පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය
මර්දනය කැඳවා ගන්නේ අපි
අපි හරියට ප්‍රශ්නෙ තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි, අපේ ඉතිහාසය තුළම රාජ්‍ය පිහිටවෙලා තියෙන්නෙ එහෙම නැත්නම් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කා වෙනුවෙන් ද කියන එක ගැන අපි හිතන්න ඕනේ. අපේ රාජ්‍ය ව්‍යුහය, රාජ්‍ය ස්වභාවයම තියෙන්නෙ බලවතුන්ව ආරක්ෂා කරන තැනක. ඒක පිළිගන්න සමාජයක් අපි තුළ තියෙනවා. එතකොට අර බලවතුන් එක්ක තියෙන සම්බන්ධතාවය හරහා තමයි අපිට යුක්තියක් ළඟා කරගන්න පුලුවන් කියන එකතමා පොදුවේ හිතන්නේ, නැත්තං අපිට පුරවැසියන් හැටියට කෙලින්ම අයිතියක් තියෙනවා යුක්තිය වෙනුවෙන්, යුක්තිය ඉල්ලා සිටින්න කියන ඒ ආකල්පයක් අපේ තුළ නැහැ කියලා මට හිතෙනවා. පුරුදු වෙලා තියෙන්නෙ රජය තියෙන්නේ, නීතිය තියෙන්නෙ, ආයතනය තියෙන්නේ බලවත්තු රැකගන්න. එතකොට අපේ මොකක් හරි අවශ්‍යතාවයක් කරගන්න පුළුවන් වෙන්නේ ඒ අය හරහා සම්බන්ධතාවයක් හදාගෙන කියලා අප තුළ අදහසක් තිබෙනවා. ඔන්න ඕක වෙනස් වෙන්න ඕන. මේ තුළින් තමයි අපේ මර්දනකාරී, අත්තනෝමතිකව හැසිරෙන දේශපාලනඥයින්යින් සහ මේ රාජ්‍ය ව්‍යුහය පවත්වාගෙන යාමට සමාජ අනුමැතිය ලැබිලා තියෙන්නේ. මං හිතන්නේ අපි වෙනස් කළ යුත්තේ මේ සමාජ අනුමැතියයි.
හැමෝටම ආපහු එන්න පුලුවන් වැඩසටහනක් ඕනෑ
රට ඉදලා එන්න ගියාම ටිකට් එකයි නිරෝදධානය PCR ටෙස්ට් ඔක්කොම ගත්තහම ලක්ෂ 4ක් 5ක් යනවා. ඒක ගෙවන්න පුළුවන් උදවියට තමා වැඩි අවස්ථාවක් තියෙන්නේ ආපහු රටට එන්න. ගෙවන්න බැරි අයට ඒ අවස්ථාව නෑ. අපි හැමෝම ගෙන්නනො කියලා කියනවා. හැබැයි ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ගෙවන්න පුළුවන් අය තමයි ගෙන්න ගන්නෙ. අපි මතු කරන්න හදන්නේ මේක ගෙවන්න පුළුවන් අය නෙවෙයි හැමෝටම ආපහු එන්න පුලුවන් වැඩසටහනක් තමයි අවශ්‍ය වන්නේ කියන එක. විශේෂයෙන්ම මුදල ගෙවන්න බැරි අයට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා රජය පැත්තෙන් කියන්න ඕනෑ.. විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් සහ ආයෝජනවලින් තමයි මේ රට දුවන්නේ. කම්කරු අමාත්‍යංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සල්ලි නැතුව නෙවෙයි. මුදල් තියෙනවා. මුදල් තියාගෙන ඉදලා හරියන් නෑනේ මේ අපදාව වෙලාවේ, ඒ සල්ලි මේ වෙලාවේ මිනිස්සු වෙනුවෙන් වැයවෙන්නේ නැත්නම් වැඩක් නෑ.
මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්
ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. වසංගත තත්ත්වයකට අපි මුහුණ දෙන විදිය වෙනස් විය යුතුයි. සමාජයීය පැත්තක් තියෙන, මානුෂීය පැත්තක් තියෙන දේකට, public health crisis එකට ආරක්ශිත security response එකක් දෙනවා කියන එකේම තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මේකේ තියෙන සංකීර්ණත්වයවත් තේරුම් ගන්න බැරුව, මේකේ තිබෙන විවිද පැතිකඩ තේරුන් ගන්න බැරුව ඒවාට ප්‍රතිචාර දක්වන්න බැහැ. මේකට අවශ්‍ය ඇත්තටම මහජන සෞඛ්‍යය ප්‍රතිචාරයක්. ඒක තමා මුලින්ම විය යුත්තේ. අවාසනාවකට ඒක වෙන්නේ නෑ. ඒ නිසා තමයි මේක මෙච්චර ජරමරයක් බවට පත් වෙලා තියෙන්නෙ, සෞඛ්‍ය පද්ධතිය සහ ආරක්ෂක පද්ධති අතර තියෙන තියන නොගැලපීම නිසා. එකට අපිට ආරක්ෂක අංශ වලට දොස් කියලා බැහැ. මේක ඔවුන්ගේ කලාපය නෙවෙයි, සෞඛ්‍ය අංශවලින් කියන එක ක්‍රියාත්මක කිරීම මිසක් ඒක පිළිබඳව තීරණ ගැනීම් ආරක්ෂක අංශවලට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි පිළිගන්න ඕන.
ඔබ ඇහුව ප්රශ්නය තමයි මේකට මධ්‍යම පාන්තික විරෝධයක් නැත්තේ ඇයි කියලා, ඒක දැනටමත් ඇවිත් තියෙන්නේ. මධ්‍යම පන්තියට මේක දැනෙන්නෙ බොහොම වෙලාවට ඔවුන්ට බලපාන මොහොතේ. දැන් ඒකත් තමන්ට බලපානන තැනට ඇවිල්ලා. අපිට පිළිගන්න වෙනවා මේක දැන් official අපිට කිව්වද නැද්ද, මේක අර පොකුර ද නැද්ද, පෑලියගොඩ පොකුර ද? මොන පොකුණ ද? කියලා වැඩක් නැහැ. ඒක ව්‍යාප්ත වෙමින් යනවා, ඒ කියන්නේ තවදුරටත් ඒක අර විශේෂ ප්‍රජාවන් අතර විතරක් නෙවෙයි, පොදුවේ අපි ඕන කෙනෙක්ට දැන් මේකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. දැන් මධ්‍යම පන්තියට තේරෙන්න පටන්ගනී මේකෙ තියෙන බැරෑරුම්කම. මේකට මේ විදියට ප්‍රතිචාර දක්වලා අපිට මේක විසඳන්න බැහැ කියලා. උදාහරණයක් හැටියට නිරෝධානය කියන එක. positive කියලා කවුරු හරි ආවොත් ඒ පුද්ගලයා ගෙනිහින් දානවා. ඒක දැන් ප්‍රශ්නයක් බවට පත්වෙලා. මධ්‍යම පන්තික අයට ඒක දැන් ප්‍රශ්නයක් වෙමින් යනවා.