ලිංගික vs ලිංගිකත්ව අධ්‍යාපනය

Sex vs Sexuality Education

“ලිංගික” කියන වචනෙ ඇහිච්ච ගමන් නලියන හැමෝගෙම දැන ගැනීමට මේක කියවන්න.

මුලින්ම, 21 වෙනි ශතවර්ෂයට ඔබින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර පිළිගත් වචන භාවිතා කරන්න අගමැති/අධ්‍යාපන ඇමති දැනුවත් විය යුතුයි.
“ලිංගික නෙවේ ලිංගිකත්ව, ළමා අපචාර නෙවේ ළමා අපයෝජන” විය යුතුය.

  • ලිංගික අධ්‍යාපනය/Sex education – කියන්නෙ කායික සහ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යායනය. එය දැනටමත් ලංකාවෙ 7 වසරේ සිට අනිවාර්ය විෂය මාලාවෙ තියනවා. හෝර්මෝන වෙනස්කම් සමඟ ඇතිවන කායික වෙනස්කම්, ප්‍රජනන පද්ධති වල සැකසීම් සහ ක්‍රියාකාරකම් ගැන පොතේ තියනවා.
  • ලිංගිකත්ව අධ්‍යාපනය/Sexuality education – කියන්නෙ ඊට පුළුල් පරාසයක්. ඒකට ලිංගික අධ්‍යාපනය ඇතුලුව දරුවන්ගෙ මනෝ සමාජීය වර්ධනය, හැඟීම් දැනීම් සහ මානසික සුවතාවය, අන්‍යෝන්‍ය සම්බන්දතා ගැන, අයිතිවාසිකම් සහ නීති ගැන, කැමැත්ත, උපත් පාලන සහ ආරක්ෂාව ගැන “වයසට සරිලන” ලෙස ඉගැන්වීම.

🔴 අන්‍යෝන්‍ය සම්බන්දතා/relationship කියන්නෙ තමන්ගෙ සම වයස් යාලුවන් එක්ක වගේම වැඩිහිටියන් එක්ක ඇති ගනුදෙනු.
උදාහරණ :

  • සීමාවන්/limitations,
  • ගෞරවය/respect 
  • සන්නිවේදනය/communication

🟢 කැමැත්ත/consent කියන්නේ තමන් අකමැති දෙයකට අනුමැතිය නොදීමට ආත්ම ශක්තිය සහ තමන් කෙරෙහි විශ්වාසය වර්ධනය. ඒක ලිංගික ක්‍රියාකරකමකට සීමා වෙන්නෙ නෑ.

උදාහරණ :

  • රූම් යන්න
  • දණ ගහන්න
  • චැට් කරන්න
  • ෆොටො යවන්න

🟠 උපත් පාලන සහ ආරක්ෂාව / contraceptive & protection – කියන්නෙ sex කරන්න සහතිකයක් දීම නෙවේ. කිසිම රටක උපත් පාලන ගැන දැනුවත් දරුවො දඩාවතෙ යන්න සුනඛයින් වගේ හැසිරෙමින් පැටව් ගහන්නෙ නෑ. rape කලත් ගබ්සා කරන්න බැරි නීතියක් ඇති මෙරට ගැහැණු දරුවන්ට ඇති “සදාචාරත්මක” අයිතිය මොකක්ද?

🔵 වයසට සරිලන / age appropriate කියන්නේ දරුවෙක් දෙමව්පියන්ගෙන් පැයකට හරි වෙන් වෙලා ඉන්න පුලුවන් වයසේ සිට තමන්ගෙ ශරීර අවයව/body autonomy ගැන ආරක්ෂාව සහ දැනුවත් වීම.

උදාහරණ :

  • good touch bad touch
  • පිරිසිදුකම

මෙය විවිද රටවල් වල විවිද ආකාරයට හඳුන්වා දෙනවා

  • Comprehensive Sexuality and Relationship Education (CSRE)/විස්තීර්ණ ලිංගිකත්ව සහ සම්බන්දතා අධ්‍යාපනය
  • Relationship and Sexuality Education (RSE)/සම්බන්දතා සහ ලිංගිකත්ව අධ්‍යාපනය
  • Sexuality Education/ලිංගිකත්ව අධ්‍යාපනය

ලංකාවෙ ආගමික සංස්ථාවලට නොතේරුනාට ලිංගික අපරාධ අවම කිරීමට ඇති එකම පියවර ලිංගිකත්ව අධ්‍යාපනය බව මුලු ලෝකයම පිළිගත් යථාර්ථයයි.

තුෂාරා වික්‍රමනායක – Stop Child Cruelty Trust

Social Sharing
අවකාශය නවතම