යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම අවස්ථාවේ පටන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් , රුසියන් ජනාධිපති පුටින් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ටත් හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීන්ටත් සම්බාධක පැනැවීමක් කළේය.
කෙසේනමුත් මේ වනවිට පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනා වන මරීයා වොරොන්ට්සෝවා සහ ලියුඩිමිලා ෂෙකර්බ්නේවාට සහ පුටින්ගේ හිටපු බිරිඳ ලුඩ්මිලා ටිකෝනෝවාටත් සම්බාධක පැනැවීමක් සිදුකර ඇකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊට අමතරව, ඇමෙරිකාව, රුසියන් විදේශ කටයුතු අමාත්‍ය සර්ගේ ලැව්රෝව්ගේ පවුලේ සාමාජිකයන්ටත්, රුසියන් ආරක්ෂක කවුන්සිල ප්‍රධානී මෙන්ම හිටපු රුසියන් අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ජනාධිපතිවරයකු ද වන දිමිත්‍රි මෙඩ්වදේව්ගේ පවුලේ අයටත් සම්බාධක පැනැවූ බව මාධ්‍ය වාර්තා කර ඇත