බෙහෙත් නෑ, ඔපරේෂන් නවතී

බහෙත් වර්ග සහ ශල්‍යකර්මවලදී අවශ්‍ය වන ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල සිය ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ.

අනෙකුත් බොහෝ රෝහල් තුළ ද අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ගවල දැඩි හිඟයක් පවතින බව වාර්ථා වෙන අතර මෙම හේතුව නිසා රෝහල්වලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයන් වලට ලක්වී ඇත.

ඩොලර් හිඟය සමග මෙම තත්ත්වය උදාවී ඇති අතර ඉන්දීය ණය ආධාර මත බෙහෙත් වර්ග රෝහල්වලට ලැබෙන වා යැයි කීවත් තවමත් එම ලැබෙනවා කියන ඖෂධ තොග ලැබී නැත.

Social Sharing
නවතම