කොළඹ අතුරුදහන්වීම් කිහිපයක තොරතුරු අනාවරණය වෙයි!

නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප කුල­පති ආචාර්ය රවී­න්ද්‍ර­නාත් ශිව­සු­බ්‍ර­ම­නි­යම් අතු­රු­දන් කිරීම පිළි­බඳ විම­ර්ශ­න­ව­ලදී කොළඹ සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල සිදුවූ තවත් අතු­රු­දන් කිරීම් රැසක් පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වෙමින් තිබෙන බව ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මීට අදාළ විම­ර්ශන සිදුකරන අතර, එහිදී අනා­ව­ර­ණය වී ඇත්තේ එල්ටී­ටීඊ සංවි­ධා­නය භාවිත කර­මින් සිටි­යදී රජයේ ආර­ක්ෂක අංශ භාර­යට ගත් වාහ­නද මේ අතු­රු­දන් කිරීම් සඳහා යොදා­ගෙන ඇති බවයි.

එසේ ආර­ක්ෂක අංශ භාර­යට ගත් වාහන රාජ­ස­න්තක කිරීමේ ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය කළ යුතු වුවද, එසේ නොක­රන ලද අවස්ථා පිළි­බඳ මීට පෙරද අනා­ව­ර­ණය විය.

අදාළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇති ආකා­ර­යට මේ අතු­රු­දන් කිරීම් කප්පම් සහ ඉඩම් මූලික කර­ගෙන සිදු වී ඇත.

කොළඹ නග­රයේ සහ ඒ අවට පිහිටි ඉහළ වාණිජ වටි­නා­ක­මක් සහිත ඉඩම් සහ දේපොළ ලබා­ගැ­නීම සඳහා මෙසේ ඒවායේ හිමි­ක­රු­වන් හෝ උරු­ම­ක­රු­වන් පැහැ­ර­ගෙන ගොස් ඇති බවත්, මේ අතු­රු­දන් කිරීම් පිළි­බඳ පොලිස් ස්ථාන­ව­ලට පැමි­ණිලි යොමුකර තිබේද, එසේ නම් එම පැමි­ණි­ලි­ව­ලට සිදු වූයේ කුමක්ද යන්න පිළි­බ­ඳව දැන­ට­මත් තොර­තුරු ලබා­ගැ­නීම ආරම්භ කර ඇති බවත් විශ්වාස කට­යුතු ආරංචි මාර්ග සඳ­හන් කරයි.

උපුටා ගැනීම Ceylon wire

Social Sharing
නවතම පුවත්