ගාල්ල බන්ධනාගාරයේ දිය නාමින් සිටි රැඳවියෙක් ළිඳට වැටී මරුට.

ගාල්ල බන්ධනාගාරය තුළ පිහිටා ඇති ළිඳෙන් දිය නාමින් සිටි රැඳවියෙකු එම ළිඳට ඇද වැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල පොලිසිය වාර්තා කරයි. මේ අයුරින් මියගොස් ඇත්තේ අක්මීමණ, ගොනාමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි. ඒ අනුව ඉකුත් 15 වන දින උදෑසන කාලයේදී බන්ධනාගාරය තුළ ඇති ළිඳෙන් එම රැඳවියා දිය නාමින් සිටියදී මෙම අනතුර සිදු වී අතර, වහාම ක්රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් ඔහු ගොඩට ගෙන බන්ධනාගාර රෝහල වෙතත්, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙතත් යොමු කර තිබේ.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති අතර කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී එම රැඳවියා අද දින මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දහනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.
Social Sharing
පුවත්