රට බංකොලොත්, බැසිල් IMF යයි..

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය පාලනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එලබෙන අප්‍රේල් මාසයේදී බැසිල් රාජපක්ෂ වොෂින්ටනය වෙත යන බව වාර්තා වෙයි.

එම ගමනේදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන බවද දැනගන්නට ලැබේ.

මෙම වාර්තාව තුළ වර්තමාන විදෙස් සංචිත ප්‍රමානය පිළිබඳව, ණය වාරික සහ පොලී ගෙවීමේ හැකියාව සහ ආහාර ඖෂධ වැනි ද්‍රව්‍ය ගෙන ඒමේදී මතුව ඇති දුෂ්කරතා පිළිබඳව විශේෂයෙන් සඳහන් බව දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම