1993 දි ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වුණා. funeral එක තිබුනෙ බොරැල්ල කනත්තෙ. ඒක ඇත්තටම මළ ගෙදරකට වඩාදැවැන්ත ජනතා විරෝදයක් වුණා පැවති පාලනයට විරුද්ධව. හිතාගන්න බැරි තරන් ලොකු ජන ගංගාවකින් පාරවල් වැහුන හමුදාමර්දනය උපරිමව තියෙද්දිත්. එතන පක්ෂ කතා තිබුනෙ නෑ. මිනිස් සමූහයක් එකතු වුණා පැවතුන මර්දනයට පීඩනයට විරුද්ධව. එක වෙලාවක කනත්ත ළඟ වෙච්ච තෙරපීමකදි අපිව තල්ලු වෙලා ගිහිං අර විසාල කනත්තෙ තාප්පෙ වැදිල තාප්පෙ කඩාගෙනවැටුන. මිනිස්සු වියරු වෙලා හිටියෙ සිද්ධවෙන හැම දේකින්ම.
කැඩුන තාප්පෙ ගල් අරගෙන කැරලි මර්දන හමුදා වලට ගහන්න පටන් ගත්ත. හමුදාවෙන් ජීව උණ්ඩ වලින් වෙඩි තියද්දි ගඩොල්බාග අරං ඒ දිහාවට දුවන මිනිස්සුන්ව මං එදා තමයි දැක්ක. ඇස් ඉස්සරහම වෙඩි වැදිච්ච මිනිස්සු ලේ පෙරාගෙන වැටෙද්දි තවඑවුන් ගල් අරගෙන ඒ දිහාවට දුවනවා. ඒ අවස්ථාව හිතා ගන්නත් බෑ.
AL විභාගෙට මාස 2-3ක් තියෙද්දි ගෙදරට බොරු කියල එතන්ට ගියපු මං, ලොකු මාර ගහකට මුවා වෙලා බලං හිටියා විතරයි.
ඒ වගේම ජනතා අරගලයක් උනා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයගෙ funeral එකේදිත්. එතනත් පක්ෂ මැදිහත්වීම් තිබුනෙනෑ. කවුද අඳුර ගත්ත එතන හිටපු දයාන් ජයතිලකව. පොර ඒ කාලෙ රෙදි නැතුව කඩේ ගියා පැවතුන ක්‍රමයට. ඊට පස්සෙ මිනිස්සුපොරගෙ ඇඳුම් ගලවල යැවුවෙ. ගුටි කාගෙන ගලබොඩ හාමුදුරුවෝ එතනින් දුවන්න ගිහිං සිවුර අස්සෙ ගහගෙන හිටපුපිස්තෝලෙත් වැටිල තිබුන.
මේව ලිවුවෙ නිකං නෙවෙයි. අපි ඉතිහාසය ඉගෙන ගන්නෙම ඉතිහාසය repeat වෙන නිසානෙ. මේ දේවල් ආයිමත් සිද්ධ වෙනලකුණු පේනවා.
ජනතාව නැගිටිය යුතුම මොහොතක් මේක. හැබැයි අර වගේ ලේ හැලීම් පුළුවන් තරම් අවම කරගත යුතුයි. ඒ මැරුණ ජීවිත හැමඑකක් වටේටම උන්ට ආදරේ කරපු කවුරුම හරි ඉන්න ඇති. අරගල නොකර පැවැත්මක් නැති කාලයක් ඉස්සරහට එන්නෙ. හැබැයිජීවිත හානි අවම කරගන්න පුළුවං හැම දෙයක්ම කරන්න ඕනේ.
තැන තැන සිද්ධවෙන සුළු පරිමාණ විරෝදතාවලට වඩා විශාල සංවිධානයක් පොදු දැක්මක් එක්ක පාර්ශව ගණනාවක මැදිහත්වීමෙන් කෙරෙන දැවැන්ත විරෝදතවලදි රටවල් ගානක කැමරා, ඩ්‍රෝන් ඉස්සරහා වෙන්න පුළුවන් ඝාතන හිංසා අවමයි.1993 වගේ දහස් ගුනයකින් තාක්ෂණය දියුණු කාලෙක ඒ හැම දෙයක්ම ජීවිත පරිස්සන් කරගන්න යොදාගත යුතුයි. හැම අරගලයකටමවඩා වටින්නෙ මනුස්ස ජීවිත.
ප.ලි. – මේ වෙලාවෙ අරගල වලට හිනාවෙන, උපහාසයෙන් බලන කොටසක් ඉන්නව. තමන්ගෙ කකුල් දෙක ළඟටම ගින්න එනකන්ඒකට හිනා වෙවී වෙන කෙනෙක් ඇවිත් ගින්න නිවනකන් බලන් හිටපු පිරිස් ලෝකෙ හැමදාමත් හිටියා.
පවතින දූෂිත ක්‍රමයට විරැද්ධ වෙන ඕනෑම විරෝදතාවයකට කොන්දේසි විරහිතව හදවතින්ම ආචාර කරනවා.
පින්තූරෙ – 1953 හර්තාලෙ (නිදහසින් පස්සෙත් අපි හැමදාම හිටියෙ අරගල වල)
වරුණ රත්නභාරතීගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගතිමු.