මේ වෙලාව කියලා කියන්නේ රටේ ඉතා තීරණාත්මක වෙලාවක්. රටේ නිර්මාණය වෙලා තියන ආර්ථික අර්බුදය හැම කෙනාටම දැනෙන්න පටන් අරන්. ලංකාවේ කන්න නෑ කියලා ජීවිත අවධානමත් නොසලකා උතුරේ මිනිස්සු ඉන්දියාවට පැනලා යන්නේ ඒකයි. හැම ක්ෂේත්‍රයකම මිනිස්සු අසරණ වෙලා. කරන්න පුලුවන් එකමදේ ආණ්ඩුව පලි ගහන එක විතරයි. ඕකුන්ට හෙන ගහපන් කියලා නොකියපු කටක් දැන් නැති තරම්.
ඇත්තටම මේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුයක් වෙලා. ඒක රටටම දැනෙන්න පටන් අරන්. රාජපක්ෂලාගේ දේශපාලනය. ලොකුකම්, පම්පෝරි ඔක්කොම ඉවරයි. තවමත් නොමේරූකමටද කොහේද නාමල්ගේ නං ගොං කතා අඩු වෙලා නෑ. දැන් ආණ්ඩුව ඇතුළේ අභයන්තර අර්බුදත් බරපතල විදිහට උඩු දුවලා ඉවරයි. පක්ෂ එකොලහේ සන්ධානය ආණ්ඩුවට විරුද්ධව දැනෙන ක්‍රියාමාර්ගයක් නොගත්තට ඇති වෙන්න බනින්න එක නම් කරනවා. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ ජේෂ්ඨයෝ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යන බව ආරංචියි.
තව ටික දවසකින් ශ්‍රීලනිපය ජනාධිපති එක්ක ගත්ත ජොලියත් අවසන් වීමට නියමිතයි. විපක්ෂයත් අරගලකාරී තැනකට ඇවිත්. ඒත් ඉතින් වෙන වෙනම කුලල් කා ගනිමින් කරන අරගල තමයි ඒවා. සජිත් වෙනමත්, අනුර වෙනමත් ජානාධිපතිකම ගන්න මිරිගුවක් පස්සේ දුවනවා. රනිල් මේ අර්බුදය පාවිච්චි කරලා රාජපක්ෂලා යටත් කිරීමේ මෙහෙයුමක් දියත් කරලා. ඒ අතර ආණ්ඩුවේ 113 නැති කිරීමේ මෙහෙයුමකුත් ක්‍රියාත්මකයි. ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.
ඊළගට මේක කොයි වෙලේ හරි ජාතික ආණ්ඩුවකින් කෙලවර වෙන්න බැරි නෑ. රාජපක්ෂලා එහෙම වෙන්නේ නෑ කිව්වට ඒවා එච්චර ගනන් ගන්න එපා. රාජපක්ෂලාට තියෙන්නේ කබර දිවක්. ඒ කියන්නේ දිව දෙකක්. පහුගිය කාලේ IMF යන්නේ නෑ කියලා දස අතේ දිවුරපු රාජපක්ෂලාමයි දැන් උඩ දාගෙන IMF ගිහින් තියෙන්නේ. අර ඒ දවස්වල රාජපක්ෂලාට IMF යන්නේ නෑ කියලා රටේ රාළට අභියෝග කරලා ලිපි ලිව්ව පෙරමුණේ රාළලා දැන් කොහේද දන්නේ නෑ. රටේ මිනිස්සුත් මේ තත්වයට උත්තරයක් ඉල්ලනවා. ඇත්තට ජනතාව කියන්නේ කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න කියලා.
සිංහල අවුරුද්දට සහන දෙනවා කිය කියා මේක බසිල්ටවත්, මහින්දටවත් තවදුරටත් ගෙනියන්න බෑ. ඇත්තටම ළගදීම හොඳට හරි නරකට හරි දේශපාලන පෙරැළියක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මීටත් වැඩිය නරක එකක් වෙලා නං වැඩක් නෑ. වෙන්න ඕනි රටට හොඳ දෙයක්. ඒ කියන්නේ වෙන්න පුළුවන් එකේ උපරිම හා අවම සීමාව අපි අඳුරගන්න ඕනි.
මේක ජාතික ආණ්ඩුවක්, තව තවත් ඒකාධිපති ආණ්ඩුවක්, එහෙමත් නැත්තං මීටත් වඩා බෙලහීන ආණ්ඩුවක් හැදිලා නං වැඩක් නෑ. අවම දේවත් කරන ආණ්ඩුවක් වෙන්න ඕනි. ඒ කියන්නේ රට ආරක්ෂා කර ගනිමින් ආර්ථික වශයෙන් ජනතාවට සහන ලැබෙන පැත්තට රට හරවන්න පුළුවන් ආණ්ඩුවක්. ඒක ඇතුළේ ඇත්තටම ප්‍රාතිහාර පාන්න කාටවත් බෑ. හැබැයි අවම දේවත් වෙන්න ඕනි.
බලන්න ඉන්දියාව ත්‍රිකුණාමලය අල්ලලා තියන හැටි. කන්තලෙන් ආසියාවේ ලොකුම ඉස්කාගාර හදන්න ඉන්දියාවට අක්කර 20000 යි. සාම්පූර් ඉන්දියාවට, තෙල් ටැංකි ටික ඉන්දියාවට, ත්‍රිකුණාමල මුහුදු තීරයේ සමුද්‍ර තොරතුරු අධීක්ෂණ පාවෙන දත්ත ගබඩාවක්. ඔත්තු බලන ගුවන් යානා. ඔක්කොම කරන්නේ ඉන්දියන් ආයතන. හෙට දවසේ උතුරේ හා ඉන්දියන් ධීවරයින් අතර ගැටුම් පාලනය කරන්න කියලා ඉන්දියන් නාවික හමුදාව යෙදෙව්වොත් ඒ ගැන පුදුම වෙන්න එපා. අපේ රටේ මුහුදු කලාපය නිරීක්ෂණය කිරීමේ සම්පුර්ණ අයිතිය ඉන්දියාවට දීලා. තානාපති වරප්‍රසාදත් එක්ක.
ඇත්තටම අපි දැන් ඉන්දියාවේ යටත් වැසියෝ කියලා හිතා ගත්තට කමක් නෑ. මොකද අපිට ජිඩිටල් අයිඩෙන්ටියත් දෙන්න සල්ලි වියදම් කරන්නෙත් ඉන්දියාවෙන්. එයාලා රැස්කරන දත්ත තුන්වෙනි පාර්ශවයකට දෙන්නේ ශ්‍රී ලංකා රජය එකඟ උනොත් විතරයයිලු. බම්බුව තමයි. අනික රාජපක්ෂලාගෙන් ඉන්දියාවට මොනවද කරගන්න බැරි. වැඳලානේ පාවා දෙන්නේ. මේ පාවාදීම නවත්තන්න නං අනිවාර්යයෙන්ම රාජපක්ෂලාට ගෙදර යවන්න ඕනි. ගෙදර යවන්න බැරි නම් අඩුම ගානේ රාජපක්ෂලා නිෂ්ක්‍රීය කරන්න ඕනි.
එකට ඉතින් රටේ රාළ යෝජනාව කරන්නේ ඉතිරි කාලය, ඒ කියන්නේ මහ මැතිවරණයක් තියන්න නීතිමය හැකියාව එනකං මේ රට අන්තර්වාර ආණ්ඩුවක්, එහෙමත් නැත්තං භාරකාර ආණ්ඩුවක් යටතේ තියෙන්න ඕනි. ඇත්තටම එහෙම එකඟතාවයක් එන්න පුළුවන් තත්වයක් නිර්මාණය වීමේ විභවතාවයක් තියනවා. හැබැයි ඒකට විපක්ෂය ශක්තිමත් වෙන්න ඕනි. ඇත්තටම රටේ රාළ මිට ඉස්සෙල්ලා කියලා ඇති සර්ව පාක්ෂික සමුළුවක් ඕනි දැන් විපක්ෂයට කියලා.
ඒ රාජපක්ෂලා එලවන්න. ඒක හදන්න දැන් පුළුවන්. රටේ රාළ කියපු කතාව ඊයේ පාඨළීත් කියනවා දැක්කා. ඒ වගේම පොදු එකඟතාවය කියන කතාව රනිලුත් කියනවා. ඒක දිගටම කිව්ව කණ්ඩායමක් තමයි කරූගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය. ශ්‍රීලනිපයත් ඒක කිය කියා හිටලා අන්තිමට රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න ගියා. ඊට අමතරව රටේ බොහෝ දෙනෙක් ඒ යෝජනාවේ ඉන්නවා.
ඒ යෝජනාව තවමත් එකඟ නැත්තේ ජනාධිපති කුලප්පුව හැදිලා තියන සජිතුයි, අනුරයි විතරයි. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ ඉන්න ගොඩ දෙනෙක් ජාතික වශයෙන් හැදෙන පොදු එකඟතාවයකට එකඟ කරගන්න පුළුවන්. රටේ රාළ එක්ක කතා කරපු ආණ්ඩුවේ කිප දෙනෙක් ඒ අදහසට එකඟයි. ඊළඟට ඒකට හොඳ අවස්ථාවක් නිර්මාණය වෙලා තියනවා. ප්‍රශ්නය තියෙන්නේ කවුද ඒකට පුරෝගාමී වෙන්නේ කියන එකයි.
ඇත්තටම මේ වෙලාවේ දේශපාලන පක්ෂයක් මූලිකවීම ප්‍රායෝගික නෑ. ඒ වගේම ස්වාධීන චරිත කියලා බොරුකාරයෝ බැහැලත් වැඩකුත් නෑ. ඒක කරන්න පුළුවන් භික්ෂූ චරිතයක් පේන තෙක්මානෙක ඇත්තේ නෑ. ඇත්තටම මේ මොහොතේ ඒක කරන්න පුළුවන් සුදුස්සා කරූ ජයසූරිය. එයාට ඒ සුදුසුකම තියනවා. ඒ පිරිසිදුකමත් තියනවා. ඒ විශ්වාස කරූට ගොඩනගන්න පුළුවන්. හරි නං දැන් කරූ වැඩේට බැහැලා තියෙන්න ඕනි.
ඇත්තටම කරූට කරන්න තියෙන්නේ පොදු යෝජනා රාමුවක් හදාගෙන දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡාවක් පටන් ගන්න එක. ඒක අවසානාත්මක යෝජනවලියක් නෙවෙයි. අවසානත්මක යෝජනාවකට එන්න හදන රාමුවක්. ඇත්තටම කරූ ඒ වැඩේ පටන් ගන්නවා නං ඒකට ඕනි බහුජන සහය මේ වෙලාවේ ලැබෙයි. සමහරවිට රාජපක්ෂලා එලවීම කියන සටන්පාඨය කරූට ගන්න බැරිවෙයි. හැබැයි මේ රට අවශ්‍ය පොදු එකඟතාවය කියන එක හදාගන්න කරූට මූලික වෙන්න පුළුවන්.
පළවෙනි වටය එහෙම කරලා දෙවෙනි වටයෙදී රටේ රාළ කියන විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුවකට යන්න පුළුවන්. ඇත්තටම වැඩේ හරියට ඉස්සුවොත් රාජපක්ෂලා එලවන්න බැරි උනත් යම් වැඩපිළිවෙලකට යටත් කරගන්න පුලුවන් වෙයි. රටේ රාළ නං ඉන්නේ රාජපක්ෂලා එලවන්න ඕනිමයි කියන තැන. ඇත්තටම පාර්ලිමේන්තුව ඇතුළේ කොයි මොහොතේ හරි පෙරලියක් වෙන්න පුළුවන්.
පොහොට්ටුව ඇතුළේ පනහක් හැටක් දැන් ඉන්නේ ආණ්ඩු විරෝධී ස්ථාවරයක. ඒක නිසා කොයි වෙලේ හරි මේ ආණ්ඩුව සෙට්ට පෝච්චි වෙන්න පුළුවන්. ඒ වෙනකොට රට පොදු එකඟතාවයකට ගෙනත් තියන්න පුළුවන් නම් හොඳයි. නැත්තං රාජපක්ෂලා එලවන්නම පොදු එකඟතාවයක් හදාගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒ වගේම එහෙම පොදු එකඟතාවයකට එකඟ නොවෙන විපක්ෂයේ කණ්ඩායම්වලටත් රටේ ජනතාව නියම උත්තරයක් දෙයි.
මොකද මේ අවස්ථාව කියන්නේ විපක්ෂය බෙදී ගහගතයුතු වෙලාවක් නෙවෙයි. අනිවාර්යෙන්ම විපක්ෂය සමගි වෙලා රට ගලවා ගතයුතු වෙලාවක්. ඇත්තටම එහෙම රට ගැන නොහිතන බලවේග ජනතාවට හෙළිකරන්න ඕනි. අපේ රට මේ මොහොතේ තියන තත්වය වැටහෙනවා නම් රට ආදරේ කිසිම කෙනෙකුට මේ තත්වය තවදුරටත් මෙහෙම යන්න දීලා බලා ඉන්න බෑ.
කරූට තියෙන්නේ ඒ වගකීම ජාතියට පෙන්වා දෙන ඔහෝෂධ භූමිකාව අතට ගන්න. අප්පච්චිගේ භූමිකාව. හැබැයි මහින්ද වගේ අප්පච්චි කෙනෙක් නං නෙවෙයි. ඒයා අප්පච්චි කියන නමටත් කැලලක් එකතු කළා.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.
මීට
රටේ රාළ.