මංගලට එරෙහි චම්පිකගේ අදේශපාලනික කලබලය!

The politics of Mangala Samaraweera and Champika Ranawaka

මංගල සමරවීර හා චම්පික රණවක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක චරිත දෙකකි. දෙදෙනාම 1980 දශකයේ අගභාගයේදී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් පවුලේ දේශපාලන සම්බන්ධකමත් හේතු කොට ගෙන මංගලට 1980 දශකයේ අග භාගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. චම්පික රණවකට ඒ සඳහා වර්ෂ 2000 තෙක් බලා සිටීමට සිදු විය. එනමුත් පාර්ලිමේන්තුවෙන් පිට චම්පිකගේ දේශපාලනය පැවතුණි. පසුගිය දිනක චම්පික ඔහුගේ දේශපාලනයේ ඊළග පිම්ම පැනීමේ පළමු වෙඩිමුරය තැබුවේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමෙනි. 43 සේනාංකයද බිහි විය. කුසලතාවාදයට මුල් තැන දෙන කන්නන්ගර දරුවන්ට යුක්තිය ඉටු කරන මැද පන්තිය ආකර්ශනය කරන සටන් පාඨ බිහි විය. චම්පික වෙනුවෙන් පෙනී…

Read More

ගෝඨා නෙවෙයි මතවාදයයි ෆේල් කිව්වාම, චම්පිකවාදීන් ඇයි මෙහෙම???

The political journey of Mangala Samaraweera and Patali Champika

චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. “ෆේල් ගෝඨා නෙවෙයි, ඔහු නියෝජනය කරන මතවාදයයි ෆේල්. ඔහු වෙනුවට ඒ මතවාදයම නියෝජනය කරන ඔහු වැනිම වෙනත් කෙනෙකු ආදේශ කිරීම විකල්පයක් නොවේ” යන්න  එම කතාවේ සාරය ලෙස සැලකිය හැකිය. විවේචනය ගෙන ආ පුද්ගලයා කවුරුන් වුවත්, එම විවේචනය ඉතා ප්‍රබල දේශපාලන විවේචනයක් බව මගේ අදහසයි. සිදු විය යුත්තේ ඒ ගැන තියුණු දේශපාලන සංවාදයක් ගොඩනැඟීම වුවත් චම්පික හිතවාදීන් හා අනුගාමිකයන්…

Read More