තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත..

ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට ඉදිරිපත් කළේය.

ඒ අනුව 077-7414241 යන දුරකතන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙස ද ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පැවසීය.

බෝහෝ දුරට ඉන්ධන හිඟයට විසඳුම් ලබෙන බවද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම