ජොනී මරන්න හදන කාක්කා කවුද?

හම්බන්තොට, තිස්ස වැවේ රොන් මඩ ඉවත් කර වැව  ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුව ගත් තීරණයට පහුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විරෝධය පළ කර තිබුණි. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව විදේශිය කණ්ඩායම් යොදවා වැවේ ප්‍රතිසංසකරණ කටයුතු කිරීම නිසාය.

චීන යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසී ගත් පිරිසක් මෙම ක්‍රියාවලියේ නිරත වූ අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කර සිටියේ මොවුන් බිසෝ කොටුව අසල දැඩි ලෙස කැනීම් කර තිබු බවය.

මෙම විදේශිකයින් මෙම වැවේ කැනීම් කරන ආකාරය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද හුවමාරු වු අතර ජනතාවගේ අවධානයද මේ දෙසට යොමු වුයේ මේ මොකද්ද වෙන්නේ කියා බැලීමටය.

මේ අතර ආරක්ෂ ක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ මේ චීන හමුදාව නොවන බවත් චීනයේ පුද්ගලික වැඩබිමක සේවකයින් පිරිසක් බවය.

කෙසේ නමුදු මෙම තිස්ස වැව් ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විරෝධය පළ කිරීම ගැන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුවන්නේ දැඩි අමනාපයකිනි.

ඔහු ඊයේ (30) දින මේ බව ප්‍රසිද්ධියේම කියා තිබුණේ මෙරට ජනතාවට අනියත ආකාරයක අනතුරු ඇඟවීමක්ද සමගිනි.

වයඹ මහ ඇල වාරි මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිලිබඳ සාකච්ජාවේදී අමාත්‍යවරයා පවසා සිටින්නේ” හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවා. තිස්සමහාරාමේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය කාගේද? ඒක ආණ්ඩුවේ. එතකොට ඒකට විරුද්ධව ආවේ මොන අමාත්‍යාංශයෙන් ද පුරාවිද්‍යා එකෙන්. ඒක කාගේද? ඒකත් ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවේ වැඩකදී සියලු දෙනා එකතු වෙලා ඉන්න අවශ්‍යයි. අනුමැතිය අවශ්‍යනම් කොලයක් එවලා අනුමැතිය ඉල්ලුවා නම් හරිනේ කියාය.

මේ සේරම ප්‍රශ්න අපේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි හොඳ වැඩි නිසයි. එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔය ඔක්කොම හරි යැයි පවසා ඔහු කොක්හඬලා සිනාසෙන්නේය.

ඔහු මේ කියන්නේ ආණ්ඩුවේ වැඩක් කරන විට ඊට විරුද්ධ වන අයෙකු මරා දැම්මා නම් අනෙක් අයද බිය වී කිසිදු විරෝධයක් ඇති නොකරන බව ව්‍යාංගර්ථයෙන් පැවසිමකි.

මෙය එක්තරා ආකාරයකට රජයේ සේවකයින්ට කළ අනතුරු හැඟවීමකි. ජනතාවගේ ජිවත් වීමේ අයිතිය පිලිබඳ ප්‍රශ්නයකි. මෙරට ජනතාවගේ ජීවිත ගැන, ආණ්ඩුවට විරෝධය දක්වන අයගේ ජිවිත ගැන ඇත්තේ අවිනිශ්චිතබවක් නොවේද?

-ශානි-

Social Sharing
නවතම