බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි 64 ක් කාන්තා 02 ක්ද, මරණිය දණ්ඩනය නියම කර සිටි පිරිමි 09 ක් කාන්තා 01 ක්ද, ජිවිතාන්තය දක්වා සිර පිරිමි 04 ක් කාන්තා 01 ක්ද, පිරිමි සැකකරුවන් 82 ක් කාන්තා සැකකාරියන් 02 ක්ද වශයෙන් මෙසේ 165 කු මිය ගොස් ඇත. එමෙන්ම 2019 වසර තුල බන්ධනාගාර වලින් සිරකරුවන් 101 කු මිදී ගොස් ඇති අතර සිරකරුවන් 11…
Read MoreTag: thushara upuldeniya
බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!
මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි. “මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. ” බන්ධනාගාර තුළ සමුහ සාතන සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම්…
Read Moreවෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති
වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින් මරණ දඬුවම හිමිව ඇති සිරකරුවන්ට ජීවිතාන්නත දක්වා සිරදඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති පිරිස් ඔවුන්ගේ කල් ක්‍රියාව අනුව වසර විස්සක සිරඳඩුවමකට සීමා කළ හැකි යැයි ගැටඹේ පැවැති විදේශ සේවා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව කළ විමර්ශන වාර්තාව තමන් අතට ලැබී…
Read Moreහිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!
කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි මර්දනය කිරීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම වැනි කාර්ය සදහා ද යෙදවිය හැකි වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ. ඒ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරනු ලබන රාජකාරිවලට අමතරව හදුනාගත් විශේෂිත රාජකාරි පැවරීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය ” ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය ”…
Read Moreවාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?
වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර ඇත්තේ වැරදීමකින් බව වාරියපොල පොලිසිය අධිකරණයට දන්වා සිටි බව එම ප්‍රවෘත්තියේ සඳහන් විය. වාරියපොල පොලිසිය විසින් මෙම රැඳවියාව නැවත අත්තඅඩංගුවට ගෙන පහුගිය 03 දා වාරියපොල දිසා විනිසුරු වෙත ඉදිරිපත් කර තිබු අතර එහිදී මොහුව දින 14 ක් කුලියාපිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බාර දෙන ලෙස නියෝග කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදරටත්…
Read Moreබන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!
බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය. නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව නිසා මානසික අසහනයට පත් වුවෝ වෙති. තරඟ විභාගයකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව හිමි කරගන්නා මොවුන්ට පුහුණු කිරීම්, උසස් වීම් ක්‍රමානුකූලව ලබා දිය යුතුව ඇත. නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා සේවා ව්‍යවස්ථාවක් නොතිබිම නිසා මේ කිසිඳු කාර්යයක් ක්‍රමානුකූලව මෙතෙක් කාලයක් සිදු වී නොමැත. ඔවුන්ගේ ගැටලු පහුගිය කාලය පුරාම පැවතිණි. විවිධ ගණයේ රැඳවියන් හා කටයුතු කරන බන්ධනාගාර නිලධාරියා දිරි…
Read Moreමහර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ මෘත දේහ ගැන තීරණය අර්බුදයකට!
මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමට මාසයක් පීරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණය. එහෙත් එම ගැටුමෙන් වෙඩි වැදී, තුවාල ලබා මිය ගිය රැඳවියන් කිහිප දෙනෙකුගේ මෘත ශරීර තවමත් ඇත්තේ අධි ශිතකරණ තුලය. ඒ ඔවුන්ට තම භූමියේ මිහිදන් වීමට ඇති අවස්ථාව, අයිතිය තවමත් නොලැබීම නිසාය. මහර බන්ධනාගාර කැරැල්ලෙන් පසු ජිවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ මෘත දේහ 11 කඩිනමින් ඒ අවස්ථාවේ රජය ආදාහනය කිරීමට උත්සහ කළේ කොවිඩ් වසංගතය පෙන්වමිනි. නමුත් ඊට මියගිය රැඳවියන්ගේ ඥාතීන් එරෙහි වූ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා කිසිඳු පරීක්ෂණයකින් තොරව ආදාහනය කිරීමට…
Read More“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ
“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…
Read Moreමරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!
සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටියි. 1998 වසරේ සිට සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු පෙන්වා දී ඇත. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු…
Read Moreඅපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන් – මංගල සමරවීර
”පසුගියදා මහර හිරගෙදරදී තමන්ව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන්නට කියා උද්ඝෝෂණය කරපු සිරකරුවන් පිරිසක් මරාදාලා තිබුන හැටි අපි දැක්කා. ඒ වෙලාවේ හිරගෙදර ඉදිරිපිට දී, තමන්ගේ දරුවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා මට මතක් වුනේ, මීට අවුරුදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ, දකුණේ අම්මලාගේ කුඳුළු. ඒ අම්මලා එදා කඳුලු හෙලුවේ අතුරුදහන් කරපු ඝාතනය කරපු දරුවන් වෙනුවෙන්. ඉන් පසුව උතුරේ අම්මලාගේ කඳුලුත් අපි දැක්කා. මේ රටේ ත්රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ පමණක් නොව රාජ්‍ය ත්රස්තවාදයේ ඉලක්ක බවට පතුවූ දරුවන්ගේ ඥාතීන්ගේ කඳලුත් අපි දැක්කා. අපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන්. එදා…
Read More