
ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති සංශෝධන කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත වී තිබෙනවා.
ත්‍රස්තවාදී මූල්‍යකරණය මර්දනය කිරීමේ සම්මුතිය සංශෝධන පනත් කෙටුම්පත සහ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත 2/3 කින් සම්මත වූ කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ සම්පූර්ණ නීතිමය පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරගත් සංශෝධිත පනත් කෙටුම්පත් 3ක් අද(9) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන තිබුණා.
මෙම සංශෝධිත පනත් කෙටුම්පත් තුනම ජූලි 9 දින පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇති අතර, විවාදයෙන් අනතුරුව ඒවා සියල්ලම සම්මත වූ බව ද කථානායකවරයා නිවේදනය කළේය.
උපුටා ගැනීම ITN News
