වර්තමාන ඩොලර් අර්බූදය හමුවේ තෙල්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සඳහා ඉන්දියාවෙන් ණය ගනිමින් සිටින ආණ්ඩුව එයට හිලව්ව ලෙස උතුරු මුහුද මසුන් මැරීම සඳහා දකුණු ඉන්දියානු ධීවරයන්ට නිදහස් කර ඇතිදැයි ප්‍රශ්නයක් බව උතුරේ ධීවරයෝ ප්‍රකාශ කරති.
පසුගිය කාලයේ දිගින් දිගටම ඉන්දියානු අධිබල බෝට්ටු උතුරු මුහුද ආක්‍රමනය කර ඇතැයිද උතුරේ ධීවරයන්ට ප්‍රහාර එල්ලකරමින් ඇතැයිද මේ නිසා උතුරේ ධීවර ප්‍රජාව අන්ත අසරණ අඩියකට වැටී ඇතැයිද කරුණු වාර්තා වෙන අතර ආණ්ඩුව එයට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වෙන බවක් පෙනෙන්නට නැත.
පසුගිය දා ඉන්දියානු ධීවර ප්‍රහාරයක් නිසා උතුරේ ධීවරයන් දෙදෙනෙක් මියගොස් ඇතැයිද කරුණු වාර්තා වෙන අතර වර්තමානයේ ඉන්දියානු ධීවර ආක්‍රමනය උත්සන්න වී ඇත. මෙම තත්ත්වය තුළ උතුරේ ධීවර ජනතාව නොසන්සුන් වී සිටින අතර එවැනි එක ධීවර විරෝධතාවයක් සමනය කිරීම සඳහා එහි ගිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දට ද එහිදී ජනතාවගේ බරපතළ විරෝධය එල්ලවී ඇත.