අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ. ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත් කරන ලද ප්රමුඛ පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාධරයකු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ සටහනකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි. නීතිඥ නාමල් රාජපක්ෂගේ අත්සනින් යුතුව…
Read MoreMonth: June 2021
වෙල්ගමගෙන් අලුත් පක්ශයක්?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නැඟීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. සමගි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුයේ හවුල්කාර පක්ෂයක් ලෙස බවත් සමගි ජන බලවේගයෙන් ජන්දය ඉල්ලුවද තමන් ශ්‍රී ලංකාකාරයෙකු බව අවධාරණය කර සිටියි. බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට අවැසි බවත් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන පක්ෂයක් නිර්මාණය කරන බවත් එය සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ගොඩනඟන බවද ඒ මහතා කියා සිටියි. මේ වන විට ඒ ගැන සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවත් එම සාකච්ජා සාර්ථක බවද පවසන…
Read Moreසැකකරුවන්ට වැඩිම වදහිංසනය වන්නේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය තුල – නීතිඥ අථිල අතාවුද
පොලිස් නිලධාරීන් සැමවිටම කටයුතු කරන්නේ ඔවුන්ගේ රාජකාරිය පිලිබඳ අධිතක්සේරුවකින් බවත් ඒ නිසාම ඔවුන් විවිධ උපකල්පන මත පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නීතිඥ අථිල අතාවුද මහතා පවසයි. පොලිසීය අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 24 ක් තුල මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු හෙයින් මේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය සැකකරුවන් වැඩි ලෙසම හිංසනයට පත් වෙන බව හෙතෙම කියා සිටියි. යම් උපකල්පන මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගෙන් පොලිස් කට උත්තරය ලබා ගැනීමේදීද පොලිසීය උත්සහ කරන්නේ ඒ උපකල්පනය තහවුරු වන ආකාරයෙන් බවත් ඒ නිසා ඔවුන්ගේ සැකය තහවුරු කර ගන්න ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරන බවද ඔහු පවසයි.…
Read Moreතිස්ස වැවේ කැනීම් කරන්නේ චීන හමුදාව නෙමේද?
හම්බන්තොට, තිස්සමහාරාම වැවේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් විදේශිකයින් පිරිසක් කැනීම් කරන ඡායාරූප පහුගිය දිනවල අන්තර්ජාලයේ දැකිය හැකි විය. මේ කවුද? මොනවද කරන්නේ ? කියා පැන අසමින් දමා තිබු එම ඡායාරූප සම්බන්ධව මෙරට විවිධ මත පළ වන්නට විය. මෙම පිරිස විශේෂයෙන්ම වැවේ බිසෝ කොටුව අසල හෑරීම සිදු කර තිබු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ කැනීම් පිලිබඳ ඔවුන් දැනුවත්ව නොසිටි බවකි. මේ පිලිබඳ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදියෙකු විසින් මතු කර තිබුණි. එහිදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ වැව ප්‍රතිසංස්කරණයේ…
Read Moreබංකොලොත් රූපවාහිනියෙන් වැඩක් ගනිමු\දරුවන්ට අධ්‍යාපනය දීම සඳහා වෙන්කරමු… – කේ. සංජීව
මේ දිනවල ගමේ දුවා දරුවන් පවුල් පිටින් කඳු තරණය කරමින් වනගත වෙමින් ගස් උඩ පැල් අටවමින් උස් ස්ථාන සොයමින් වෙහෙසෙන්නේ සැමට සමානව දෙනවා යැයි කියන අධ්‍යාපනයට ප්‍රවේශයක් හදාගන්න. අද ගමේ මිනිස්සු සහ දෙමාපියන්ට තිබෙන ප්‍රධානම ප්රශ්නය මාර්ගගත අධ්‍යාපනයට නැතිනම් ඔන්ලයින් අධ්‍යාපනයට ප්රවේශවීමට තිබෙන නොහැකියාවය. මේ අවහිරතාවයන්ට මූලිකම හේතුව දූරකථන සම්බන්ධතාවයන් සඳහා සිග්නල් නොමැතිවීම. සමහර තැනක සිග්නල් තිබුණත් ඩේටා ගන්න දුප්පතුන්ට සල්ලි නෑ. ඊළඟට ගමේ දුප්පතුන්ට තවමත් ස්මාට් ජංගම දූරකථන නැතිවීමත් ප්‍රධාන ප්‍රශ්නයක්. සමහර ගෙදරකට තිබෙන්නේ එකම එක ස්මාට් දූරකථනයක් විතරයි. හැබැයි ගෙදර දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එකම වෙලාවේ දරුවන් දෙදෙනෙකුට…
Read Moreපුරවැසියා නීතිය පිලිබඳ අවබෝධයෙන් අතිශය දුරස් පුද්ගලයෙක් වෙලා! (VIDEO) – සාහිත්‍යවේදී රවී සිරිවර්ධන
පොලිස් භාෂාවේ වෘත්තිමයභාවයක් නොමැති බවත් ඔවුන් සැකකරුවන්ට ආමන්ත්‍රණය කරන්නේම වැරදිකරුවන් බවට පත් කරමින් බව සාහිත්‍යවේදී රවී සිරිවර්ධන මහතා පවසයි. පොලිස් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයෙන් වැරදිකරුද/නිවාරදිකරුද කියා තීන්දුව ලබා දෙන තෙක් ඒ පුද්ගලයා සැකකරුවෙකු පමණක් වන නමුත් වර්තමානයේ පොලිසීය හැසිරෙන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා එම අවස්ථාවේදීම වැරදිකරුවෙකු බවට පත් කරමින් බව ඒ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. එම වීඩියෝව පහතින්…. -ශානි-
Read Moreනීතියේ ආධිපත්‍යය දුර්වල කරනු එපා – කොළඹ නීතිඥ සංගමය
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරාගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය කියා සිටියි. ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් අදාළ ජනාධිපතිවරයා අදාළ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රඥාවන්ත සහ විචාරශීලීව යැයි ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති ප්‍රකාර ඒ අනුව අනුගමනය කළේ ද යන්න දැනගැනීමට ජනාතවට අයිතියක් ඇති බවත් ඒ අනුව අදාළ ක්‍රියා පිළිවෙළ අනුගමනය කළේද යන්න සම්බන්ධයෙන් සහ වාර්තා,…
Read Moreවිවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනයට?
යල් පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළ අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා වෙත භාර දීම ඊයේ (28) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය. ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවති කමිටුවෙහි කැඳවුම්කාරිණිය ලෙස නීතීඥ මොක්ෂිනි ජයමාන්න මහත්මිය කටයුතු කරන අතර ඊට සාමාජිකයන් 12 දෙනෙකු ඇතුළත් විය. එකී කමිටුව විසින් නිදහසින් පසු…
Read Moreඅසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”
සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25 දින රාත්‍රියේ නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින් සැරසුණු 20ක පමණ පිරිසක් කිසිදු හේතු දැක්වීමකින් තොරව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැදවුම්කරු අසේල සම්පත් පැහැර ගෙන ගිය බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කරති. ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවේ සිදුවූ එම බලෙන් රැගෙන යාම සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය ජාලා අවුලුවා ලීමත් සමග ක්‍රියාධරයා තමන් බාරයේ සිටින බව පොලිසිය විසින් අනාවරණය කරන ලදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…
Read Moreඡන්දයේදී කාන්තා නියෝජනය නැංවීමට නැවතත් යෝජනා!
ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබේ. මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා 30%-70% අතර නියෝජනයක් සහතික කිරීමේ යෝජනාවක් මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලිඛිතව දැනුම් දීමට එම සංසදය තීරණය කර ඇත. මීට අමතරව පළාත් පාලන මට්ටමේ ඡන්ද 25% කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වන යෝජනාවක්ද, සියලු දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවෙන් 50% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට මැතිවරණ නීති රීති…
Read More