ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛය අභියෝගයට ලක් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභා කෙරේ!

කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය නීත්‍යානුකූලව වෙනස් කර ගැනීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම පෙත්සම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ගොනු කර තිබුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් නම් කර තිබූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අදාළ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබේ.

Social Sharing
නවතම පුවත්