2026 අපට සුබදායකද? ජනාධිපතිවරයා ඇත්තටම ක්‍රම වෙනසකට සුදානම්ද?

අනුර ජනාධිපතිවරයා

අනුර ජනාධිපති කෙරෙහි තැබු යහපාලන බලාපොරොත්තුව අවසානයකට පත්වෙමින් තිබෙන්නේද?

1994 දී චන්ද්‍රිකා ජනාධිපතිනිය කෙරහි තැබු යහපාලන බලාපොරොත්තුවද, 2015 දී සිරිසේන ජනාධිපති වරයා කෙරෙහි තැබු යහපාලන බලාපොරොත්තුවද සුන්වී ගිය බව අප හොදින් දන්නා කරුනකි.

විපාක්ෂිකයින් වුවද අනුර ජනාධිපතිවරයා යහපාලනය අරබයා යම් සාධනීය බලාපොරොත්තුවක් අප වෙත ජනිත කරවනු ලැබ තිබුනි.

නමුත් දැන් දැන් පෙනෙන්නේ එකී බලාපොරොත්තුවද පෙර සේම බල දේශපාලනික න්‍යාය පත්‍රය නම්වු සැඩ පහරට හසුවී ගසා ගෙන යන සෙයකි.

අරගලයෙන් පසුව ලාංකික ජනසමාජය තුල මතුවුන සටන් පාඨය වුයේ රට තුල ක්‍රම වෙනසක් සිදුවිය යුතු බවය.

සමාජය ඉල්ලා සිටින ක්‍රම වෙනස් කුමක්දැයි නිශ්චිතව සමාජයට තේරුම් කරලීමට එවකටවු කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් තිබුනේ නැත.

විවිද පක්ෂ හා බුද්ධිමතුන් තම තමන්ගේ නැන පමනින් තමන් විශ්වාස කරන ක්‍රම වෙනස කුමක්දැයි සමාජගත කරන ලද්දේ අන්ධ මිනිසුන් කන්ඩායමක් අලියා යනු කව්දැයි තේරුම් ගත් විලසින් බව දැන් පෙනෙන්නේය.

නමුත් මේ අතරින් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව ජනතාව ඉල්ලා සිටි ක්‍රම වෙනස රට තුල ස්ථාපිත කිරීමේ හැකියාව ඇති එකම දේශපාලන බලවේගය ලෙස ජනතාව හදුනාගත්තේ එම ජනතා අභිලාශය කතන්දරයක් විලසින් ජනතාවට කියා පෑමට ඔවුන් දැක්වු දස්කම හේතුවෙනි.

ඊට අමතරව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාෂනය තුලින්ද ක්‍රම වෙනසක් සිදු කරලීම සදහා වු තමන්ගේ අදහස ජනතාව වෙත ඉදිරිපත් කොට තිබුනි.

එහි ප්‍රතිපලය වුයේ ජනාධිවරනය ජයගැනීම හා එම ජයග්‍රහනයේ ප්‍රභාවෙන් පාර්ලිමේන්තු මැතිවරනයද ජයග්‍රහනය කිරීමය.

ජවිපෙ දේශපාලනයට ඉදුරාම වෙනස් අදහස් දැරූ අප වැන්නන් පවා අනුරකුමාර ජනාධිපතිවරයාට ක්‍රම වෙනසක් කිරීමට පවතින විභවය පිලිබදව යම් විශ්වාසයක් පැවතුන අතර අප එම දේශපාලන විභවය වචනයකට කැටි කොට දැක්වුයේ Anuraism නැතහොත් අනුරවාදය නැතහොත් අනුර තන්ත්‍රය ලෙසටය.

එනයින් අප විශ්වාස කරන ලද්දේ අනුර ජනාධිපතිගේ ආඛ්‍යානය ජවිපෙ දරමින් සිටි බොලෂවික් ලෙනින් වාදයටගෙන් වෙනස්වන ප්‍රායෝගික කතන්දරයක් වනු ඇති බවය.

අනුරවාදයක් ගැන මීට පෙර අප කියා සිටියේ අනුර ජනාධිපතිවරයා එතෙක් පැවතුන ක්‍රමයේ නිශ්පාදනයක් නොවන නිසාය. මඩ වගුරක් මතින් පිපෙන නෙළුමක් ලෙස අනුරට පවතින ක්‍රමයේ වෙනසක් සිදු කල හැකිව තිබෙන බවට වු විශ්වාසය හේතුවෙනි.

අපට අනුව ක්‍රම වෙනසක් ලෙස අදහස් කරන ලද්දේ ලාංකික තීරන ගැනීමේ ක්‍රියාවලියට සිරස් හා තිරස් අතට ආබද්ධවී තිබුනු අකාර්්‍යක්ෂම, පාරදෘෂ්‍ය නොවන හා වගනොවන විවිදාකාරවු පද්දති වෙනසකට ලක් කිරීමය.

රට අදටත් මුහුන දෙමින් සිටින්න සතර වැදෑරුම් අභියෝගයන්ට හරායාත්මක විසදුම් ගෙන එනු ඇති බවටය.
එනම්;

1. ඒ තුල රටට හිමිකර එතෙක් දායාද කොට තිබු ජනතාන්තවාදී රාජ්‍ය වියදම් හේතුවෙන් රටට එකතු කොට තිබෙන දැරිය නොහැකි නය බරට විසදුම් සෙවීම

2. අනාගතවාදීව රට තුල ස්ථාපිතවී තිබෙන දුෂනය පරාජය කිරීම,

3. රාජ්‍ය පරිපාලන ක්‍රමය තුල මුල් බැස ගෙන තිබෙන අකාර්යක්ෂමතාවය මුලිනුපුටා දැමීම

4. රටේ දේශපාලන අස්ථාවර භාවයට මුලිකව හේතුවී පවතින ජනවාර්ගික අසමගිය හා දැරි තිරසාර නොවන දේශපාලනික අසමගිය තුනී කිරීම සදහා වැඩපිලිවලක් හදුන්වාදීමය.

අනුර ජනාධිපතිවරයා බලයට පැමිණ වසරකට වැඩි කලක් ගතව ඇති නමුදු අප පුරවැසියන් ලෙස අනුර ජනාධිපතිවරයා කෙරෙහි වු එම හරයාත්මක බලාපොරොත්තු ඉටු වී තිබෙන්නේද යන්න විමසා බැලීම කාලෝචිත වන්නේය.

නමුත් අපට පෙනීයන්නට ඇත්තේ අනුර ජනාධිපතිවරයා තමන් අනුගමනය කල යුතුව තිබු සහ එසේ කරන්නට පොරොන්දු වු මාර්ග සිතියමෙන් බැහැර වී ඇති බවය.

බලයට පැමිනි විගසම පශ්චාත් මැතිවරන හිංසනය පිටු දැකීමට අනුර ජනාධිපතිවරයා පියවර ගත්තේ ඔහු වෙත තබා තිබු පුරවැසි බලාපොරොත්තුව තව තවත් ඉහල නංවමිනි.

මහ මැතිවරණය තෙක් ගොඩනැගු තාවකාලික කුඩා කැබිනට්ටුවද අගමැතිවරයාගේ පත් කිරීමද ඒ තුලින් ගනු ලැබු තීන්දු තීරණද ජනතාවට ජනාධිපතිවරයා පිලිබදව වු විශ්වාසය තීව්ර කරන්නට හේතුවී තිබුනේය.

මහ මැතිවරනය හරහා 2/3 බලය මාලිමාවට ලැබෙන්නේ එම පුර්ව හැසිරීමේ ප්‍රතිපලයක් ලෙසටය. රටේ ජනතාවගෙන් 42% පමනක් අනුර කෙරෙහි තැබු විශ්වාසය 50% එපිටට ගෙන යන්නට සමත් වන්නේ මාලිමාවේ හෝ ජවිපෙ විසින් පෙන්වා තිබු අමුතු දක්ෂ්තාවයක් හේතවෙන් නොව අනුරගේ කැරිස්මාව හේතු කොට ගෙනය.

නමුත් එතැන් සිට ඇරඹෙන්නේ අනුර විසින් අනුරගේම කැරිස්මාව නිශේදනය කරගන්නා වසරකකට වැඩි කාලයයි.

මේවන විට අනුර ජනාධිපතිවරයා පෙන්නුම් කරමින් සිටින්නේ තමන්ද පෙර සිටි මහජනයාගේ ඉහලම කැමැත්තෙන් තෝරාපත් කරගනු ලැබු ජනාධිපතිවරුන්ට උරුම වූ ස්වයං මෝහනයෙන් මත්වී තමන්ගේ කැරිස්මාව ක්‍රමානුකුලව විනාෂ කරගනිමින් සිටින බවකි.

අනුර ජනාධිපතිවරයාද පෙරකී ජනාධිපතිවරුන් මෙන්ම තමන්ට කාරිය කරවන්නට ලබා දුන් ජනවරම ජනකාන්තවාදයට හා තම පිලෙහි දේශපාලන පැවැත්ම වෙනුවෙන් අත්හැර දමමින් සිටී. එය ලාංකික දේශපාලනයේ දිගින් දිගටම අත්විදින දේශපාලනික ඛේදවාචකයකි.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ජනප්‍රියභාවය දැන් ක්‍රමානුකුලව පහල බසිමින් තිබෙන්නේය. මාගේ මතය වන්නේ ජනාධිපතිවරයාගේ කැරිස්මාවේ රශ්නය හා දීප්තිය දැන් මැලවෙමින් තිබෙන බවය. ඒ සඳහා හේතු පාදක වන කරුනු බොහෝමයකි.

ජනාධිපකිවරයා IMF වැඩපිලිවල සමඟ ඉදිරියට ගියේ තමන් පරිවාසයක සිටින බව කියමිනි. ඒ සම්බන්දයෙන් ජනතාවගෙන් බරපතල විරෝධයක් ඇති නොවු නමුත් රනිල්ගේ වැල් පාලමේ ගමන් කිරීම අන්ධානුකරණය කිරීම හේතුවෙන් අනුරගේ රාජ්‍ය මුල්‍ය කලමනාකරන පරිකල්පනයේ දිග පලල පිලිබදව යම් ආකාරවු තිගැස්මක් සමාජය තුල ජනිතවී තිබුනේය.

එසේ තිබියදී IMF ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමට රනිල් පාලනය හදුන්වාදුන් නව නීති වලට අනුගත නොවී කටයුතු කිරීමට වර්ථමාන රජය පෙන්වන කැමැත්ත බිය උපදවන සුළුය. ඒ මගින් පෙන්වන්නේ පෙර පාලනයන් ලෙසටම තමන් රාජ්‍ය මුල්‍ය විනය පිලිබදව බරපතල ලෙස නොතකන බවය. මේවන විට රජය ආර්ථික පරිවර්තන පනතේ විධි විදාන උල්ලංඝනය කරමින් සිටී.

උදා: 2026 පරිපුරක ඇස්තමේන්තුව ජනාධිපතිවරයාගේ රශ්මියේ විධාරනය පලමුව අඩු කරන්නට හේතුවුයේ ඔහුගේ පලමු ජාතික වැඩ සටහන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා නමැති රටේ අරබුදයට නිසිදු හරයාත්මක සබදතාවක් නැති ව්‍යාපෟතියක් හදුන්වාදීම තුලය.

ක්‍රම වෙනසකට පදනම වන්නාවු ආන්ඩුක්‍රම වෙනසක් පිලිබදව බලයට පැමිනි පලමු දින 100 තුල අසන්නට නොලැබුනා පමනක් නොව ජනාධිපතිවරයා පෙන්නුම් කරනු ලැබුයේ තමන්ද පෙර සිටි ජනාධිපතිවරුන් මෙන්ම ජනාධිපති බලතල භුක්තිවීදීමට තවදුරටත් බලාපොරොත්තුවෙන් සිටින බවකි. ඉන් වෙනස්වන බවට පෙන්වන ඉගියක් හේ ජනාධිපතිවරයාගෙන් නොලැබෙන්නේය.

එසේම එතෙක් 17 වන, 19 වන හා 21 වන සංශෝදන හරහා ජනාධිපති වරයාගේ බලතල සීමා කිරීමට හඳුන්වාදුන් තුලන හා සංවරනයන් බාල්දු කිරීමට කටයුතු කරමින් සිටින අයුරු පුදුම දනවන සුළුය.

පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතියද එම අයිතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රනය වන තොරතුරු කොමිසම සෟජුව හා වක්‍රව අක්‍රිය කොට තිබේ. ( උදාහරන අපමනය)

විඝනාකාධිපති පත් කිරීමේ ක්‍රියාදාමය මගින් පාරදෟෂ්‍ය පාලනයකට ඇති කැපවීම ප්‍රශ්නගතවී ඇති අතර ඒ සදහා අනුගමනය කරනු ලබන පිලිවෙත තුලින් ආන්ඩුක්‍රම ව්‍යවස්තා සභාවේ පැවැත්ම හෑල්ලුවට ලක් කොට තිබේ.

19 හා 21 සංශෝදන යටතේ හදුන්වාදුන් ප්‍රසම්පාදන කොමිසම වැඩකට නැති කොමිසමක් බවට පත්වී ඇති අතර රටේ ප්‍රසම්පාදනය තවමත් තුලනයකින් හෝ සංවරනයකින් තොරව සිදුවෙමින් පවතී. එම නිසා පෙරලෙසටම අළුත් හොරුන් බිහිවෙමින් තිබෙනවා පමනක් නොව එම හොරුන්ට එරෙහිව නීතිය නැවෙන බවක්ද පෙන්නුම් කරති.

ටෙන්ඩර් පිරිනැමීමට අදාල අභියාචනයන් තවමත් සිදු කරන්නේ ජානාධිපති යටත් පවතින අභියාචන මන්ඩලය යටතේය. ඒ යටතේ සිදුවෙමින් පවතින අක්‍රමිකතා එමටය.

කෙහෙලිය ඇමති යුගයේ පටන් ඇරඹි බෙහෙත් ටෙන්ඩර් පිරිනැමීමේ මගඩිය තවමත් ජයටම කෙරීගෙන යන බව මැතකදී සිදුවු බොරු බෙහෙත් හේතුවෙන් රෝගීන් මිය යාමෙන් හොදින් තහවුරු වන්නේය.

රාජ්‍යයේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට නොහැකීවීම පිලිබදව කදිම උදාහරනය වන්නේ 2025 වෙන් කල ප්‍රතිපාන අතුරෙන් 40% පමනක් වියදම් කල බවට රජය විසින්ම සිදු කරන ප්‍රකාෂයයි.

දුෂණය පිටු දැකීම ලෙස සලකන්නේ පෙර වැරදි සදහා දඩුවම් කිරීම සදහා නීතිය ක්‍රියාත්මක කිරීම මිස වර්ථමානයේ සහ අනාගතය සදහා දුෂණය පරාජය කිරීම සදහ නව දුෂණ විරෝධී පනත අනුසාරයෙන් තීරණ ගැනීමේ පද්දති වෙනසක් සදහා නව රෙගුලාසි හෝ නීති හදුන්වාදීමට තවමත් ඉස්පාසුවක් වර්ථමාන රජයට නොහැකිව තිබේ.

රටේ බරපතල ජනවාර්ගික අසමගියක් තිබෙන බව හා ඒතුලින් රට තුල මුල් බැසගත් දේශපාලන අස්ථාවරත්වයක් පවතින බව නොහැගෙන නොසිතන රජය ඒ සඳහා පිලියම් ලෙස සිතන්නේ ජාතික ඒකාබද්ධතා දිනයක් ප්‍රකාෂයට පත් කිරීම හෝ ජාතික ක්‍රිකට් පිලට සුළු ජාතික ක්‍රීඩකයන් යොමු කීරීමට හෝ යාපනයේ ටෙස්ට් ක්‍රීඩා පිටියක් ඉදි කිරීම බව පෙනේ.

මේ සියල්ල මගින් පෙන්වන්නෙ වර්ථමානයක් පෙර පැවති අතීතයට නොවෙනස බව නොවේද?

එසේ නම් විසදාගත යුතු අභියෝගය වන්නේ ප්‍රශනය ඇත්තේ ක්‍රමය තුලද පුද්ගලයා මෙහෙයවන සංස්කෟතිය තුලද යන්නයි.

මම කියන්නෙ ප්‍රශ්නය ඇත්තේ පුද්ගල සංස්කෟතිය තුල බවය.

ශිරාල් ලක්තිලක

– ශිරාල් ලක්තිලක
Social Sharing
අවකාශය නවතම