
චෙම්මනි සමූහ මිනීවළේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු යටතේ සිදුකළ කැණීම්වලදී අලුතින් සැකිලි අවශේෂ 11ක් හඳුනාගෙන තිබේ.
එහිදී හඳුනාගත් සාක්ෂි අතර, ඇඟිලි අස්ථියක තවමත් රැඳී තිබූ තඹ මුදුවක්, හානියට පත් තවත් මුදුවක් සහ එකට ගැටී තිබූ සැකිලි අවශේෂ පොකුරු දෙකක් ද සොයාගෙන ඇත.
අධිකරණය විසින් දින 56ක කාලයක් සඳහා අනුමැතිය ලබාදුන් තෙවැනි අදියරේ කැනීම් කටයුතු මේ වන විට 35 වැනි දිනය දක්වා සිදුකර ඇති අතර, ඊයේ හඳුනාගත් සැකිලි 11ට අමතරව මීට පෙර හඳුනාගෙන තිබූ සැකිලි 7ක් සම්පූර්ණයෙන්ම ගොඩගෙන තිබේ.
චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධ පළමු, දෙවැනි සහ තෙවැනි අදියරේ කැනීම් කටයුතු මේ වන විට දින 89ක් පුරා ක්‍රියාත්මක කර ඇති අතර, එම කාලය තුළ සැකිලි අවශේෂ 431ක් හඳුනාගෙන ඇත. ඉන් 423ක් සම්පූර්ණයෙන්ම ගොඩගෙන අධිකරණ පරීක්ෂණ සඳහා භාරදී ඇති බව වාර්තා වේ.
