ඇමරිකාවෙන් සහය දෙන්නේ විනිවිදව කටයුතු කළොත් විතරයි

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කරගතහැකි බව ද ඇය තවදුරටත් පවසා ඇත.

Read More

බයිඩන් බිරිඳට සහ දියණියටත් රුසියාව තහනම්

ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි වලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය කර තිබේ. මෙසේ ඇමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීම් කර ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙනි.

Read More

රුසියානු රත්තරං ආනයනය තහනම්

රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එයින් රුසියාව තම යුධ ගැටුම් වලට අවශ්‍ය මුදල් එක්රැස් කිරීම දුර්වල කළ හැකි බව රාජ්‍ය නායකයෝ පවසති. කෙසේ වෙතත් රුසියාව 2021 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15.4 ක රත්තරං අපනයනය කර ඇතැයි වාර්තා වේ. එසේම අනෙක් ජී7 සාමාජිකයන් වන ප්‍රංශය,ඉතාලිය සහ ජර්මනියටද රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යෝජනා කර ඇත.

Read More

ඇමරිකාව, තවමත් සමාජයක් නොවේ…!

මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා ඇමෙරිකාවේ. තුවක්කුවක් රැගෙන එන තනි පුද්ගලයෙක් වෙළඳ ආයතනවල බඩු ගනිමින් ඉන්න පිරිස්වලට, පාසල්වල ළමුන්ට, ආපන ශාලා වල කෑම ගනිමින් සිටින පිරිස්වලට, රෝහල්වල සිටින පිරිස්වලට ආදී විශාල පිරිසකට වෙඩි තබා මරා දමනවා. පිරිස් රැස් වෙන තැන් මේ වෙඩික්කරුවෝ සිය මානය අල්ලන නමුත් එහිදී මුලික වෙන්නේ කළු ජාතික පිරිස් හෝ සංක්‍රමණික ප්‍රජාව ලෙස හැඳින්වෙන සුදු නොවන පිරිස් ගැවසෙන තැන්. ඇත්තටම මේ වෙඩි තැබීම් සුදු ජාතිකයන් කළු ජාතිකයන්ට කෙරෙන හිංසනයක් ලෙස වර නගන්නට හැකි උනත් පසුගිය සතියේ ටෙක්සාස්හි පාසලක සිටින ළමුන් 19 දෙනෙක් හා ගුරුවරුන් දෙදෙනෙක්…

Read More

ටෙක්සාස් වෙඩි තැබීමෙන් සිසුන් 19ක් මරණයට

ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde හි ප්‍රාථමික පාසලකට අඟහරුවාදා ඇතුල් වූ 18 හැවිරිදි තරුණයෙකු, එම පාසල ඇතුලත දියත් කළවෙඩි ප්‍රහාරයකින් මේ වන විට සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. වෙඩි තැබීම සිදුව ඇත්තේ රොබ් නැමති ප්‍රාථමික පාසලේදීය. වෙඩි තැබූ පුද්ගලයා පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඔහු දපොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී පීට් අරෙඩොන්ඩෝ පැවසයි. එසේම ටෙක්සාස් මහජන ආරක්ෂාවපිළිබඳ දෙපාර්තමේන්තුවේ එරික් එස්ට්‍රාඩා විසින් සැකකරු මියගියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ වෙඩි තැබීමකින් බවතහවුරු කර ඇත.

Read More

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්

රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිතුක් කෙරූ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බුද්ධි අංශ පෙන්වා දෙන්නේ උද්ධමනය, ආහාර හිඟය සහ බලශක්ති මිල ගණන් ඉහළ යමින් යුක්රේනයේ තත්ත්වය තවදුරටත්අයහපත් පසුබිමකට පත්වීමෙන් පසුව සිය ප්‍රහාරය දැඩි කිරීමට රුසියානු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවයි. එසේම යුක්‍රේනය සඳහා තවත් අතිරේක ඩොලර් බිලියන 40 ක ට ආසන්න සහන පැකේජයක් අනුමත කිරීමට අමෙරිකාව…

Read More

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට තමන් බිය නොවන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. තවද මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්‍රේන අගනුවර සංචාරයක නිරත වීමට නියමිතය. ඉකුත් පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුව අමෙරිකානු නියෝජිතයෙකු යුක්‍රේනයේ සංචාරයක නිරත වනුයේ පළමු වරට බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

Read More

පුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක

ukraine crisis updates

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම අවස්ථාවේ පටන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් , රුසියන් ජනාධිපති පුටින් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ටත් හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීන්ටත් සම්බාධක පැනැවීමක් කළේය. කෙසේනමුත් මේ වනවිට පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනා වන මරීයා වොරොන්ට්සෝවා සහ ලියුඩිමිලා ෂෙකර්බ්නේවාට සහ පුටින්ගේ හිටපු බිරිඳ ලුඩ්මිලා ටිකෝනෝවාටත් සම්බාධක පැනැවීමක් සිදුකර ඇකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට අමතරව, ඇමෙරිකාව, රුසියන් විදේශ…

Read More

ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද අවි

ukraine risis

අමෙරිකාව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. මේ බව තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇත. ඔහු පවසන්නේ පසුගියදා රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ බුචා නගරයේ සහ යුක්රේනය පුරා සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read More

රුසියාවට මොනා වෙයිද?

අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ  හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන  රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට සැලකෙන රුසියානු හමුදාවටතවමත් එකම ප්‍රධාන යුක්‍රේන නගරයක් හෝ යටත් කර ගැනීමට  හැකි  වෙලා නැහැ. මේ යුද්ධයට හේතු වෙන කරුණු කාරණා, ඉතිහාසය, යුක්‍රේණ ආක්‍රමණය  අසාර්ථක වීමට හේතු, මාධ්‍ය නිදහස, රුසියානු හාලෝක ආර්ථිකය වගේ බොහෝ කරුණු අපි පහුගිය ලිපි වලින් සාකච්ඡා කරා. ඒ එක්කම මාරිනා ඔව්සියන්නිකෝවා එලේනා ඔසිපෝවා වගේ  ප්‍රසිද්ධ   රුසියානුවන් යුක්‍රේනය ආක්‍රමණයට විරුද්ධව තමන්ගෙහඬ අවධි කරපු…

Read More