රැකියා සඳහා විදෙස්ගතවීම පහලට.

පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත.

වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ මෙම රැකියා අවස්ථා ලැබී ඇත.  මෙම කාලය තුළ සේවා වර්ගීකරණ 7 ක් යටතේ රැකියා අවස්ථා 13,76,465 ක් රටට ලැබී තිබේ.

ඉන් ගෘහ සේවිකාවන් සඳහා 4,73,856 ක් ද, නුපුහුණු සේවා වර්ගීකරණය යටතේ රැකියා 2,80,261 ක් ලැබී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.

ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ලැබී තිබූ රැකියා අවස්ථාවලින් ශ්‍රමිකයන් 32% ක් සඳහා පමණක් ශ්‍රමිකයින් යොමුකර තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි

2018 වසරේදී රුපියල් මිලියන 1,138,124 ක් විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ලංකාවේ අදායමට එක් කර ගෙන තිබු අතර එය දළ දේශිය නිෂ්පාදනයෙන් 7.7 ක නියෝජනයකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය Trust Area ලෙස 2019 සඳහන් කර තිබුණත් විදේශගත වීම් ක්‍රමානුකූලය පහල බැස ගොස් ඇති බව විගණන වාර්තාව කියා සිටියි.

2011 වසරේදී විදේශගත රැකියා සඳහා 26,2961 ක් වුවද එය 2019 වසර වන විට 20, 3186 දක්වා පහළ බැස ඇත. එමෙන්ම මෙහිදි පිරිමි පුද්ගලයින් විදේශ ගත වන සංඛ්‍යාවද පහළ බැස ඇත.

-ශානි-

Social Sharing
නවතම