හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙන පැජට් පාරේ නිවස ඔහුට ස්ථිර වශයෙන්ම ලබාදීමේ කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මෙම නඩුව අද (29) දින විභාගයට ගත් අතර එහිදී එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය හිටපු ජනාධිපතිවරයාට මෙම නිල නිවස ස්ථිර වශයෙන් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණ අතර එහිදී පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ කොළඹ පැජට් පාරේ මෙම නිවස අයත් භූමිය සහ නිවස විශාල මූල්‍යමය වටිනාකමක් ඇති බවත් එය…
Read MoreTag: මෛත්‍රීපාල සිරිසේන
ආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..
වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙන අතර හෙට 8 වෙනි අගහරුවාදා පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රීලනීප නායකත්වය තීරණයකට එනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රීලනීප ආසන සංවිධායකවරුන් තම කැමැත්ත මෙසේ පළ කළත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මේ උචිත…
Read Moreශ්රීලනීපයත් යනවාද? තීරණය අද
කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග උද්ගත වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අණ්ඩුව සමග කටයුතු කරන සුළු පක්ෂ 11හේ කණ්ඩායම අද රැස්වෙන බව වාර්තා වෙන අතර මෙම හමුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවාද යනවාද යන්න බොහෝ දුරට තීරණය කරනු ඇතැයි ඉහත ප්‍රකාශකයා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේ සිටින නිමල් සිරිපාල ද…
Read Moreවිමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!
ලංකාව පිළිබඳව, මේ ගතවෙන කාලය පිළිබඳව මොකද හිතෙන්නේ? තෙල් පෝලින්, ගෑස් පෝලින්, විදුලිය නෑ, බස් නෑ, හාල් ගිනි ගණන්, ඒත් ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ ‘පැනික්’ වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒකෙන් පේනවා ආණ්ඩුව ආස්චර්යයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඇත්තටම මෙතනදී ආණ්ඩුව කියලා කියන්නේ රාජපක්ෂ පවුල් ගහා. මේ බලා සිටීම අස්සේ වෙන දේවල් මොනවාද? ඩොලර් කළු කඩය මේ අස්සේ නැඟලා යනවා. නැවක් ආවාම පිටකොටුවෙන් ඩොලර් හොයලා තමයි ගෙවන්නේ.(මුදල් ඇමති තුමා කියන්නේ එහෙමනේ). ඒ අස්සේ දැන් පෙට්‍රල් ෂෙඩ්ස් වල ‘වැඩකරන අපේ විරුවා’ සිංදුව දාගෙන මිනිස්සු නටනවා. මාර්තු 5න් පස්සේ, ජනාධිපති නොකපා කරන්ට් එක…
Read Moreචන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත. මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා මේ වනවිට දේශපාලන නායකයෝ බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්න අතරේ ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිහැඬියාවට හේතුව මෙයදැයි ප්‍රශ්නයක් බව එම විචාරකයින්ගේ මතයයි. මෙවැනි වටපිටාවක හෙට 14දා හවස 03ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාවේදී චන්ද්‍රිකා මැතිනියගේ ජීවිතය අලලා රචිත ‘චන්ද්‍රිකා’ නම් කෘතිය එළිදැක්වෙන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු…
Read Moreරාජපක්ෂලාට මෛත්රීපාලගේ ප්‍රජා අයිතිය මතක් වෙයි..?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව කල්පනා කරමින් සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නගරයෙන් නගරයට යමින් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වන නිසා මෙය වහාම කළ යුතුබව පොදුජන පෙරමුණේ මතය වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව තුළ තබාගැනීමේ උවමනාවක් පොදුජන පෙරමුණට නැති බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ මතය වී ඇති අතර ඒ අනුව ශ්රීලනීපයට විරුද්ධව තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා පෙළඹවීමට පොදුජන පෙරමුණ කටයුතු කරනු ඇත. මේ අනුව පාස්කු කොමිසමේ නිර්දේශ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාත්මක වේවියැයි ආණ්ඩුව දෙසින් එන තොරතුරු කියාසිටී.
Read Moreමට ෂුවර් සුසිල්ට තියපු අත ලංසට තියන්නේ නෑ
සුසිල් ප්‍රේමජයන්ත පොළේ ගොස් ආණ්ඩුව විවේචනය කළ පමණින් ඔහුව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් සුසිල්ට දවස් තුනකට කළින් ආණ්ඩුව විවේචනය කරමින් හයේ පහරවල් දෙකක් ගැසූ නිමල් ලංසා අමාත්‍ය ධුරයෙන් නෙරපන්නේ නැති බව තමන්ට ෂුවර් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. වර්තමාන ආණ්ඩුව ගොවියා සහ කෘෂිකර්මය නැත්තටම නැතිකර කුඩුපට්ටම් කර දැමූ බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා තනතුරින් පහකළත් ගෑස් අනතුරු නිසා ලිට්රෝ සභාපතිට තියා අධ්යක්ෂ මණ්ඩලයටවත් ඉවත්වෙන්න යැයි ජනපති නොකී බව ප්‍රකාශ කළේය. නිමල් ලංසා ආණ්ඩුව විවේචනය කළත් ජනාධිපති ඔහු සම්බන්ධයෙන් පියවර නොගන්නේ ඔහු බොහෝ දේවල් දන්න…
Read Moreචීනය යළි මෛත්‍රී පාලනයකට කැමතී වගේ!
චීන තානාපති කී සෙන් හොංග් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවසේදී හමුවෙමින් චීන ජනාධිපති ෂී ජිං පිං ගේ අලුත් අවුරුදු සුබ පැතුම හිටපු ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇත. මෙම හමුවේදී චීන තානාපති සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සාකච්ඡාවක් පැවතී ඇති අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල අනාගතය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ලැබේ. පොහොර ප්‍රශ්නයත් සමග චීන රජය සහ වර්තමාන ආන්ඩුව අතර යම් මතබේදකාරී තත්ත්වයක් උද්ගත්ව ඇති අතර එවැනි අවස්ථාවක මෙම හමුව සුවිශේෂ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!
“IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්රජාතන්ත්රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ? වගේ ඒවා. දැන් අපි දකිනවානෙ සියලු නඩුවලින් සැකකරුවන් නිදොස්කොට නිදහස් කරනා. ඕවා තමයි IMF බලන්නෙ. අපට ලකුණු හම්බුවෙන්නෙ ඕවාට තමා. කවුද අපිව බේරාගන්න එන්නේ ? අද අපි ඉතාම නරක තැනක අපි ජීවත් වෙන්නෙ. වංචාව, දූෂණය, නාස්තිය, සහ බලය අයතු ලෙස පාවිච්චියට ගැනීම මේ කියන බරපතළ කරුණු ගත්තාම අපට ගොඩ එන්න බෑ. අපි වෙනුවෙන් කවුරුත් ඉදිරිපත්…
Read More“මෛත්‍රී ජනපති උනේ ඇමරිකන් උවමනාවට” – නවීන් කියයි.
ශ්‍රී ලංකාවේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍යවරයෙක් පවසයි. නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මෙම හෙලිදරව්ව කළේ පසුගිය දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි වනු ඇතැයි සළකනු ලැබීම නිසා, 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විය යුත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පුද්ගලයකු බවට දැනුම් දුන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව, නවීන් දිසානායක ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපතිනිය විසින්…
Read More