
පළවෙනි එක තමයි මම කියන්නේ නෑ 2022 අර්බුදයක් තිබුණා කියන කාරණය. ඒ කියන්නේ 2022 යම් ප්‍රශ්නයක් තිබුණා ඒ ප්‍රශ්නය අපි හඳුන්වනවා නම්, අපිට කියන්න පුළුවන් ඒක මේ ණය අර්බුදයක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක විදේශ විනිමය අර්බුදයක්. ඒක 2022 දී තිබුණේ අපිට තිබෙන විදේශ සම්පත් ප්‍රමාණය ණය ගෙවීම, ආනයන කිරීම, ඒ වගේ දේවල් වලට අපිට මදි ප්‍රමාණයක්. ඒක තමයි තිබුන ප්‍රශ්නය.
නමුත් අනිත් අතට ආර්ථික අර්බුදයක් ගැන, ආර්ථික අර්බුදයක් ඇතිවෙන්නේ 2016. 2016 ඉඳලා ක්‍රමානුකූලව ගත්තොත් ආර්ථිකයේ වර්ධනය පහත වැටෙනවා, පහත වැටිලා 2020 දී, මගේ මතකය හරි නම් 2020 දී, මයිනස්, ඒ කියන්නේ සෘණ අගයකට ආර්ථික වර්ධනය වැටෙනවා. ආයේ 2021 පොඩ්ඩක් වැඩි වෙලා ආයේ 2022 හොඳට ම ආර්ථික වේගය සෘණ අගයකට ගිහින් ආර්ථිකය පහතට වැටෙනවා, ඒ නිසා ඇත්තටම ආර්ථිකය පහත වැටීම ආරම්භ වෙනවා මේ 2016 ඉඳලා, ඒක නිසා තමයි 2017 දී මං හිතන්නේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා ගැනීමට යන්නේ 2017 නැත්නම් 2016 අවුරුද්දේ.
එතකොට ඉතාමත් පැහැදිළි කාරණයක්. ඇත්ත තමයි අපිට විදේශීය විනිමය ප්‍රශ්නයක් තිබුණා. එය 2022 කියන අවුරුදු අර්බුදයෙන් ගොඩ එන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සල්ලි දීලා නෙමෙයි. ඒ ගොඩ එන්නේ ඉන්දියාව විසින් දුන්නා අපිට ඒකට කියනවා මේ ක්‍රෙඩිට් ලයින්, ඒ කියන්නේ ඉන්දියාව දෙනවා අපිට එහෙන් බඩු ගන්න පුළුවන් ඒක මං හිතන්නේ බිලියනයකට වඩා වැඩි වැඩි මුදලක් ලබාගෙන තියෙනවා. ඒක ලබාගන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්න කලින්.
ඒ වගේ ම මං දන්නෙ නෑ ඒක කොච්චර සත්‍ය කතාවක් ද කියලා. චීනය බිලියන දහයක ණයක් දීමට කැමැත්ත පළ කළා කියලා සමහර අය කියනවා, ඉතින් මම මේ පෙන්නන්න හදන්නේ අර 2022 ණය අර්බුදය සඳහා එකෙන් ණය ගෙවීම නතර කිරීම මගින් හෝ වෙනත් ක්‍රමයකින් මුදල් සොයා ගන්නේ නම් ඔය 2022 මූල්‍ය අර්බුදය එන්නේ නැහැ. හැබැයි ආර්ථික අර්බුදය නැති වෙන්නේ නැහැ. ඒක නිසා අපි මතක තියාගන්න ඕන කරුණ තමයි මේ 2022 අර්බුදයක් ඇති වුණේ ය, ඒ ඇති වුණේ අර්බුදයක් කියන එක ඇත්තටම අනුමාන මාධ්‍ය දාලා ඇති කරගන්නා ලද ප්‍රචාරක කතාවක් විදිහට තමයි මම දකින්නේ.
මම මේ කියන්නේ ගෝඨාභයගේ අඩුපාඩුවක් තේරෙන්නෙ නැතුව කියලා නෙමෙයි, මම කියන්නේ දැන් ණය ගෙවීම අර්බුදය ගැන කතාකරනවා නම්, ඒක ආවේ 2009 අප්‍රේල්වලදී විදේශීය ජාතික සම්පත් වල ප්‍රමාණය පහතට වැටීම නිසා. ඒකත් අර්බුදයක් හැදුණොත්, ඒ 2009 අප්‍රේල්වලදී, ඒ 2009 අප්‍රේල්වලදී ඉඳලා අපිට ලබාදෙන දෙයක් තමයි, මේ ණය මත තමයි ආර්ථිකය ගෙනිහිල්ල ඒ කියන්නේ, මුළුලොවෙම රටවල් ගත්තත් ණය අරගන්න එක ඉහළ ම මට්ටමට එන්නේ දැන් අපි ලංකාවේ මේ තත්ත්වය එක්ක තමයි අපි මේ international sovereign Bond කියන එකට යන්නේ. මට හරියට අවුරුද්ද මතක නෑ එක 2010 විතර අපි international sovereign Bond එකක් ගන්න පුළුවන් වුණා ම එක තමයි ඩොලර් බිලියන පහකට, එතකොට අපි ඩොලර් බිලියන පහක්මය ගත්තා. සමහරක් වෙලාවට හිතනවා. ඒක හුග ක් රටවල් කරන වැඩක්. ඒවා පේළියෙන් විකුණනවා. ඊට පස්සේ එනකොට ටික ටික අපි තවත් අරන් බොන්ඩ් කරනවා රනිල් වික්‍රමසිංහගේ කාලේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ උපදෙස් පිට අපි බිලියන 11ක සවරින් බොන්ඩ් නිකුත් කළා. ඇත්තට අපේ ගාන දැන් බිලියන 17 කට 18කට ඔන්න ඕක තමයි මේ ණය අර්බුදය හේතුව. අපි ණය නැවත ගැනීමට හෝ ඒ ණය බේරුම් කිරීමට අවශ්‍ය වන මට්ටමට නැතිවෙන විදිහ අපි ක්‍රමයකට යෑම තමයි ඇත්තට-ම 2022 වෙනකොට ඔය ඇතිවුණු අර්බුදය. හැබැයි ඊට වෙනස් අර්බුදයක් ඇතිවෙනවා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආර්ථික ක්ෂේත්‍රයේ, දැන් 2022 ආර්ථික අර්බුදය නිෂ්පාදන ක්ෂේත්‍රයේ අර්බුදයක් නෙවෙයි. ඒකට තව සුළු හේතු වුණු කෝවිඩ් එක ඒ වගේම 2019 බෝම්බ පිපිරීම වගේ තව හේතු දාන්න පුළුවන්. නමුත් ඔය තමයි ජෙනරල් ට්‍රෙන්ඩ් එක. එතකොට 2022 අර්බුදයෙන් ගොඩ එන එක එච්චර අමාරු නැහැ. එතකොට අර සල්ලි කවුරුහරි දෙනවනම්. එහෙම ගන්නවා ද ඒක හොඳද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි බැලුවහම ඕක තමයි මම අපි අර්බුදය ගැන කියන කතාව.
ඊළඟට තියෙන්නේ අපෙන් අහන එක තමයි, මේ අර්බුදයෙන් අපි ගොඩ ආවද? ඒ කියන්නේ බැලූ බැල්මට ඔව්. 2022 වැටීම් වේගය මනින වේගය හතයි ගාණක්. 2023 වැටීම් වේගය සියයට හතරක් හෝ පහක් විතර. අපි නැවත වැටීම් වේගය නගිනවා 2025 වෙනකොට ඒ කියන්නේ අර සයිකල් එක 2016 පටන් ගත්ත පොඩි පොඩි තව සයිකල් ඇතුලේ සයිකල් තිබිලා ආයෙමත් ඉහළ යනවා 2025 වෙනකොට. එතකොට ඔහොම තමයි යන්නේ.
ඊළඟ ප්‍රශ්නේ තමයි, මේ නැගීම ඇත්තට ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකක්ද කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්නේ යම්කිසි රටක් ආර්ථික අර්බුදයකට යනවනම් ඒක පල්ලෙහාට යන්න හරිනවා, ආර්ථිකය ඉතා ම පල්ලෙහා මට්ටමට ආවට පස්සේ ආයි සමතුලිතයක් එනවා. ඒ කියන්නේ ආර්ථිකයක් වැටෙනවා කියලා. මේ සම්පූර්ණයෙන් ම වැටෙන්නේ නෑ. ආර්ථිකයක් වැටෙන එකේ එක සීමාවක් තියෙනවා මොකද මිනිස්සු කන්න ඕනේ, ගෙදර කොස් ගෙඩිය හරි, කන්න ඕනේ නිසා එහෙම වෙන්නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්නේ ඒකයි. ආර්ථිකය හොඳට-ම වැටෙන්න ඇරියහම ආර්ථිකයට ම තියෙනවා හයියක් එන්න. ඒක තමයි 2022 එතකොට මගෙන් ඇහුවොතින්, ආර්ථිකය ස්ථාවර වෙලා ද කියලා, පල්ලෙහා මට්ටමේ ස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා ක්‍රමානුකූල ඉදිරි කාලයේ දී පොඩ්ඩක් ඉහළ ට එන්න ඉඩ තියෙනවා. දැන් අපේ ආර්ථිකය ගමන් ගන්නේ සාමාන්‍යයෙන් කියනවා ආර්ථික අර්බුදයක් V අකුරේ හැඩයටයි යන්නෙ. නමුත් දැන් අපිට පේන්නේ W අකුරේ හැඩෙට. එනවා යනවා ආයෙ නගිනවා ආයෙ යනවා. ඒක කවදා ආයේ වෙනස්වෙයිද කියලා පුරෝකථනය කරන්න පුළුවන්කමක් නැහැ. ඕක තමයි ආර්ථිකයේ සාමාන්‍ය ස්වභාවය හැටියට තියෙන්නේ මේ, එතකොට ස්ථාවරත්වයක් ඇතිවී තිබෙනවා විදේශ විනිමය සංචිත ඇවිල්ල තියනව කියන්නෙ ආයෙ අපි ණය ගන්නවා.
දැන් උදාහරණයක් හැටියට අපිට බෑ international සවරින් බොන්ඩ් විකුණන්න. අපි ඒ නිසා රුපිබොන්ඩ් විකුණනවා. ඒ රුපි බොන්ඩ් (රුපී පිළිග පත් හෝ ණය පත්‍ර) ඒවා ගන්න විදේශිකයෝ එනවා, ඉතිං විදේශිකයෝ ගන්නේ ඩොලර් වලින්. එතකොට අපේ ඩොලර් සංචිත ඒවා එක්ක නැවත නැවතත් මේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කරන්නේ ණය ගැති රටක් ණයගැති බවෙන් මිදවීම නෙමෙයි. ඒ ණයගැති රට ණය අර්බුදය ඇතුළේ ම උස් පහත් වෙමින් පාවෙමින් ඉන්න තර්ක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්නේ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍යය අරමුදලට ගෙන ඒම ම තමයි මේ රටේ ආර්ථිකයට කරපු ලොකුම ව්‍යසනය හැටියට මං දකින්නේ ඒකෙන් ණය අරන් කියන එක නෙවේ මේ සමස්තය ගත්තම ඕක තමයි අපිට පේන කතන්දරේ.
IMF එක නැතිව ගොඩඑන්න පුළුවන් එහෙම රටවල් තියෙනවා
දැන් උදාහරණයක් හැටියට මං හිතන්නේ රටේ නම උරුගුවේ හරියට හරි චෙක් කරලා කියන්න වෙන්නේ, දැන් ඒ රටේ හිටියා මුදල් ඇමති කෙනෙක් ඒ මුදල් ඇමති ඉන්න කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොයෙකුත් කොන්දේසි සහිත ආර්ථික වැඩපිළිවෙලක් දුන්නා ණයක් දෙන්න.
ඉතිං ඒ මුදල් ඇමති කිව්වා නැහැ මං මේක කරන්නේ, මේක ගන්නේ නෑ මං.
ඒකේ ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවෙන් එයාව අයින් කළා. ඊට පස්සේ ආවා ජනාධිපති කෙනෙක් හරි අගමැති හරි තෝරන මැතිවරණයක් ආවාම මෙයා ඉල්ලුවා. ඉල්ලලා එයා දිනුවා විශාල ගානකින්, ඇවිල්ලා හාත්පසින් වෙනස් වූ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔය විදේශ වලින් දීපු ණය වලට එයාල කිව්වේ එක පැත්තකින්, ඕගොල්ලෝ අපේ ඩොලර් සියයක් දීලා තියෙනවා නම් අපි තියෙනවා නම් අපි පත්‍රිකා ආපහු ගන්නවා,
හැබැයි අපි ගන්නේ 35 ට. අපි 100 දෙන් නෑ, මොකද ඔය ණය පත්‍රිකාවල ඇත්තට ම වෙළදපොළේ වටිනාකම වෙනස්. දැන් ඇත්තට ම අපේ ලංකාවේ ණය පත්‍රිකාවල වෙළෙඳපොළේ වටිනාකම අඩුවුණු වෙලාවේ ලංකාවේ මිනිස්සු ගත්තේ ඒක.
වෙළෙඳ මණ්ඩලේ ඉන්න මිනිස්සු තමයි ඕක ගත්ත ඒ නිසානේ, නන්දලාල් වීරසිංහ ණය ප්‍රතිව්‍යුහගතකරණය දේශීය ව කරද්දී ලංකාවේ බැංකුවලින් ගත්තේ නැත්තේ, ප්‍රොවිඩන් ෆන්ඩ් එකෙන්නේ ගත්තේ. ඒකෙන් ගත්තා නම් කඩා වැටෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි එතකොට මේ එහෙම ගොඩ ආපු රටවල් දැන් මේ මෑතකාලීන ව මම හිතන්නේ කෙන්යා හෝ රටක ඔය අප්‍රිකාවේ රටවල් කීපයක මේ කියන කියන ඒවා කරන්නේ නැහැ. සල්ලි අරන් තියෙනවා. නමුත් එයාලා මූලික වශයෙන් යන්නේ නැහැ. අර පැකේජ් එක එහෙම දාන්න.
නමුත් ලංකාවේ අපි කරලා තියෙන්නේ ඒක ඉතින් කොච්චරට නරකට වැටුනොත් සමහර ආර්ථික විද්‍යාඥයන්ට එහෙම අර පැකේජ් එක දරාගන්න පවා බැරි වෙලා විඳ දරා ගන්න බැරි වෙලා තියෙනවා, උදාහරණයක් හැටියට ලංකාවේ සමුළුවක් තිබ්බා මේ යුක්තිය හරි මොකක් හරි කියලා කණ්ඩායමක. දැන් ඒකේ අයටත් බැරි වුනා, කියන දේ දරා ගන්න. ඒ නිසා ඇත්තට ම අපි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ගැලවුණු රටක්. මං හිතන්නේ ගැලවුණු රටවල් තමයි අඩු.
සල්ලි නැති රටකට සල්ලි ටිකක් දුන්නහම ටිකක් කෑම ගෙනල්ලා කන්න බොන්න පුළුවන් බැරි කමක් නෑ. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් ලංකාවේ ආර්ථිකයට අද ඇත්ත හයියක් තියෙනවාද මෝටර් රථ ආනයනය කරන්න ඇත්ත කතාව ගත්තොත්, නෑ. නමුත් දැන් අපි මෝටර් රථ ආනයනය කරලා තියෙනවා මං හිතන්නේ බිලියන එකකුත් ගානක. ඇයි මේ කරන්නේ ? හේතු දෙකක් උඩ. එකක් තමයි Trade Liberation කියන එක. (වෙළෙඳ ලිහිල් කරණය) කියන එකක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකයි. ඒක නිසා එයාලා මුලින් අකමැති උනා පොඩ්ඩක් ඕක දෙන්න. නමුත් දුන්නා අන්තිමට. දෙවනුව ලංකාවේ මුදල් අමාත්‍යාංශය මේ ආණ්ඩුව විතරක් නෙවේ ඉස්සෙල්ලා ආණ්ඩුවත් මෝටර් රථ ආනයනය කිරීම කරනු ලැබුවා මොකද ඒකෙන් එන බද්දෙන්, ආණ්ඩුවේ ආදායම වැඩිවෙන නිසා. වෙනත් විදියකින් කියනවනම් අපි විදේශ විනිමය කාබාසිනියා කරලා ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීම තමයි ඔය වාහන, ඒක නිසා තමයි ඔය කියන්නේ රේගුව දැන් තමන්ගේ ඉලක්ක පැනලා කියලා. ඉතිං ඉලක්ක පනින්න පුළුවන්. රේගුවට මේ ආදායම වැඩි කරගන්න එක මොකක්ද මිනිස්සුන්ගෙන් බදු අය කරනවා. කාර් ගේන්න දීලා බදු අය කරනවා. නොයෙක් දේවල් කරලා, කැසිනෝ ගහලා බදු අය කරනවා. ඒ නිසා මේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ඒ කියන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරෝතින් රටක් දියුණු වෙන්නේ නෑ. බොහෝ දුරට දැන් හොඳම උදාහරණය තමයි ආජෙන්ටිනාව. ආජෙන්ටිනාව මං හිතන්නේ දැන් අරන් ඇති එක, විසි තිස් වාරයක් ණය අරන් ඇති. ඒත් ගොඩ එන්නේ නෑ. ඒ නිසා සංවර්ධනයක්, වර්ධනයක් ඇති කරනවා කියන්නේ ආර්ථිකයක් මේ ඔරොත්තු දිය හැකි මට්ටමකට ගෙනයෑම.
හැමදාම තව ණය ගන්නවා ගොඩ එන්නේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවත නැවත කියනවා ලංකාවේ ආර්ථිකය තියෙන්නේ FAGIL කියන වචනය ඔවුන් පාවිච්චි කරනවා, ඉතාමත් බිඳෙන සුළු තත්ත්වයක තමයි ලංකාවේ ආර්ථිකය තියෙන්නේ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මේ අවුරුදු ගානකට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති මතම ක්‍රියා කළ ආණ්ඩුවක්, ආණ්ඩු දෙක තුනක් ම තියෙන වෙලාවක තමයි මෙහෙම කියන්නේ. එතන පැහැදිලි ව පෙනෙන දෙයක් තමයි නොබිඳෙන සුළු ආර්ථිකයක් නේ හදා ගන්න ඕනේ. අපිට FAGIL නොවන ආර්ථිකයක් තිබුනා මීට කලින් විවිධ කාල වල නමුත් දැන් වෙලා තියෙන්නේ ආර්ථිකය මොන වෙයිද කියන්න බැරි තත්ත්වයක මේ FAGIL කියන ආර්ථිකයක් තියෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වෙමු කියන කොටස පරාජය කරලා යම්තම් සංශෝධනය කරලා හෝ එහෙම්ම ගෙනියන්න කියන කොටස තමයි බලයට පත් කළේ. ඒ නිසා ජනතාව මේක වෙනස් කරන්න සූදානම් ද කියල ඇහුවොතින් ඒක අපේ ප්‍රශ්නයක්. ඒක ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙමේ. මහජනතාව නිසි මගට ගෙනයාම සඳහා රොත්ත පිටින් ගිහින් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සේරම මේකේ ගිහින් හිරවෙලා දැන් කෑගහනවා මේක හරියන්නේ නැහැ කියල. වැඩේ හරියන්නේ නැති බව දැනගන්න තරම් දුර දක්නා ශක්තියක් නැතුව ම සියල්ල කරලා අවුරුදු දෙකකට විතර පස්සේ කෑගැහුවට හරියන්නේ නැහැ. ඒකට හේතුව තමයි දේශපාලන නායකත්වයක් රට කොහෙටද ගෙනියන්නේ කියන එක ගැන ප්‍රක්ෂේපනයක් තියෙන්න ඕනේ. වෙන කවුරු හරි ලියල දෙන එකක් අනුව නම් ගෙනියන එක තේරුමක් නැහැනේ. මිනිසුන්ගෙන් උපදෙස් ගත්තට කමක් නැහැ මූලික වශයෙන් තියෙන්න ඕනේ හොඳ ප්‍රක්ෂේපණයක් අපි මේ පාරේ යන්නේ කියල. මේ ආණ්ඩුවට එහෙම ප්‍රක්ෂේපණයක් තියෙනවා ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු දේ ඒ අනුව එලෙස ම කරගෙන යාමෙන් ආර්ථිකය දියුණු කරගත හැකියි කියන අදහස.
COLOMBO CHEMBERS of COMMERS එකේ ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ කීදෙනෙක් ඉන්නව ද කර්මාන්තකරුවෝ එක්කෙනෙක්වත් නැහැ. ටිකක් හරි නිෂ්පාදනයක් කරන්නේ ජෝන් කීල්ස් එකේ විතරයි. ඒ ඇරුනම සේරම ඉන්නේ වෙළෙන්දෝයි බැංකුවරුවෝයි, ගණකාධිකාරීවරුනුයි. ඒ මිනිස්සු දෙන උපදෙස් වලින් කොහොමද රටක් දියුණු වෙන්නේ.
අන්වර් සයිඩ් කියල බොහෝ ම ප්‍රසිද්ධ දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් ඇමරිකානු විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක්, එයා කියනවා රටක දේවාලය තමයි ඒරටේ වෙළෙඳ මණ්ඩලය දැන් බලන්න COLOMBO CHEMBERS of COMMERS එකේ ඩිරෙක්ටර් බෝර්ඩ් එක ගන්න. ඔය ලැයිස්තුව අරන් බැලුවොත් ඒකේ කීදෙනෙක් ඉන්නව ද කර්මාන්තකරුවෝ එක්කෙනෙක්වත් නැහැ. ටිකක් හරි නිෂ්පාදනයක් කරන්නේ ජෝන් කීල්ස් එකේ විතරයි. ඒ ඇරුනම සේරම ඉන්නේ වෙළෙන්දෝයි බැංකුවරුවෝයි, ගණකාධිකාරීවරුනුයි, තමයි ඉන්නේ. ඒ ලැයිස්තුවේ මිනිස්සු දෙන උපදෙස් වලින් කොහොමද රටක් දියුණු වෙන්නේ. ලංකාවේ බැංකු ටික ගත්තොත් PROFIT RATE එක 38% යි 40% යි තමයි ගිය අවුරුද්දේ නමුත් නිෂ්පාදන ආයතනයක් අරන් බලන්න පාඩුයි. නැත්තම් යම්තම් එල්ලිලා ඉන්නවා. හේමාස් කියල කොම්පැනියක් තියෙනවා නිෂ්පාදන ටිකක් කරන ඒ ආයතනයේ පවා ලාභය බැහැලා. ඒ අතර ඉන්ෂුවරන්ස් සමාගම්වල මූල්‍ය සමාගම්වල බැංකුවල, කාර් ගෙන්වන කොම්පැනි වල ලාභය ඉහළ ගිහිල්ල. එතකොට මේ ආණ්ඩුවේ උපදේශකයන් දෙන උපදෙස් තමයි ඔය ක්‍රියාත්මක කරන්නේ. දැන් කාර් ගේන නිසා ජෝන් කීල්ස් ඒකට කොච්චර ලාභයක් එන්න ඇති ද? ඒකෙන් පේනවා රට යන්නේ කොහාටද කියල. බලයට ආවේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවා කියලනේ.
ඉතින් නිෂ්පාදන ආර්ථිකයක් කොහොමද හදන්නේ මේ විදිහට. ප්‍රාග්ධනය යන්නේ ලාභ ලැබෙන තැන් වලට ඒක කාටත් වළක්වන්න බැහැ. ලාභය වැඩි වශයෙන් ලැබෙන්නේ මූල්‍ය සමාගම් වලට ඉඩම් විකුණන සහ ඉන්ෂුවරන්ස් සමාගම් වලට නම් ඒවාට ලාභය යනවා එතකොට කොහොමද නිෂ්පාදනයට ලාභයක් එන්නේ. මේක තමයි ප්‍රධාන ප්‍රශ්නය.
පොලි අනුපාතිකය ගත්තොත් නිෂ්පාදන අංශවලට අමාරුයිනේ ව්‍යාපාර කරගෙන යන්න. මහබැංකු අධිපතිවරයා කියනව ගිය වසරේ ඩොලර් මිලියන ගණනක් ණය ගෙව්වා කියල, ණය ගෙවිය යුතුයි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ADB එකෙන් ගන්න ණය වලට බැහැ ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ ණය ගෙවන්න ඕනේ හැමෝම. නමුත් මන්දන්නේ නැහැ වෙන ණය ගෙවල තියෙනව ද කියල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් ප්‍රමාණයකට මහා බැංකුවේ ප්‍රතිපත්ති පවා ඊයේ පෙරේද තිබුන සාකච්ඡාවල දී විවේචනය කරනවා. ඒ අය කිව්ව දේ තමයි කළේ, නමුත් දැන් විවේචනය කරනවා.
මේකට විකල්ප ආර්ථිකයක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. මන් ප්‍රතිකේෂ්ප කරන්නේ නැහැ ධනේෂ්වර ක්‍රමය මත තුන්වැනි ලෝකයේ රටක් දියුණු කරන්න බැරිය කියල. පුළුවන්, බැරිය කියන එක හරි අසාධාරණ කතාවක්, ඉස්සර ලංකාවේ මිනිස්සු කොරියාව කිව්වේ කොහාටද අන්තිම නරක ම දුප්පත් ම තැනට නේ. අද කොරියාවට මිනිස්සු යනවා පොරකමින් කොරියාවේ හිටපු මිනිස්සු අලුත් කොරියාවට යන්නේ. ඒ ආකාරයට සමහර රටවල් දියුණු වෙලා තියෙනවා. හැබැයි ඒ හැම රටකම මූල්‍ය ගනුදෙනු අංශයට ලොකු බදු ගහල නිෂ්පාදන අංශය ට සහය දෙනවා. එහෙම තමයි දකුණු කොරියාව මූලික වශයෙන් දියුණු වුනේ, ධනේෂ්වර සමාගම් වලට නිකන් සල්ලි දුන්නේ නැහැ. ධනේෂ්වර නිෂ්පාදන සමාගම්වලට සහය වුනේ. එහෙම කරන ප්‍රතිපත්තියකින් රටක් දියුණු වෙන්න ඉඩ තියෙනවා.
සංවර්ධනයේ අවසන් වශයෙන් තර්කය තියෙන්නේ ආර්ථිකය නිෂ්පාදනය කරන සම්පත් ප්‍රමාණයේ අතිරික්තය කුමන තැන වලට යොදන්නේ ද කියන එක උඩනේ. ඒක ධනේෂ්වර ක්‍රමයටත් එකයි සමාජවාදී ක්‍රමටත් එකයි, අපි කොහෙටද සම්පත් යොදන්නේ. යලිත් නිෂ්පාදන අංශ වැඩි කරමින් මිනිසුන් කනබොන දේවල් නිෂ්පාදනය කරමින් යන ක්‍රමයකට ද එහෙම නැත්නම් අපි සල්ලි දන්නේ ඔය කියන බැංකු වගේ දේවල් වලට ද කියන ප්‍රශ්නේ උඩ තමයි තීරණය වෙන්නේ. එතකොට එක ක්‍රමයක් තියෙනවා කම්කරු පන්තියේ ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර නැත්තට නැති කරලා නැත්නම් ඒවා රාජ්‍ය යටතට අරගෙන චීනයේ වගේ වියට්නාමයේ වගේ කරමින් ධනේෂ්වර පන්තියට පුළුවන් තරම් ශක්තිමත් ලෙස සම්පත් එකතු කරගන්නට ඉඩදුන්න ආණ්ඩුව විසින් ඒවා නිසි පරිදි යනවා ද කියල බලාගත්ත තැන්වල රට දියුණු වෙලා තියෙනවා. කොරියාවෙත් චීනයේත් වියට්නාමයේත් ඒකයි වුනේ යම් ප්‍රමාණයකට මැලේසියාවේ තායිලන්තයෙත් වුනා. ඒ නිසා ඒ ක්‍රමයත් මන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ඒ ක්‍රමයෙන් මහජනයාට පළල් ජන කොටස් වලට විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, ආදායම් බෙදීයාමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් රටක දියුණු වෙන්න ඉඩක් තියෙනවා. ඒක ගෝලීය ක්‍රමය තුළ කොච්චර ප්‍රමාණයකින් හැම රටකට ම යන්න පුළුවන් ද ප්‍රශ්නයක් තියෙනව, ඉඳල හිටලා එකක් මතුවෙනවා. එහෙම නැතුව ඒක යායට ම යන්නේ නැහැනේ.
ඊළඟ ක්‍රමය තමයි අපි වෙන ම නිෂ්පාදන ක්‍රමයකට යන එක, ඒ කියන්නේ අපි අතිරික්තය යොදා ගන්නවා නිෂ්පාදනය වැඩිකිරීමට වගේ ම මහජනයාගේ අධ්‍යාපනය නිසි පරිදි දෙන්න සෞඛ්‍ය නිසි පරිදි සපයන්න, මේ විදිහට අපි කරනවා, දැන් එහෙම කරන කොට වර්ධන වේගය අඩුවෙන්න පුළුවන්. වර්ධනය අනුපාතය 7% 8% කියන එකට යන්න නරකයි. වෙනත් විදිහකින් කියනවා නම් සංවර්ධනය කියන වචනය ම අලුතින් අර්ථකථනය කරනවා. අපේ සංවර්ධනය මනින්නේ අපි අධ්‍යාපනයට කොච්චර වියදම් කරනවා ද දැන් ලංකාවේ අධ්‍යාපනයට කරන වියදම ඇෆ්ගනිස්තානය කරන වියදමට වඩා අඩුයි. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට පාසල් යාම තහනම් කළ රටක අපිට වඩා අධ්‍යාපනයට වියදම් කරනවා, අපි සෞඛ්‍යයට වියදම් කරන ප්‍රමාණය අඩුයි. එතකොට මේ අංශ වලට ලංකාවේ නිෂ්පාදනය කරන අතිරික්තය අඩු වෙන්න පුළුවන් ඒක වැඩි කරන අංශ වලටත් යන්න වෙනවා. නමුත් ඒ අතර ම බලන්න ඕනේ අපේ රටේ ජනයාගේ කොපමණ නිරෝගී කොපමණ දැනුම තියෙන පිරිසක් ඉන්නව ද කියල. ඒ වගේ ම තියෙන්න ඕනේ අපිට හැම තැනකට ම මිනිසුන්ට යන්න ක්‍රම තියෙනව ද එහෙම සංවර්ධනය අපි අලුතින් අර්ථකථනය කළොත් එහෙම මාවතකුත් තියෙනවා. නමුත් ඒක පාර පුරා කාර් තියෙන එකක් නෙමේ. පවුලකට කාරෙකක් තිබුනට කමක් නැහැ. හැබැයි කාරෙකේ හැම වෙලාවේ ම කඩේට යන්නයි හැම එකට ම පාවිච්චි කරන්න දෙන්න බැහැ. එක කරන්න පුළුවන් පෙට්‍රල් සඳහා කෝටා එකක් දීමෙන්, එතකොට ඒක තියාගෙන යන්න පුළුවන් ඒ කෝටා එක මදිනම් ගන්න පුළුවන් හැබැයි ගාන වැඩියි. මන් මේක යෝජනා කළා පෙට්‍රල් අර්බුදය ආව වෙලාවේ. එහෙම කළේ නැහැ. ඒක කළෙත් ධනපති පන්තියට වාසි වෙන විදිහට. වෙන ම විදිහකට කල්පනා කරන්න ඕනේ, සංවර්ධනය අපි හුස්ම අදිමින් බලන්න සිංගප්පූරුව නෙමේ, දකුණු කොරියාව නෙමේ. හැබැයි ඊට වඩා ශිෂ්ට ඊට වඩා මනුස්ස වඩා පරිසරයට හිතවත් එකක් තමයි දකින්න වෙන්නේ. ඒක කොහොමද කරන්නේ කියන එක, හුගක් අය රුසියාව දිහා බලල කියනව ඒකත් හරියන්නේ නැහැ කියල, එහෙම නෙමෙයි අපි සාකච්ඡාව තුළ බැලුවොත් ඒ ක්‍රමය යම් ප්‍රමාණයකට ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. හැමෝම පාරට බහින්නේ කාරෙකෙන් කියන සංකල්පය වෙනුවට පොදු ප්‍රවාහන ක්‍රමයක් හදාගන්න ඕනේ. දිවා එකෙන් කැඩුන රේල් පාරවල් හදන්න අවුරුද්දක් දෙකක් ගන්නවා, චීනයේ කිලෝමීටර් ගණනක් ටනල් එකක් හදනවා කෙටි කාලයකින් ඒවා කරන්න ඕනේ කියල නෙමේ කියන්නේ. නමුත් අපි තාම ප්‍රක්ෂේපණය කරන් ඉන්නේ අවුරුද්දකින් හදනවා කියල. අපේ රටේ ආණ්ඩුවල තියෙනව දුම්රියට බයක්, අපි බස් සහ කාර්වල අයනේ ලංකාවේ දුම්රිය ගත්තොතින් සුදු ජාතිකයින් හැදුවට පස්සේ හැදුවේ බෙලිඅත්තට යන එක විතරයි. ඒ නිසා සංවර්ධනය යළි අර්ථකථනය කරන්නේ ඕනේ. එහෙම අර්ථකථනය කරලා, මහජනයා ඒ ප්‍රක්ෂේපණය තුළින් ගෙනියන්න පුළුවන් නම් තමයි රටක් දියුණු කරන්න පුළුවන්. 1977 පස්සේ අපිට ඇති කරපු ආකල්ප උඩ ඒක සෑහෙන්න අමාරු වැඩක්. මේ ඇති කරන ක්‍රමය බෙදාහැරීමේ ක්‍රමයක් නෙමේ හැමකෙනෙක් ම නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න ඕනේ එකේ තියෙන ජාතික වටිනාකමට ගෙවීමකුත් කරන්න ඕනේ. සමහර විට නිෂ්පාදනයට සම්බන්ධ වෙන්නේ නැහැනේ ගුරුවරු නමුත් එයාට ගෙවීමක් කරන්න ඕනේ. අපි රුපියල් වලින් මනින්නේ නැති වෙන ම මිනුම් ක්‍රම හදාගන්න ඕනේ. ඒක දැනටමත් ජෝශප් ස්ටිග්ලීස් කියන්නේ ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයා කියනව තව දුරටත් මේ ආර්ථික වර්ධනය ප්‍රතිශත වලින් තියා ගන්න එක කිසි වැඩක් නැහැ. ආර්ථික සාර්ථකත්වය මනින්න තුනකට යන්න ඕනේ එකක් තමයි INEQUALITY අඩුවෙනව ද ප්‍රජාතන්ත්‍රවාදය තියෙනව ද? ප්‍රජාතන්ත්‍රවාදය නැති ව ආර්ථිකය ගොඩනගල බැහැ, ඒකනේ රුසියාවට වුනේ තුන්වෙනි එක තමයි පරිසරය රැකෙනව ද? මේ විදිහේ අලුත් මිනුම් දඬු හදන්න ඕනේ. උදාහරණයක් හැටියට මිනුම් දඬු හදල අන්තිමේ දී ඇති වුනානේ HUMAN DEVELOPMENT INDEX කියල එකක් ඒක හැදුවේ පකිස්තාන් ආර්ථික විද්‍යාඥයෙකුයි අමාත්‍ය සෙන් ගේත් උදව් ඇතිව තමයි හැදුවේ. ඒකේ නැහැ පරිසරය ගැන පොඩ්ඩක්වත් ඒකේ තියෙනවා ළදරු මරණ අඩු ද ආදිය. මන් ලිපියක් ලිව්වා පකිස්තානයේ සම්මන්ත්‍රණයකට තමයි ලිව්වේ ඒ HUMAN DEVELOPMENT INDEX එකට පරිසරය ඇතුළත් කරලා. ඒකේ මන් පෙන්නුම් කළා ආර්ථිකයේ ඉහළ මට්ටමක ඉන්න රටවල් අතරින් එකක් නේ ඇමරිකාව හැබැයි පරිසර මිනුමක් කරලා බැලුවොත් ඔවුන් බහිනවා විසි ගානකට විතර තාම නෝර්වේ ස්වීඩන් රටවල් උඩින් ම ඉන්නවා.
අපි මාර්කට් එක පාවිච්චි කරනව ද මූලධර්මයක් විදිහට මාර්කට් ඒක නෙමේ ආර්ථිකය ගෙනියන්න අදහස් කරන්නේ, ඒකෙන් කියන්නේ නැහැ බලයට පැමිණි පළමු දවසෙම මාර්කට් එක නැතිකරනවා කියල. මම ප්‍රධාන ක්‍රම තුනක් ලියනවා කොහොම ද ඊළඟ ආර්ථිකය හදන්නේ. එකක් තමයි මාර්කට් එක තවදුරටත් ක්‍රියාත්මක වීම සකස් කරන්නේ කොහොමද කියල. දෙවෙනි එක තමයි ප්‍රාථමික සමාජවාදී සමුච්චනය, ඒක අපි කරන්න වෙන්නේ බදු ගහල තමයි. ඊළඟ ට තියෙනවා සොෂලිස්ට් ඇකියුමිලේෂන් ඒක තමයි අපි විසින් සමාජවාදී කියල හදාගන්න එක. අපි කියමු ලංකා විදුලි බලමණ්ඩලය ඒවා ලාභදායි ආයතන ඒවායින් අතිරික්තයක් අනිත් අංශ වලට එන විදිහට කොහොමද හදන්නේ කියන එක. ඔය මූලධර්ම තුන අනුව අපිට පුළුවන් කමක් තියෙනවා සැලසුම් සහගත නව ආර්ථිකයක් හදන්න. හැබැයි අපි ආර්ථික සංවර්ධනය වර්ධනය කියන එක ගැන යළි අර්ථකතනයකුත් ඒ හා ගැලපෙන්නා වූ මිනුම් දඬු ටිකකුත් හදන්න ඕනේ මේක දේශපාලන අධ්‍යාපනයක්. මේක ලෙහෙසි 1970 ගණන්වල දී නම් ඒ කාලේ මිනිස්සු ෂර්ට් එක ගේන්න ද ඇහුවොත් එපා කියනවා නමුත් අද එහෙම නැහැනේ. මේ සිතීම වෙනස් කරන එක තමයි දේශපාලන නායකත්වයේ කාර්යභාරය.
පෙළගැස්ම – ප්‍රමෝද්‍යා ගලගොඩ
උපුටා ගැනීම සංදේශයෙනි
