ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුවයි.

පවතින ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය සමග රජයේ රෝහල් රැසක ප්‍රතිකාර මෙන්ම රෝග පරීක්ෂණ කටයුතු වලට බාධා එල්ල වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Social Sharing
නවතම