වොයිස් ටියුබ් කතුවරියත් CID යට

සිනොවැක්ස් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම නිසා වොයිස් ටියුබ් (voicetube) යූ ටියුබ් නාලිකාවේ කතුවරිය ලෙස කටයුතු කරන තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මියට අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස සිදුකිරීම පිළිබඳ සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් voicetube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම මෙම කැඳවීමට හේතු වී ඇත.

මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවි වල පළ වූ පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

-ශානි-

Social Sharing
නවතම