බැසිල්ගේ ටිපි ටිප් බෙදිල්ල..!

පවුල් ලක්ෂ 31කට රුපියල් 5000 දීමනාව මාස දෙකක කාලයකට දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා කියලා මාධ්‍ය වාර්තා පළවෙනවා. ඇත්තටම අද රුපියල් 5000කින් පවුලකට මොකද්ද කරන්න පුලුවන්. හාල් කිලෝ එකක මිල අද වෙනකොට කීයද? සෑම බඩුවකම දෙගුණයක් හෝ තුන් ගුණයකින් මිල ඉහළ ගිහිං. මේ තත්ත්වය අස්සේ වෙනදට රුපියල් 50000කින් මාසේ කාපු පවුලකට ඒ මුදලින් අද කන්න වෙන්නේ මාස බාගයයි. ඒ කියන්නේ දවස් 15යි. දැන් ගැටලුව වෙන්නේ එම මාසික ආදායමට තව රුපියල් 5000ක් එකතුවුණ ගමන් වෙන වෙනස මොකද්ද කියන එකයි.

50000ක මුදල හතරෙන් බෙදුවාම 12500යි ගාන. ඒ කියන්නේ සතියක ජීවන වියදම. එතකොට අද වෙනකොට මේ වියදම ආසන්න වශයෙන් රුපියල් 25000ක් වෙලා. දැන් රුපියල් 5000ක් කියන්නේ මොන සොච්චමක් ද කියලා ඔබට හිතාගන්න අමාරු නැහැ. අද රුපියල් 50000කින් ජීවත් වුණ පවුලකට රුපියල් 5000ක් කියන්නේ සෑහෙන්නේ දවස් දෙකකට විතර. අද මාසේ ආදායම රුපියල් 50000ක් ගන්න පවුලක් කියන්නේ සාමාන්‍ය තත්ත්වයකට ජීවත් වුණ පවුලක්. ඒත් අද තත්ත්වය සෝචනීයයි. හිඟා කන මට්ටමට අද ඔවුන් වැටිලා. මේ 50000හේ රේඛාවෙන් පහළ ඉන්න පවුල් කීයක් නම් මේ පවුල් ලක්ෂ 31 අස්සේ ඉන්නවාද?

රුපියල් 50000කින් අමාරුවෙන් ජීවිතය ගැටගහගත්ත පවුලකට අද ජීවත් වෙන්න රුපියල් ලක්ෂයක් ඕනෑ. එහෙම බැලුවාම 50000ක හිඟයක්. හැබැයි රජය දෙන්නේ රුපියල් 5000යි ඒ කියන්නේ 1/10 යි. දැන් ඔබට තේරෙන්න ඕනී මේක විශාල බොරුවක් කියන එක. සල්ලි අච්චු ගහලා ආණ්ඩුවට කිසි කරදරයක් නැතුව මේක දෙන්න පුලුවන්. හැබැයි දුන්නා කියලා මේ පවුල් ලක්ෂ 31ට වෙන දෙයක් නෑ. ඒක නිකං ටිපිටිප් කනවා වගේ වෙයි. හැබැයි ඒකෙන් ආයෙත් මේ ආර්ථිකයට වෙන්නේ විශාල විනාසයක්. මේකෙන් පේනවා ආණ්ඩුව මේ අර්බුදය තවමත් නිසි ලෙස තේරුන් අරං නැහැ කියන දේ.

අද මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්න රුපියල් 5000ක් වීසිකරලා සමනය කරන්න ආණ්ඩුව හිතනාවනම් ඒක තවත් විහිළුවක් විතරයි.

Social Sharing
නවතම