අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසර 6ක ධුර කාලයක් සඳහා නැවතත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබේ. එනම් මහ බැංකු අධිපතිවරයාධූර කාලය අවසන් වීමට පැවති අතර නව මහ බැංකු අධිපතිවරයෙකු නම් කිරීමේ බලය අගමැතිවරයා සතුවිය. එම නිසා මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ලිපියක් යොමුකර තිබුණි. කෙසේනමුත් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නන්දලාල් වීරසිංහ මහතා පිළිබඳව පැහැදීමක් නොමැති බවකි.
Read MoreCategory: නවතම
රෝද ගණන අනුව IOC අද තෙල් බෙදයි
ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් (30/06/2022) පහත ඇණවුම් යවා ඇති බව ලංකා IOC සමාගම පවසයි. Lanka IOC පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කරයි: රෝද 2 : රු. 1500/- රෝද 3 : රු. 2500/- රෝද 4 : රු.7000/- ( නිව්ස් පීඩියා )
Read Moreලංකාවට ආධාර දෙන්න බෑ- ජපාන තානාපති
තම රට මේ මොහොතේ ශ්‍රී ලංකාවට ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki ප්‍රකාශ කර ඇත. පසුගිය ජූනි 30 දා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ජපාන තානාපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවය. ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බව ද මෙහිදී ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ජපානය පසුගිය යහපාලනය කාලේ ලබාදුන් දුම්රිය පද්ධතිය ගෝඨාභය රාජාපක්ෂ ජනාධිපති වූ පසුව අවලංගු කළ…
Read Moreකිවුලේගෙදර මොහොට්ටාල, 1818 සටන හා නූතනත්වය
ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ. කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ ඉන්නවා. කිවුලේ තමයි සටන පටන් ගන්න මුල්ම පණිවිඩය ලියන්නේ හා රජ වෙන්න කියල පොල්වත්තේ උන්නාසේට බල කරන්නේ. මට කැප්පෙටිපොළ පේන්නේ රනිල් වික්‍රමසිංහ වගේ. එයා නුවර ඉංග්‍රීසි ආයුධ ගබඩාවෙන් තුවක්කු 20 අරගෙන සුළු සෙබල මුළක් සමඟ වෙල්ලස්සේ කැරැල්ල මැඩීමට පිටත් වුනා කියල හෙන්රි මාර්ෂල් ලියනවා. මම ගණනාථ (ඔබේසේකර) ගේ වැද්ද පර්යේෂනයේ සහායකය හැටියට සිටිද්දී යල්කුඹුරේ (බිබිල)…
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි
– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වීම මේ මොහොතේ දේශපාලනීක වශයෙන් වැදගත් වීමට හේතු ශ්‍රී ලංකාව සමග ජා.මූ.අ. නියෝජිත පිරිස විසින් පවත්වන ලද දසදින සාකච්ඡාවලින් අනතුරුව කිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් විය: “මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත් කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි.” “In this context, discussions focused on designing a comprehensive economic program to correct the macroeconomic imbalances, restore public…
Read Moreආණ්ඩුව IOC එකෙන් ඩීසල් ඉල්ලයි
ලංකා ඉන්දියන් ඔයිල් ( IOC ) සමාගමෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
Read Moreඇමරිකාවෙන් සහය දෙන්නේ විනිවිදව කටයුතු කළොත් විතරයි
ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කරගතහැකි බව ද ඇය තවදුරටත් පවසා ඇත.
Read Moreලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?
කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ. නමුත් තමන්ට එම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසන ඔහු තමන්ගේ නමට සමාන නමක් ඇති වෙනත්පුද්ගලයන් සිටිය හැකි නමුත් නියත වශයෙන්ම ඒ තමන් නොවන බව ටිවිටර් ඔස්සේ ප්‍රකාශ කර ඇත.
Read Moreසීමා මායිම් ලකුණු කිරීම..!
‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ? චිත්‍රපටය ‘ගුරුගෙදර’. ලෝ ප්‍රකට සිනමාවේදී බර්ග්මාන් 1982 දි අධ්‍යක්ෂණය කරපු Fanny and Alexander චිත්‍රපටය ගැන හාංකවිසියක් නොදැන සිටි දූපතකට 1990 දි විජය ධර්ම ශ්‍රී විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කරපු ‘ගුරුගෙදර’ නැවුම් සහ අපූර්ව අත්දැකීමක් වුණා. කතාවේ හැටියට අර්ජුන් කියන්නේ විවාහක එක්දරු පියෙක්. අර්ජුන් විදියට රවීන්ද්‍ර රන්දෙණියත් ගුරුවරියක වන ඔහුගේ බිරිඳ ලෙස…
Read Moreහොට් චොකලට් සහ ගූඪ ලිංගික දිවිය..!
සෑම කෙනෙකුගේම ජීවිතයේ අඳුරු ප්‍රදේශ (Blackout Areas) තිබීම ජීවිතයේ සත්‍ය ස්වාභාවය. නමුත් බහුතරය තම තමන්ගේ ඊගෝවේ ප්‍රමාණය අනුව ඒවා සඟවා තබාගන්නට උත්සාහ දරනවා. ඒක ජීවත්වීමේම එක් කොටසක් බවට පත්වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ තත්‍ය ජීවිතය සෑම අංශුමාත්‍රයකින්ම නිරාවරණය කළහැකිනම් ඔහු හෝ ඇය නිදහස් සත්වයෙක් බවට පත්වෙනවා. විශේෂයෙන් ලිංගික චරියාවන් හා බැඳුණු කොටස් ජීවිතයෙන් සඟවා තබාගන්නට අපි අඩුවැඩි වශයෙන් පෙළඹෙන්නේ අපට ලබාදී ඇති සමාජ – සංස්කෘතික අවකාශය විසින් අපි තත්වාරෝපණය (Condition ) කර ඇති තරමට. සුරේඛා සමරසේන ගේ “හොට් චොකලට්” කෙටිකතා සංග්‍රහය මිනිසුන්ගේ ගූඪ ලිංගික ජීවිතය නිර්මාණාත්මකව නිරාවරණය කිරීමක්. එය කෙතරම් ස්වාභාවිකව…
Read More