පරිපාලන සේවා අකැප කන්තලේ ආබාධ සහිත ප්‍රජාව.

පුරවැසියන් හා රාජ්‍ය පාලනය අභිමුඛ කරන්නාවූ ප්‍රධානම රාජ්‍ය ආයතනය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. පුරවැසිය අර්ථ දැක්වීමේදි ආබාධිත ප්‍රජාව මගහැරිය නොහැක, ඔවුන්ද ආණ්ඩු පත්කිරීමට හා බදු ගෙවීමට දායක වන ප්‍රජාවක් .අනෙකුත් පුරවැසියන්ට ලැබෙන්නා වූ සියලු සේවා පහසුකම් ආබාධිත ප්‍රජාවටත් උරුම විය යුතුය. එහෙත් කන්තලේ ප්‍රදේශයේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ජගත් රෝහණ මහත්මා කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා සැපයීමේදී නිරන්තරයෙන් අබාධ සහිත ප්‍රජාව වෙනස්කොට සැලකීම් වලට ගොදුරු වන බවයි.

කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන නිලයන් දරන ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරි, සැලසුම් අධ්‍යක්ෂ වැනි නිලධාරින්ගේ සේවා කාමර ඉහල මහලයේ පිහිටා තිබීමත අබාධ සහිත ප්‍රජාවට ප්‍රවේශය පහසුකම් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ජගත් රෝහණ මහතා පවායි. එමෙන්ම සමාජ සේවා අංශය යනු අබාධ සහිත ප්‍රජාව නිතරම සේවා ලබාගන්නා අංශයක් වන අතර එම අංශයේද ප්‍රවේශය පහසුකම් නොමැති බව ජගත් මහත්මා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොදු වැසිකිළිය රෙජිස්ට්‍රාර් අංශය හා වාහන බලපත් නිකුත් කරන අංශයන්ද පිහිටා ඇත්තේ පහසුවෙන් ආබාධ සහිත ප්‍රජාවට ළඟාවිය නොහැකි ස්ථාන වල බව අපගේ නිරීක්ෂණය අනුවද පෙනීගිය කරුණකි .

මේ පිළිබඳව අප මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කල අතර මේ වන තෙක් එකී පැමිණිලි සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත

Social Sharing
නවතම පුවත්