ශ්‍රී ලංකාවේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍යවරයෙක් පවසයි.
නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මෙම හෙලිදරව්ව කළේ පසුගිය දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි වනු ඇතැයි සළකනු ලැබීම නිසා, 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විය යුත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පුද්ගලයකු බවට දැනුම් දුන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව, නවීන් දිසානායක ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපතිනිය විසින් එවකට සෞඛ්‍ය අමාත්‍ය පදවිය දැරූ මෛත්‍රීපාල සිරිසේන ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා විය යුතු යැයි යෝජනා කළ විට, එම වකවානුවේ රනිල් වික්‍රමසිංහ විසින් ඇමරිකාවේ සංචාරයක් නිරතව සිටියදී මෛත්‍රීපාල එහි යාමට කටයුතු යොදන ලද්දේ ද ඇමරිකාව විසින්ම බව ඔහු එහිදී තව දුරටත් සඳහන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ විසින්, සිරිසේනගේ පොදු ජනාධිපති අපේක්ෂකත්වයට එකඟ වූයේ මෙම ඇමෙරිකානු සංචාරයේ දී සිරිසේන හමුවූ පසුව බව නවීන් දිසානායක හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.