ප්‍රකාශ…

Read More

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

arrested the captain of the stricken X-​Press Pearl

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක  ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී  නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි සැකයක් පවතින බව සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේදී ඊයේ (14) ප්‍රකාශ කර ඇත. නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ක්වප්ලෝ විටලී මහතා සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් කළ බවට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන්…

Read More

එක්ස්ප්‍රස් පර්ල් නැව අයත් සමාගම ලංකාවේ වසර 30 ක ගැණුම්කරුවෙක් !

Express Pearl's shipping company has been a buyer in Sri Lanka for over 30 years

මෙරට දී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගම මෙරටට ආගන්තුක නැව් සමාගමක් නොවන බවත්, අවුරුදු තිහක පමණ කාලයක සිට ලංකාවේ හොඳ ගණුදෙණුකරුවෙක් බවද නාවුක නීති විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා පවසයි. එසේම මෙම ගිනිබත් වූ නෞකාවේ රැගෙන ගිය භාණ්ඩද නීති විරෝධි නැති බවත් භාණ්ඩ ප්‍රවාහනය නීත්‍යානුකූල බවද ඔහු පවසා සිටියි. එසේම මේ නැව පැමිණෙන අවස්ථාවේ ලංකාවේ වරායේද අන්තරාදායක ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහාලුම් තිබූ බවත්,  නැව වරයාට පැමිණ ගිනි ගත්තේනම් මීට වඩා හානියක් සිදු විය හැකි බව පවසා තිබුණේ ඒ නිසා බවද…

Read More

නැව ගිලුනත් බෑන් චූන්ද? | MV X-Press Pearl නැවේ කතන්දරයේ නීතිමය පැතිකඩ

Read More