බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ.
රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි 64 ක් කාන්තා 02 ක්ද, මරණිය දණ්ඩනය නියම කර සිටි පිරිමි 09 ක් කාන්තා 01 ක්ද, ජිවිතාන්තය දක්වා සිර පිරිමි 04 ක් කාන්තා 01 ක්ද, පිරිමි සැකකරුවන් 82 ක් කාන්තා සැකකාරියන් 02 ක්ද වශයෙන් මෙසේ 165 කු මිය ගොස් ඇත.
එමෙන්ම 2019 වසර තුල බන්ධනාගාර වලින් සිරකරුවන් 101 කු මිදී ගොස් ඇති අතර සිරකරුවන් 11 කු අත්අඩංගුවෙන් පැන ගොස් ඇත. එසේම අත්අඩංගුවෙන් පැන ගිය සැකකරුවන් සංඛ්‍යාව 41 ක් වන අතර නැවත අත්අඩංගුවට පත්ව ඇත්තේ 62 කු පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
-ශානි-