1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය!

1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය අවසන් පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් දැනට ධීවර හා කෘෂිකර්ම නොවන ස්වයංරැකියාවල නියුක්තිකයන් සඳහා විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීම අරමුණු කර ගනිමින් විවිධ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරයි.

මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභ ලබන ඉලක්කගත කණ්ඩායම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීමට මීට පෙර ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණි.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනටමත් සකස් කර ඇති පනත් කෙටුම්පතට පසුව හඳුනාගත් සංශෝධන ද ඇතුළත් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අදාළ යෝජනාව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙම සංශෝධනය මඟින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩි පිරිසකට ලබාගැනීමේ අවස්ථාව පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Social Sharing
නවතම පුවත්