හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..

militarization in sri lanka

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ජනපති ධුර කාලය ගැන මතකය අලුත් වෙමින් තිබෙයි. රට එක් පැත්තකින් විශාල ව්‍යසනයකට ගොදුරුව ඇත. මිනිසුන් පොකුරු පිටින් මිය යමින් සිටී. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලූ පිරිස් වාශ්පවී ඇත. කොවිඩ් මරණ ප්‍රමානය 5000 සේ සීමාවට ආසන්නව ඇත. පැණි සමය අවසන් වී කඳුළු සමය ඇරඹී ඇත. දැන් බොන්නට තියෙන්නේ කඳුළුය. මේ ව්‍යසනය අස්සේම ගුරු විදුහල්පති අරගලයද, මිලිටරිකරණයට පාර හදන කොතලාවල පනතට විරුද්ධ බහුජන අරගලය ද හුස්ම ගනිමින් ඇත. ආණ්ඩුව කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සරි කිරීම පසෙක ලා අරගලකරුවන්ගේ හුස්ම ගැනීමේ අයිතියට බාධා කරමින් සිටියි. රට එකම අවුල්…

Read More

වොයිස් ටියුබ් කතුවරියත් CID යට

Called to the CID Thushara Sewwandi Witharana

සිනොවැක්ස් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම නිසා වොයිස් ටියුබ් (voicetube) යූ ටියුබ් නාලිකාවේ කතුවරිය ලෙස කටයුතු කරන තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මියට අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස සිදුකිරීම පිළිබඳ සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් voicetube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම මෙම කැඳවීමට හේතු වී ඇත. මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවි වල පළ වූ පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි. -ශානි-

Read More

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන

Ruwan Wijewardene attack on journalist Tharindu Jayawardhana

සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඊයේ  දින (04) නිවේදනයක් නිකුත් කරමිනි. ඔහු ඒ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුගිය කාලය පුරාම රාජ්‍ය තන්ත්‍රය වෙතින් හා උසස් පොලිස් නිලධාරීන් ගේ දෝෂදර්ශනයට ලක්වූ ආකාරයත්, ඔවුන්ට වක්‍රාකාරයෙන් තර්ජනය කරන ආකාරයත් නිරීක්ෂණය වූ බවය. එම නිසා මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට නිදහසේ අදහස් ප්‍රකාශ…

Read More

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?

DIG Deshabandu Tennakoon threatens journalist Tharindu Jayawardena

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක ප්‍රතිචාරය දැක්වීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් මඟින් දන්වා ඇත. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ඉකුත් ජුලි 01 දා චන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී! යන මැයෙන් ලිපියක් ලියා එය www.MediaLK.com වෙබ් අඩවියේ පළ කිරිමෙන් පසු තරිඳුගේ මුහුණු පොතේ දමා තිබුණි. මෙම ලිපියෙන් පෙන්වා දී තිබුණේ ශානි අබේසේකර මහතා විසින් සිදු කළ විමර්ශන සම්බන්ධවය. මෙම ලිපියට…

Read More

ජොනී මරන්න හදන කාක්කා කවුද?

Johnston Fernando's Statement Tissue Lake

හම්බන්තොට, තිස්ස වැවේ රොන් මඩ ඉවත් කර වැව  ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුව ගත් තීරණයට පහුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විරෝධය පළ කර තිබුණි. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව විදේශිය කණ්ඩායම් යොදවා වැවේ ප්‍රතිසංසකරණ කටයුතු කිරීම නිසාය. චීන යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසී ගත් පිරිසක් මෙම ක්‍රියාවලියේ නිරත වූ අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කර සිටියේ මොවුන් බිසෝ කොටුව අසල දැඩි ලෙස කැනීම් කර තිබු බවය. මෙම විදේශිකයින් මෙම වැවේ කැනීම් කරන ආකාරය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද හුවමාරු වු අතර ජනතාවගේ අවධානයද මේ දෙසට යොමු වුයේ මේ මොකද්ද වෙන්නේ කියා බැලීමටය.…

Read More

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”

Adela sampath abduction is the beginning of disappearance Brito Fernando

සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25  දින රාත්‍රියේ  නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින් සැරසුණු 20ක පමණ පිරිසක් කිසිදු හේතු දැක්වීමකින් තොරව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැදවුම්කරු  අසේල සම්පත්  පැහැර ගෙන ගිය බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කරති. ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවේ සිදුවූ එම බලෙන් රැගෙන යාම සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය ජාලා අවුලුවා ලීමත් සමග ක්‍රියාධරයා තමන් බාරයේ සිටින බව පොලිසිය විසින් අනාවරණය කරන ලදී. පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

Read More

වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

Where is the justice for the tortured journalists? - Journalist Tharindu Jayawardena

වදහිංසනයට ලක් වු මාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවත් පෝද්දල ජයන්තට පහර දුන් අය තවමත් නිදැල්ලේ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසයි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්  වලට අමතරව පහුගිය කාලේ වදහිංසනයට ලක් වු පෝද්දල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්,  වැනි මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් තවමත් නීතිය ඉටු නොවීම කණගාටුවට කරුණක් බව ඔහු කියා සිටියි. මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත්තද පසුව ඔවුන් මුදා හැරුනු බවත් තවමත් නඩුව අවසානයක් නොමැති බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ පෝද්දල ජයන්තගේ සිද්ධිය සම්බන්ධයෙන්ද සැකකරුවන් තවමත් නිදැල්ලේ…

Read More

අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය වල පළ වූ අසත්‍ය  පුවතකට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Asela Sampath arrested for false news published on social media Police Media Spokesman

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය හා යූ ටියුබ් නාලිකා හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි. ඇස්ට්‍රසෙනිකා එන්නත ලංකාවට ගෙන්වීමෙන් පසුව වෙනත් ද්‍රව්‍යයක් කලවම් කර තත්ත්වය බාල කරන බවට අසේල සම්පත් මහතා පහුගිය දිනෙක සමාජ මාධ්‍ය හා යු ටියුබ් නාලිකා ඔස්සේ සමාජ ගත කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යධිකාරිවරයා විසින් අපරාධ…

Read More

අසේල සම්පත් පැහැර ගනියි.

Asela Sampath abducted

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අද (25) සවස සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ නිවසට කඩා වැදී ඒ මහතාව පැහැරගෙන ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. කොට්ටාව, පැලැන්වත්ත පිහිටි ඒ මහතාගේ නිවසට අද සවස සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 20 කු පමණ CID යෙන් බව පවසා  නිවැසියන්ට පහර දී අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් ඇත. පැහැරගත් වාහනයේ අංකය ඔවුන් හඳුනාගෙන ඇති අතර මේ වනතුරුත් (රාත්‍රී 9.30) ඔහුව අපරාධ…

Read More