ජනාධිපතිතුමා කියන එකම තමා අපිත් 2022 ඉදන් කිව්වෙ. රාජ්යය අරාජික කරන්න ඉඩ දෙන්නෙ නෑ. IMF ප්රතිසංස්කරණ පීල්ලෙ යන්න ඕන. අපි එදා අරාජික කරන්න ඉඩ දුන්නෙත් නෑ. අද අනුර දිසානායක ජනාධිපති ඉන්න වෙලාවෙ අරාජික කරන්න ඉඩ දෙන්නෙත් නෑ. ඔය අරාජිකවාදීන් වැඩිපුර ඉන්නෙ ජනාධිපතිතුමාගෙ පැත්තෙ නිසා එක අතකට ජනාධිපතිතුමාට 2022 ඉදන් 2024 දක්වා කාලෙට වඩා මේ වැඩේ ලේසි වෙයි. අරාජිකවාදීන් කියන්නෙ ඉතින් ලේසි පහසු මිනිස්සු නම් නෙමේ හැබැයි.
අරාජිකත්වය තුළ රැකිය හැකි හිමිකමක් හෝ ලබා ගත හැකි සෞභාග්යයක් නැති නිසා ජනතාව වෙනුවෙන් අපි එදත් අරාජිකත්වයට එරෙහිව ජනාධිපතිතුමාගෙ පාක්ෂිකයන්ගෙයි පරණ බයි වුනත් අලුත් පුහු විප්ලවවාදී ජනපති පාක්ෂිකයන්ගෙ විවෙචන පුස් ඝෝෂා මැද පෙනී හිටියා. අදත් අපි පෙනී ඉන්නවා අරාජිකත්වයට එරෙහිව IMF පීල්ලෙ ධනේෂ්වර ප්රතිසංස්කරණ තුළ හරියට ගමන් කරන්න.
ජනපති කිව්වා හරි. “මේ හැර වෙන මොකද්ද කරන්න තියෙන්නෙ, කිසිම වෙනසක් වෙන්නෙ නෑ. එකම වෙනස හර්ෂා ඔයාට ඇමතිකමක් ලැබෙයි.” වෙනස් නොකර IMF පීල්ලෙ හරියට යන්න.
වෙනසකට තියෙන්නෙ ඔය ජනාධිපති පාක්ෂිකයන්ට ඔය අරාජික කිරීමේ ආදීනව ඒ කාලෙ නොතේරුණ එක.
#සටනටඅරුතක්
