ඒක පුද්ගල ආදායම පළාත් අනුව වෙනස් වන හැටි…

දළ දේශීය නිෂ්පාදිතය

ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව වෙනස් වෙන්නේ කොහොමද? 2024 දළ දේශීය නිෂ්පාදිතය සහ පසුගිය සංගණනයේ ජනගහණ දත්ත අනුව, ලංකාවේ එක් එක් පළාතේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ආකාරය මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙනවා.

දළ දේශීය නිෂ්පාදිතය

බස්නාහිර පළාත හැරුණු විට අනෙකුත් සෑම පළාතකම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලංකාවේ සාමාන්‍ය අගයට වඩා අඩුයි. එහෙත්, බස්නාහිර පළාත හැරුණු විට වැඩිම ඒක පුද්ගල දදේනියක් වාර්තා කරන්නේත්, ලංකාවේ සාමාන්‍ය අගයට වඩාත්ම ආසන්නව සිටින්නේත් වයඹ පළාතයි.

  • ශ්‍රී ලංකාව – ඇමරිකන් ඩොලර් 4,543
  • බස්නාහිර පළාත – ඇමරිකන් ඩොලර් 6,852
  • වයඹ පළාත – ඇමරිකන් ඩොලර් 4,411
  • මධ්‍යම පළාත – ඇමරිකන් ඩොලර් 3,906
  • උතුරු පළාත – ඇමරිකන් ඩොලර් 3,806
  • සබරගමුව පළාත – ඇමරිකන් ඩොලර් 3,757
  • ඌව පළාත – ඇමරිකන් ඩොලර් 3,404
  • දකුණු පළාත – ඇමරිකන් ඩොලර් 3,393
  • උතුරු මැද පළාත – ඇමරිකන් ඩොලර් 3,216
  • නැගෙනහිර පළාත – ඇමරිකන් ඩොලර් 2,777
– ඉකොනොමැට්ටා –
Social Sharing
අවකාශය නවතම