රැවුල නැතිනම් රස්සාව නෑ

මුහුණ පුරා රුවුල වවා නැති සියළුම රාජ්‍ය සේවකයන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් පාලනය තීරණය කර ඇති බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

ෂරියා නීතියට අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු බව තලේබාන් පාලනයේ ‘ශීල ප්‍රචාරණය සහ දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබුණි.

‘ශීල ප්‍රචාරණය සහ දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ යනු ඇෆ්ගන් වැසියන් තුළ ආගමික ගෞරවය ස්ථාපිත කිරීමටත්, යහපත් ශිෂ්ට සමාජයක් බිහි කිරීමටත් ස්ථාපිත කළ අමත්‍යාංශයක් බව තලේබාන් පාලනය පැහැදිලි කර තිබේ.

ඒ අනුව දින ඊයේ (28) සිට කාබුල් අගනුවර අමත්‍යංශවල රාජ්‍ය සේවකයන් රුවුල වවා තිබෙනවාද නැද්ද යන්න සෙවීමට නිලධාරීන් කණ්ඩායම් යෙදවූ බව ද වාර්තා වේ.

Social Sharing
නවතම විදෙස්