Tag: sri lanka bureau of foreign employment
විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ
(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා. එයා ඒ රටේ ඒජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න ඕනී, ඒ ඒජන්තවරයාත් ලක්ෂ 4ක විතර මුදලක් අයකරනවා ගෘහ සේවිකාවක් සොයලා දෙන්න. ඊටපස්සේ ලංකාවේ එජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධවෙන්න ඕනෑ, එතකොට එයාට එවනවා ලක්ෂ 10කට ආසන්න මුදලක්. එව්වාම මේ ඒජන්තයා මොකද කරන්නේ, මේ ගෘහ සේවිකාව ගමට ගිහිල්ලා සොයා ගැනීම සඳහා තවත් අතරමැදියෙක්ගේ උදව් පතනවා. පත්තර සහ ටෙලිවිෂන් දැන්වීම්…
Read Moreරටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්
මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්. ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970 ගණන්වල මැද වගේ වෙනකොට අපි මැදපෙරදිගට සහ වෙනත් රටවල්වලට සේවකයෝ යවන්න පටන් ගත්තා. සේවකයෝ යැවීමේ මුල්කාලයේ කිසිම ප්‍රමිතියක් තිබුණේ නෑ. 1950 මුල් කාලයේ තමයි මුල්වරට පනතක් ගේන්නේ සේවකයෝ විදෙස්ගත කිරීම සම්බන්ධයෙන්. නමුත් ඒවෑ එහෙමට කියලා ප්‍රමිතියක් තිබුණේ නෑ. 1985 අංක 22 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත තමයි මේ සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් අස්සේ නිර්මානය…
Read Moreමමත් රට විරුවෙක්
ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර තමයි අවුරුදු තුනයි මාස හතරක් තියාගෙන පුතාට අසනීප හින්දා බොහොම අමාරුවෙන් කියලා ආවේ. බොහොම දුකයි. ළමයි දාලා ගිහිල්ලා මාස පහ හයක් යනකම් කන්න හිතෙන්නේ නැහැ. ළමයි දාලා අම්මා කෙනෙක් රට යනවා කියන එක හරිම දුකයි. දරාගන්න බැහැ. මට තිබුණා ළමයි තුන්දෙනෙක් බලාගන්න. ගෙවල් අස් කරන්න, රෙදි හෝදන්න, රෙදි මදින්න ඒ ටික තමයි මට තිබ්බේ. උයන්න…
Read Moreරට විරුවන්ගේ කඳුළු මිටියාවත!
රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය. සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ හඬ ( voice of migration ) සංවිධානය විසින් ලංකාවේ සිදු කල සමික්ෂණයකදී මේ බව හෙළිව ඇත. ඔවුන් මෙම සමීක්ෂණය කිරිමේ අරමුණ වුයේ විදෙස්ගත වන පුද්ගලයින්ගේ සුබ සාධනය, ගැටලු, මානසික තත්ත්වයන් පිලිබඳ ආදී කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු කරවමින් ඔවුන්ට සහන සලසා දීමය. ගත වු දෙවසරක කාලය දෙස හැරී බැලීමේදි මුළු ලෝකවාසී ජනතාවටම සිදු…
Read More“ඩොලර් සොයා” විදෙස් ශ්‍රමිකයින්ගේ කතාව 02
ඇයත් රට විරුවෙක්! | Migrant Workers Issue | කාන්තා හිංසනය
හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.
ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය, විදේශසේවා කාර්යාංශය ආදි ආයතන අසල මේ දිනවල ඇත්තේ දැඩි පෝලිම්ය. 80-90 දශකයේ නම් බොහෝ පිරිසක් විදෙස්ගත වුයේ මැදපෙරදිග රටවල රැකියාවන්ටය. යුරෝපා රටකට ගියේ අධ්‍යාපනය ලැබීමට සිටි අයෙකුය. නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇත. බොහෝ දෙනෙකු දැන් රැකියා සඳහා යාමට උත්සහ දරන්නේ යුරෝපා රටවල රැකියාවන්ටය. ඒ මේ වන විට යුරෝපා රටවලද රැකියා තිබීම…
Read More“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!
බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජයට පිටත් කර යවන ජාවාරමක් මෙරට සිදුවන බව බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) විසින් පහුගියදා හෙළිදරව් කර තිබුණි. ඒ් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ඉකුත් දා සිදු කළ වැටලීමකදීය. බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) පවසන ආකාරයට මෙරට කාන්තාවන්…
Read Moreසෞදියේ ශ්‍රී ලාංකික කතුන් ගෙන්වා ගැනීමට සුදානම්! – රජය
සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව රජය පවසයි. සෞදි අරාබියේ රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සෞදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පැවසු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව එම කාන්තාවන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය…
Read More