2019 දී ලාංකිකයින් 480 ක් එතෙරදී මිය ගිහින්.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 480 කු 2019 වසරේදී විවිධ හේතූන් මත විදෙස්  රටවලදි මිය ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ මරණ 480 වාර්තා වන්නේ 201-01-01 දා සිට 2019-12-31 දක්වා කාලය තුලදීය.

මෙයින් වැඩිම  පිරිසක් මිය ගිය බවට වාර්තා වන්නේ සෞදි අරාබියේදීය. ඒ 111 ක් ලෙසිනි. මරණ 76 ක් කුවේට් වලින්ද, මරණ 49 ක් කටාර් වලින් වාර්තා වී ඇත. අනෙක් මරණ වාර්තා වන වන්නේ අබුඩාබි, ඕට්‍රේලියාව, බහරේන්, බ්‍රසීලය, බෙල්ජියම, කාම්බෝජය, චීනය, සයිප්‍රසය, කැනඩාව, කියුබාව, ඩුබායි, ප්‍රංශය, ගැම්බියාව, ජර්මනිය, ග්‍රීසිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, ඊශ්‍රායලය,  ඉතාලිය, ජපානය ආදි දූත මණ්ඩල වලිනි.

මේ මරණ අතරින් පුද්ගලයින් දෙදෙනකුගේ මරණ එරටදීම අවසන් කටයුතු කිරීම සඳහා මෙරට කොන්සියුලර් කාර්යාලය විසින් මුදල් ගෙවා ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නවතම කාර්ය සාධන වාර්තාවට අනුව නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙස කරන ඉල්ලීම් 522 ක් 2019 වසර තුල කොන්සියුලර් අංශයට ලැබී ඇත.

-ශානිකා-

Social Sharing
නවතම