මාතලේ පිරිවෙනක සාමනේරවරු තිදෙනෙකු අපයෝජනය කළ විහාරයේ භික්ෂු පිරිසක් අත්අඩංගුවට!

මාතලේ විද්‍යාසේකර මහා පිරිවෙනේ නේවාසිකව ඉගෙනුම ලබන කුඩා සාමනේර හිමිවරුන් තිදෙනෙකුව වැඩිහිටි ස්වාමින් වහන්සේලා පිරිසක් විසින් ලිංගිකව අපයෝජනය කර ඇති බවට ඉකුත් ජූලි මස 09 වන දා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දරන උපකාරක මැදිරියට පණිවිඩයක් ලැබී තිබේ. ඒ අනුව ඉකුත් ජූලි මස 13 වන දා හිමිනමවරුන් දෙනමක් හා ගිහි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බරපතළ ලිංගික අපයෝජන සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා 2026 ජූලි 13 වැනිදා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන ජූලි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Social Sharing
නවතම පුවත්