
පරින්ද රණසිංහ නීතිපතිට එරෙහිව පදනම් විරහිත දෝෂාභියෝගයක් ගෙන ඒමට දරන නිරර්ථක උත්සාහය සමාජයක් ලෙස අධෛර්මත් කල යුතුය! මාධ්‍යවේදීන් වන සාරෝජ් පතිරණ සහ සනත් බාලසූරිය යන මහත්වරුන් විසින් දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ වත්මන් නීතිපති පරින්ද රණසිංහ මහතාට එරෙහිව දැඩි චොදනා එල්ල කරමින් සිටී.
ඔවුන්ගේ එම උත්සාහයේ අරමුන වී ඇත්තේ නීතිපති වරයාට එරෙහිව ආන්ඩුව ලවා දෝශාභියෝගයක් ගෙන ඒමට බව පෙනෙති. මෙම උත්සාහයේ පිටුපස සිටින්නේ කව්දැයි අපට දේශපාලනිකව හා ආයතනික පදනමෙන් අනුමාන කල හැකි නමුත් මේ දෙදෙනාගේ අඩහැරය සදහා පලමු කොටම ඒ පිලිබදව නීතිමය සංකල්ප ඔස්සේ පිලිතුරක් දිම කාලෝචිත යයි සිතමි.
නීතිපති දෙපාර්තමේන්තුව ඇතැම් කාල වකවානුවලදී දේශපාලනීකරනය වු බවට පවතින චෝදනාව සදහා පදනමක් තිබේ. එසේ චෝදනා වන්නේ පවතින ආණ්ඩුව සමග කරට අතදාගත් කලහිය.
නමුත් මෙවර චෝදනාව නැගෙන්නේ අරුම පුදුම පදනමකිනි. ඒ නීතිපති වරයා රනිල්ගේ කරට අත දමාගෙන ඇතැයි යන පදනමෙනි. නමුත් මේ දෙදෙනා ඒ බව නොකියා දෝෂාභියෝගයක් ඉල්ලා සිටිනුයේ ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගනිමිනි. සරෝජ් පතිරනට ඒ සම්බන්දව දීර්ඝ ලයිස්තුවක් පවතී.
ඒවාට පිලිතුරු දීමට කාලය මිඩංගු කිරීම පවා නිරර්ථකය.
නමුත් දෝශාභියෝගයකට පසුබිම සදන රධාන චෝදනා වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමයි සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරයේදී සිදු වූයේ යැයි කියන දූෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා පියවර නොගැනීමයි.
නමුත් මෙම චෝදනා දෙකම ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව සහ ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටිය හමුවේ තාර්කිකව බිඳ දැමිය හැකි බොලද තර්ක දෙකකි.
1. රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය සහ නීතිපතිවරයාගේ මැදිහත්වීම ගැන කතා කරන විට
සනත් බාලසූරිය මහතා මතු කරන ප්‍රධානතම තර්කය වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය සඳහා වූ අධික වියදම් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා ක්‍රියා නොකළ බවයි.
මෙහිදී අමතක නොකළ යුතු නීතිමය කරුණු කිහිපයක් පවතීන බව කිව යුතුව තිබේ.
ඉන් පලමු වැන්න යවස්ථාපිත මුක්තිය (Presidential Immunity): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයෙකු සිය ධුර කාලය තුළ සිදු කරන ලද කිසිදු නිල ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට වන ප්‍රතිපාදනයයි.
සංචාරය සඳහා වැය වූ මුදල් සම්බන්ධ තීන්දු ජනාධිපති ලේකම් කාර්යාලය සහ භාණ්ඩාගාරය විසින් ගනු ලබන පරිපාලනමය තීරණ බව අමතක කරන මොවුන් රනිල් දඩු කදේ ගැසීමට පැලවත්තට ඇති දේශපාලනික උවමනාවේ මතුපිට ප්‍රකාෂකයන් ලෙස මෙම ප්‍රකාෂ නිකුත් කරමින් සිටී. එම නිසා පැලවත්තේ කීමට රනිල්ට ත්‍රිපුද්ගල මහාධිකරනයක් ඉදිරියේ අධිචෝදනා ලබාදී නඩු පැවරුවද නඩුවේ ප්‍රතිපලය නම් ඉරහද ලෙස නිශ්චිත බව කිව යුතුව තිබේ.
අනෙක් අතට රනිල්ට අභිචෝදනා භාරනොදීමේ කුමන්ත්‍රනයක් ගැන කතා කරන්නේ නීතිපති වරයා ඉදිරියේ විමර්ශන නියෝජිතායතනයක වාර්තාවක් තවමත් එලිදැක නොමැති පදනමකය.
එවැනි අවසාන විමර්ශන වාර්ථාවක් පවතින්නේ නම් ඒබව පොලිස් මාධ්‍ය ප්‍රකාෂකයා ලවා සමාජය දැනුවත් කිරීම රහස් පොලිසියේ ප්‍රධානියාගේ වගකීම වන්නේය.
නීතිපතිවරයා යනු “විමර්ශකයෙකු” (Investigator) නොව “පැමිණිලිකරුවෙකි” (Prosecutor) එම නිසා එවැනි වාර්තාවක් ලබා දුන්නද ඒ පිලිබදව අවසාන අභිමතය පවතින්නේ නීතිපති දෙපාර්තමේන්තුවටය.
නමුත් එම තීරනය ගන්නේද සොලිසිටර් ජනරාල්වරයාට මිස නීතිපති වරයාට නොවේ. සොලිසිටර් ජනරාල් යනු නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියාය.
එම නිසා එංගලන්ත සංචාරයේ දූෂණයක් සිදුවී ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම (CIABOC) හෝ රහස් පොලිසිය විසින් නිසි විමර්ශනයක් පවත්වා නීතිපතිවරයා වෙත ගොනුවක් (File) එවා නොමැති නම්, සොලිසිටර් ජනරාල් වරයාට නඩු පැවරීමේ බලයක් ලැබෙන්නේ නැත.
එසේම පවතින සාක්ෂි විශ්ලේෂනය කොට නඩු පවරනවාද නැද්ද යන තීරනය ගන්නේ පහල සිට ඉහලට යන තීන්දු ගැනීමේ ක්‍රියාවලියක බව අමතක නොකල යුතුය.
පරින්ද රණසිංහ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පෙර, එම දූෂණය පිළිබඳ විමර්ශනයක් නොකළ හෝ බොරු චෝදනා මත නඩු කටයුතු ආරම්බ කල විමර්ශන ආයතනවලින් ඒ පිලිබදව ප්‍රශ්න කළ යුතුව තිබේ.
දැන් කෙරෙන්නේ රහස් පොලිසියේ විලි වසා ගන්නට නීතිපති වරයාට දෝශාභියෝගය නමැති තර්ජනාංගුලිය සමාජ මාධ්‍ය හරහා එල්ල කිරීමය.
මේ කරන්නේ සමාජ මාධ්‍ය හරහා ජනාධිපති වරයාට බල කොට ( උදා. දන්ඩ නීති සංඝ්‍රහය සංශෝදනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරන අත්හැරියා සේ) ඒ හරහා නීතිපති වරයාව පදනමක් නැති දෝශාභියෝගයක තර්ජනාංගුලිය මත සිය තනතුර බේරා ගැනීම වෙනුවෙන් යම් පෙලඹවීමක් සිදු කරලන්නටය.
නමුත් මම සිතන්නේ පාරින්ද රනසිංහ පරම්පරාව එවැනි බාල තර්ජනයකට යට නොවනු ඇති බවය.
මේ අයගේ දෙවන චොදනාව වන්නේ ලසන්ත වික්‍රමතුංග නඩුවේ දී සාක්ෂිවල ප්‍රමාණවත්ව තිබියදී පුදගලයන් චෝදනා එල්ල නොකිරීමයි.
අප දන්නා නීතියට අනුව නීතිපතිවරයා පුද්ගලයන් නිදහස් කරනවා නම් කරන්නේ “කරුණාවකට” නොව මහාධිකරණයේදී එම නඩුව පැරදීමට ඇති සම්භාවිතාව 90%කට වඩා වැඩි මට්ටමක පවතින විටය.
මොවුන් නීතිය නොදන්නා කමට චෝදනා කලද නීතිපති දෙපාර්තමේන්තුව මෙවැනි නිදහස් කිරීම් කරන්නේ Autrefois Acquit සංකල්පය එනම් පෙර නිදහස් කිරීමේ මූලධර්මය ආරක්ෂාකර ලීමටය.
ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව කඩිමුඩියේ නඩු පවරා සැකකරුවන් නිදහස් වුවහොත්, පසුව නව සාක්ෂි හමුවුවද ඔවුන්ට එරෙහිව නැවත එම වරදටම නඩු පැවරිය නොහැකි බව නීතිය ගැන දන්නා අයගේ මතයයි.
නීතිපතිවරයා යම් පුද්ගලයකු නිදහස් කර ඇත්නම් එසේ සිදු කර ඇත්තේ නීතිය ආරක්ෂා කිරීමේ උපායමාර්ගයක් බව අප විශ්වාස කරයි.
එසේ නොමැති නම් සනත්ලා සහ සරෝජ්ලා කල යුත්තේ රහස් පොලිසියේ ප්‍රධානියා ලවා නීතිපතිගේ වැරදි තීන්දු හේතු සහිතව ඔප්පු කිරීමට කටයුතු කිරීමයි.
එය සිදු කල එක් ආකාරයක් වන්නේ පාර්ලිමේන්තුව ඉදිරියේ දිග හැරෙන දෝශාභියෝග ක්‍රියාවලියකි.
එවැනි දෝෂාභියෝගයක පවතින ප්‍රායෝගික සහ නෛතික බාධාවන් වන්නේ නීතිපතිවරයෙකු ඉවත් කිරීම සදහා බරපතල විෂමාචාරයක්” ඔප්පු කළ යුතුවීමයි.
සනත් බාලසූරිය හෝ සාරෝජ් පතිරණ පවසන පරිදි “නීතිමය මතයක් ලබා නොදීම හෝ “නඩු නොපැවරීම” විෂමාචාරයක් නොවේ.
එය නීතිපතිවරයා සතු ස්වාධීන අභිමතයකි. (Prosecutorial Discretion). එම අභිමතය ප්‍රශ්න කිරීමට නම් ඒ සදහා නීතිය ඉදිරියේ පිලිගත් නිර්නායක පවතී.
එම නිසා මුහුණුපොතේ හෝ යූටියුබ් අඩවිවල කෙරෙන “සංස්කෘතික විනිශ්චයන්” (Cultural Trials) මත පදනම්ව නීතිපතිවරුන් ඉවත් කිරීමට ගියහොත්, මෙරටේ ක්‍රියාත්මක කිසිදු නීති නිලධාරියෙකුට ස්වාධීනව තීන්දුවක් ගැනීමට නොහැකි වනු ඇති බව කිව යුතුව තිබේ.
එසේ ඉඩහැරිය හොත් නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ගේ සහ දේශපාලනඥයන්ගේ සිරකරුවන් බවට පත්වීමේ අවධානමද ඉහලය.
අප විශ්වාස කරන්නේ වත්මන් රජය දූෂණයට එරෙහිව දැඩි ස්ථාවරයක සිටියද, ඔවුන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉක්මන් නොවනු ඇති බවය.
ඒ බව දැනටමත් අධිකරන ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාෂ කොට තිබේ.
යම් හෙයකින් එවැනි අමනෝඤ හා ආවේගී පියවරකට රජය ප්‍රවිශ්ඨ වුවහොත් එමගින් රටේ ආයතනික ස්ථාවරත්වය මුලු මනින්ම බිද වැටෙනු ඇති බව කිව යුතුව තිබේ.
මක්නිසාද යත් නීතිපති ධුරය සෙලවීම යනු මුළු යුක්ති ධර්ම පද්ධතියම අස්ථාවර කිරීමක් වන නිසාය.
අපට කියන්නට ඇත්තේ සාරෝජ් පතිරණ සහ සනත් බාලසූරිය යන මහත්වරුන්ගේ තර්ක පදනම් වී ඇත්තේ “ප්‍රතිඵලය” (Outcome) මත මිස “ක්‍රියාවලිය” (Process) පිලිබදව පවතින අවබෝදයකින් නොවන බවය.
ලසන්ත වික්‍රමතුංග නඩුවේදී හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරක වියදම් සම්බන්ධයෙන් හෝ නීතිපතිවරයා ගෙන ඇති තීරණ වෘත්තීයමය තීරණ මිස දේශපාලන “ඩීල්” නොවන බව මාගේ පුද්ගලික විශ්වාසයයි.
එම නිසා පරින්ද රණසිංහ මහතාට එරෙහිව පදනම් විරහිත දෝෂාභියෝගයක් ගෙන ඒමට සරන නිරර්ථක උත්සාහය සමාජයක් ලෙස අප අධෛර්මත් කල යුතුව තිබේ.
යම් හෙයකින් ආන්ඩුව එවැන්නකට පෙලඹන හොත් එය ආන්ඩුවේ දේශපාලන අවසානයද වනු නියතය.
මක් නිසාද යත් එවැනි ක්‍රියාවක් නීතියේ ආධිපත්‍යයට එරෙහිව කෙරෙන දේශපාලන ප්‍රහාරයක් වන නිසාය. අප ශිරානි බන්ඩාරනායක ඉවත් කලදා මේ බව පසක් කරගත්තෙමු.
එසේ නම් එවැන්නක් සිදු කොට නැවත විගඩමක් රග දක්වන්නේ කුමකටද?
සටහන ශිරාල් ලක්තිලක
