පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එරට මාධ්‍ය. පුවත් සේවය වාර්තා කරයි. පාකිස්තාන හමුදාපති සහ හමුදා ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. එම හමුවේදී හමුදාව කිසිම අවස්ථාවක තමන්ට බලයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් නොකළ බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. තමන් බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණය කරනවා යැයි ඉම්රාන් ඛාන් චෝදනා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන්…
Read MoreMonth: March 2022
ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.
පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුවයි. පවතින ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය සමග රජයේ රෝහල් රැසක ප්‍රතිකාර මෙන්ම රෝග පරීක්ෂණ කටයුතු වලට බාධා එල්ල වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
Read Moreසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ඉල්ලා අස්වෙයි!
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශර්මිලා රාජපක්ෂ ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. ඒ පිළිබදව විමසීමේදී, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අනුව තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශර්මිලා රාජපක්ෂ පැවසීය. කෙසේවෙතත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ. ආරංචි මාර්ගවලට අනුව ඔහු අද වැඩ භාර ගැනීමට නියමිතයි. ප්‍රේමකාන්ත මහතා පත්වීමට පෙර අතිරේක වන සංරක්ෂණ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
Read Moreඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!
ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටළු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය. වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි…
Read Moreචොකා මල්ලිත් නිදොස්කොට නිදහස්…
මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ…
Read Moreලංකාවේ තියෙන දරිද්‍රතාවයට ගැලපෙන්නේ Rock music
තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න
ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.. ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට ඉදිරිපත් කළේය. ඒ අනුව 077-7414241 යන දුරකතන අංකය මඟින් අදාළ ප්රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙස ද ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පැවසීය. බෝහෝ දුරට ඉන්ධන හිඟයට විසඳුම් ලබෙන බවද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
Read Moreපකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග යෝජනාව ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත අතර දින 7 ක් ඇතුළත ඡන්දය විමසිය යුතු වේ. එමෙන්ම වත්මන් අග්‍රාමාත්‍යවරයා පාකිස්ථාන ආර්ථිකය විනාශ කර දමා ඇති බවට ඔහු චෝදනා කර සිටියේ ය. එරට විපක්ෂ නායක ෂෙහෙබාස් ෂරීෆ් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, අගමැතිවරයා පිළිබඳව පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බවයි. පාකිස්ථානයේ විපක්ෂ…
Read Moreජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන් ඇත්තේ රජයේ රෝහල් බව දැනගන්නට ලැබේ.
Read Moreගෑස් තවත් වැඩි වෙයි?
ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.
Read More