
වර්තමානයේ මෙරට අධිකරණයන් තුළ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් පාඨලි චම්පික මහතාගෙන් විමසන ලද පැනයකට ඔහු සඳහන් කර සිටියේ මේ රටේ දෙවැනියට ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන යසන්ත කෝදාගොඩ මැතිතුමා, හෝමාගම විනිසුරුවරුන් අමතා සඳහන් කර ඇත්තේ නඩු ලක්ෂ 11ක් පවතින බවත් බෙඳුම් නඩුවක් විසඳීමට වසර 47ක් පමණ ගතවන බවයි. එමෙන්ම අජිත් මානප්පෙරුම මැතිතුමා 2017 වසරේ පාර්ලිමේන්තුවේ දී අධිකරණ පිළිබඳ වැදගත් පාර්ලිමේන්තු වාර්තාවක් ඉදිරිපත් කළ බවයි.
එම වාර්තාවේ හැටියට මෙරට නඩුවක් විසඳීමට වසර 17ක කාලයක් ගත වන බවත් එබැවින් අපරාධ නඩු, බෙදුම් නඩු, ඉඩම් නඩු වැනි නඩු සඳහා විශාල කාලයක් ගත වන බවයි. එබැවින් වාණිජ අධිකරණවල පවතින තත්වය මත ලංකාවට ආයෝජනයන් අහිමි වීමට එක් හේතුවක් බවද පාඨලි චම්පික මහතා පෙන්වා දීය.
තවද ඔහු පෙන්වා දුන්නේ අපගේ අධිකරණ ව්‍යූහයේ පවතින මෙම පමාව, වාර්තාවන ඇතැම් කරුණු වලින් හෙළිවන දූෂිත තත්වය හා බන්ධනාගාරවල තත්වය හා දුර්වලතා විශාල වශයෙන් ලංකාවේ අයෝජකයාට බලපෑම් වී ඇති බවයි.
එමෙන්ම ලංකාවේ අවුරුදු 17ක් තිස්සේ නඩු පැවරුවද දඬුවම් හිමිවන්නේ 3%ක වැනි ප්‍රමාණයකට බවත් ඉන්දියාවේ දී 56%ක වැනි ප්‍රමාණයකට දඬුවම් හිමිවන බවත් ජපානය තුළ 99%ක ප්‍රමාණයකට දඩුවම් හිමිවන බව එතුමා සඳහන් කර සිටියි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නා ඉන්දියාව, ජපානය වැනි රටවල් වල විධිමත් නඩු ඇසි
සම්පූර්ණ වීඩීයෝව පහතින්
Lanka Voice යූ ටියුබ් නාලිකාවේ පළකෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන් සැකසූ ලිපියකි.
