(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය)
ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා. එයා ඒ රටේ ඒජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න ඕනී, ඒ ඒජන්තවරයාත් ලක්ෂ 4ක විතර මුදලක් අයකරනවා ගෘහ සේවිකාවක් සොයලා දෙන්න. ඊටපස්සේ ලංකාවේ එජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධවෙන්න ඕනෑ, එතකොට එයාට එවනවා ලක්ෂ 10කට ආසන්න මුදලක්. එව්වාම මේ ඒජන්තයා මොකද කරන්නේ, මේ ගෘහ සේවිකාව ගමට ගිහිල්ලා සොයා ගැනීම සඳහා තවත් අතරමැදියෙක්ගේ උදව් පතනවා. පත්තර සහ ටෙලිවිෂන් දැන්වීම් දාලා සොයාගන්න විදිහක් නෑ මොකද මේ රටවලට සේවයක කරන්න යෑම භීතිකාවක් කරලා තියෙන්නේ රිෂානා නාෆික් වගේ සිදුවීම් නිසා.
රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය මහතා
අතර මැදියා තමයි මේ සේවිකාව සොයාගෙන ලංකාවේ ඒජන්තවරයා ළඟට එක්කරගෙන එන්නේ, එහෙම එක්කරගෙන එන එකට ඒ අතර මැදියා ලක්ෂ 5ක විතර මුදලක් අයකරනවා. ඉතුරු මුදල්වලින් ගුවන් ටිකට් වෛද්‍ය පහසුකම් සහ වෛද්‍ය පරීක්ෂණයට ගෙවනවා. ඊළඟට එම්බසි එකෙන් අයකරන මුදල වගේ දේවල්වලට යම් වියදමක් යනවා. අන්තිමට මේ සේවිකාව අතට දෙන්නේ බොහෝම සොච්චම් මුදලක්.
හැබැයි මේ සේවිකාව ඒ රටට ගියාම හාම්පුතා හිතන්නේ මෙයාට තමන් ලක්ෂ 24ක් වියදම් කළා කියලා. ඊළඟට ඉතිං හාම්පුතා මිල අධික බල්ලෙක් ගෙදරට ගෙනාවා වගේ තමයි මේ සේවිකාව සම්බන්ධයෙන් වැඩ කරන්නේ. මේ නිසා හාම්පුතා මේ කාන්තාවට දාන්න පුලුවන් සියලු තහංචි දාලා තමයි ගෙදර තියාගෙන වැඩගන්නේ. නිදහස සීමා කරනවා. මෙයා ගේන්න මම ලක්ෂ 24 ක් වියදම් කළා කියලා වැටුප් දෙන එක ප්‍රමාද කරනවා. ඕක තමයි මේ සියලු ප්‍රශ්නවලට හේතුව.
අර ලක්ෂ 24ක මුදලෙන් සෑහෙන්න මුදලක් ගෘහ සේවිකාවගේ අතට දෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න පුලුවන් නම්, මේ ප්‍රශ්න බොහෝමයක් නිරාකරණය වෙනවා. එහෙම වුණානම් අපිට පුලුවන් වෙනවා ඇය විශ්‍රාම වැටුප් ක්‍රමයකට පවා දායක කරගන්න. අනික අපිට මේ දේ කරන්න පුලුවන් නම් ඇයගේ වැටුප දෙගුණයකින් විතර ඉහළ යනවා.
එජන්සීස් හරි මඟට ගන්න බැරිද?
මම ඇල්ෆියා කියන ආයතනයේ සභාපති වෙලා හිටියා 2000 අවුරුද්දේ, 2014/15/16 සහ 2017 කියන අවුරුදුවලදි ඒකේ ලේකම් විදිහට වැඩ කළා. හුගක් අය හිතන්නේ රටේ නීතිය ආරක්ෂා කරන්න පුලුවන් හිර ගෙවල්වලට කියලා. නෑ රටේ නීතිය ආරක්ෂා කරන්න පුලුවන් දත්ත බැංකුවලට. මම හැදුවා සිස්ටම් එකක් ඩේටා බේස් එකකුත් එක්ක, හදලා මෙයාලා විනයවත් කරන්න බැලුවා, බැහැ හරි අමාරුයි.
මෙයාලට කවුරු ආවත් පිටරට යෑම සඳහා ඒ එන කෙනා කස්ටර්මර් කෙනෙක්. ඒ විදිහට තමයි සලකන්නේ. එන්ප්ලොයිමන්ට් ඒජන්සියකට කස්ටර්මර් කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඔවුන් ඉස්සරහට එන්නේ ඇප්ලිකන්ට්ස් ලා. ඒක තමයි තේරුන් ගන්න අවශ්‍ය. ඇප්ලිකන්ට්ස්ලා හැසිරෙන්න ඕනෑ ඇප්ලිකන්ට්ස්ලා විදිහට මිසක් කස්ටර්මර්ස් ලා විදිහට නෙවෙයි. මම ඒ සිස්ටම් එක හැදුවට මහා සභාවකදී, නීති විරෝධීව යාඥාවෙන් සහ ඇදහිල්ලෙන් සම ජාතියේ අය ඒක ප්‍රතික්ෂේප කළා. ඒක ක්‍රියාත්මක කරගන්න බැරිවුණා ඒනිසා.