කෝටි 5ක් ඇද්ද ‘මෝඩ යකා’ කවුද?

Rs. 50 million is stolen from the Prime Minister's personal account

රටේ ඉහළම නායකයෙක්ගේ පුද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි 5කට වැඩිය මුදලක් ‘මෝඩ යකෙක්’ ඇඳලා කියලා නැත්තං හොරා කාල කියලා හැමතැනම ආරංචියක් යනවා. අයිතිය වෙබ් අඩවිය මේ ගැන අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයේ වැඩකරන කෙනෙක් ගෙන් ඇහුවා මිනිහා කියන්නේ කසුකුසුව යන විදිහට නම් වැඩේ ඇත්ත කියලා. හොරුන්ගේ හොරු කම්බා හොරු කියලා කතාවක් තියෙනවා නේ, ඒ හින්දා ඉතිං අපි මේ ගැන එච්චර හොයන්න ගියේ නෑ. ඒත් දීර්ඝ කාලයක් මන්ත්‍රී වැටුප නොගෙන ඒක තියෙනවද නැද්ද කියලා දන්නෙවත් නැතුව වගේ හිටිය මේ නායකයා, මේ කාලේ ජීවත් වුණේ  කොහොමද? ඒකට මන්ත්‍රී වැටුප ගත්තේ නැත්තං සල්ලි ආවේ කොහොමද කියලා…

Read More

ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම හා රාජපක්ෂ කඳවුර බිඳවැටීම

collapse of the Rajapaksa camp sri lankan politics

ඊයේ රටේ රාළ ලියපු ” රජාසන කතාවෙන් පසු කතාව ” ලිපියෙන් කිව්වේ ජනාධිපතිතුමාට අදින් පස්සේ මුහුණ දෙන්න වෙන අභියෝග තුනක් ගැන. එකක් තමයි දවස ගානේ බුර බුරා නැඟෙන ජනතා විරෝධය, අනික ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙමින් තියන අභ්‍යන්තර ප්‍රතිවිරෝධය. ඊළගට පවුල ඇතුළේ ගොඩනැගිලා තියන බල අරයගලය. මේවා දැන් හිතුව වැඩිය සෑහෙන දුරක් ගිල්ලා. ඇත්තටම ඒ තරම් අහියෝගයක් විපක්ෂය පැත්තෙන් තවමත් ආණ්ඩුවට එල්ල වෙලා නෑ. රටේ රාළට මෙතනදී කියන්න තියෙන්නේ ඔය ජනාධිපතිතුමා ඉස්සරහා අවුරුදු තුන ගැන දෙන පොරොන්දු ඉෂ්ඨ කිරීම ඒ අභියෝග තුනට සාපේක්ෂයි කියලා. ඒ විතරක් නෙවෙයි යම් විදිහකින් මොළේ පෑදිලා විපක්ෂයත්…

Read More

අනේ අපොයි අප්පොච්චි…!

හැමතැනම නිව්ස් යනවා මහින්ද රාජපක්ෂ දේශපාලන ජීවිතයට සමුදෙනවා අගමැති ධුරයෙන් යනවා කියලා. රාජපක්ෂ පවුලට මහින්ද විශ්‍රාම ගන්වන්න ඕනෑය ඒ සඳහා ඔවුන් කාර්‍යාලයකුත් ඇරලා කියලා තවත් නිව්ස් එකක් දැක්කා පහුගිය දවසක. ඒ අස්සේ බැසිල් රාජපක්ෂ එහෙයියන්නට (අපහාසයට නොවන බව සලකන්න/ එහෙයි කීමේ ආනිසංස ගැන දන්නෝ දනිති එය..!) ඕනෑ වෙලා අප්පච්චි පැත්තකට කරන්න. ඒ අහු අස්සේ මු ආනන්ද හාමුදුරුවෝ හමුවෙන්න යනවා මහින්ද රාජපක්ෂ. ‘අනේ හාමුදුරුවනේ මගේ තුන්හිතකවත් නෑ අයින්වෙන්න අදහසක් ‘ කියලා මහින්ද කිව්වා කියලා හාමුදුරුවෝ අපිට පස්සේ කියනවා. මේ සියල්ල අස්සේ අබල දුබල මහින්ද බොහෝම අමාරුවෙන් තමන්ගේ දේශපාලන නායකත්වය බලපරාක්‍රමය පවත්වාගෙන…

Read More

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!

Retirement of Prime Minister Mahinda Rajapaksa

අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් විශ්‍රාම ගන්නවා එම ධුරයට බැසිල් රාජපක්ෂ ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණේ බැසිල් පෙරමුණ විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම පෙරමුණේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මේවනවිට දුර්වල ශරීර සෞඛ්‍ය තත්ත්වයක පසුවෙන බැවින් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගොස් බැසිල් රාජපක්ෂ හට එම කටයුතු පැවරිය යුතු බවය. මෙම මතය සනාථ කිරීම සඳහා ඔවුන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම බැසිල් පෙරමුණේ ක්‍රියාකාරීත්වය නිසා අගමැති කාර්‍යාලයට අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්නොවෙන බවට වූ ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කිරීමට පවා සිදුවූ අතර පසුගිය දා අභායාරාමයට ගිය අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර…

Read More

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?

Rajapaksa government in crisis

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ. කැබිනට් මණ්ඩලයේ වෙනසක් අලුත් අවුරුද්දේ සිදුවිය හැකි වෙතත්, (ඉස්සර, ජනේරුවට අපිත් අලුත් ඇඳුම් ඇන්දා), රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවා ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ‘ශූර’ ඥානයක් ගෝඨාභයටවත්, මොළේ අමාරුවක් රනිල් වික්‍රමසිංහටවත් තිබේද යන්න සැකසහිතය. අලුත් තනතුරු, අලුත් පත්වීම් කීයක් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දැන් අප දැක තිබේද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් ලේකම්වරුන් හතර දෙනෙකු මේ වන විට…

Read More

ජෙට්ටෙක දුන්නේ කවුද කියන්න බෑ – යෝෂිත රාජපක්ෂ

Mahinda Tirupati Pilgrimage yoshitha rajapaksa

පසුගිය දා මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන්  ඉන්දියාවේ තිරුපති වඳින්නට ගිය පුද්ගලික සංචාරය සඳහා ජෙට් යානය ලබාදුන්නේ අගමැතිවරයාගේ මිත්‍රයෙකු බවත් ඔහුගේ නම හෙළිදරව් කළ නොහැකිබවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කළ බව, වෙබ් මාධ්‍ය වාර්තා කරයි. එම මිතුරා ඉන්දීය ව්‍යාපාරිකයෙකු බවත් මෙම යානාව ලබාදුන්නේ  සුහදතාවය නිසා බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත. මෙම ජෙට් යානයේ සාමාන්‍ය ගාස්තුව පැයකට ඩොලර් 6700 පමණ වෙන බවද මාධ්‍ය වාර්තා පළවේ.

Read More

ඒ ජෙට්ටෙකේ ගියේ මහින්දමද?

Mahinda Rajapaksa Tirupati Pilgrimage

පසුගිය දෙසැම්බර් 23 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතුමාගේ ප්‍රිය බිරිඳ, අභ්‍යාවකාශ ඉංජිනේරුවෙක් බව කියන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගියේ සුප්‍රකට තිරුපති දෙවොල වැඳගෙන එන්න. මේ වෙනකොට මේ ගමන විශාල කතාබහකට අවකාශය හදලා, ඒකට හේතුව මේ ගමන වෙනදා යන ආකාරයේ ගමනක් නොවුණ එක. වෙනදානම් සාමාන්‍යයෙන් මේ වගේ ගමනක් යන්නේ ශ්‍රී ලංකන් එයාර් යානයකින්. ඒත් මෙදා පාර මහින්ද රාජපක්ෂ ඇතුලු සේනාව තිරුපති වදින්න යන්නේ නිල් කුරුල්ලෙක් වගේ (ටී7- ජේ එස් ඩී) ජෙට් යානයක. මේක දැනගන්නට තියෙන විදිහට සැන්මරීනෝවල ලියාපදිංචි කරපු ජෙට් යානයක්. මේ යානය පසුගිය දෙසැම්බර් 16 දා…

Read More

මහින්ද Vs බැසිල් චිත්‍රපටිය ගැන පිබී කියා දෙන කතාව,

PB resignation and Sri Lankan politics

ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ඊයේ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට යවලා තිබුණා. එයාට ජනවාරි 31 වෙනිදාට ජනාධිපති ලේකම් ධූරයෙන් අල්ලා අස්වෙන්න අවසර ඉල්ලලා. ඒ ගැන ජනාධිපතිතුමාගේ මතය තවම කියලා නෑ. කොහොම හරි ඊයේ පීබීගේ ඉල්ලා අස්වීම ගොඩක් අය දැකලා තිබුනේ ආණ්ඩුවට හම්බ වෙච්ච තත්තල් තෑග්ගක් විදිහට. ඇත්තටම පීබීගේ ඉල්ලා අස්වීම හරහා අපූරු දේශපාලන කතාවක් මේ රටට කියනවා. හැබැයි ඒක හරියට තේරුම් ගන්න පුළුවන් ගොඩක් අය ආණ්ඩුව ඇතුළේ වගේම එළියේ නෑ. ඒක නිසා රටේ රාළට හිතුනා පීබීගේ ඉල්ලා අස්වීම යට තියෙන දේශපාලනය කතා කරන්න. ඒකට හොඳ සපෝට් එකක් අද උදේම…

Read More

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

Rajapaksa government in crisis

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි වගේ කියවනවා. ඇඟට දැනෙන දේ ඔළුවට ගන්නේ නැතිව ඔහේ කියවනවා. දැන් විඳුරත් කියන්නේ මෙහෙම ගියොත් මේ ආණ්ඩුව පුපුරලා යන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි විජේදාසත් ඊයේ පෙරේදා  කිව්වා තව සති තුනකින් ලොකු සාගතයක් එක්ක ජනතා නැගිටීමක් එනවා කියලා. හැබැයි මේ ඔක්කොමලා 20 ටයි, අයවැයටයි අතර උස්සපු අය. අද ආණ්ඩුවේ කාගෙන් ඇහුවත් ඉතින් අහන්න තියෙන්නේ අඬවැඩියාවක්ම…

Read More

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300

Rajapaksa government spends Rs. 5300 billion in debt

වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය  ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව වන්නේ කිසිදු වැඩක් කර නොමැති 2020,2021 අවුරුදු තුල පවතින ආණ්ඩුව ලබාගත් සහ ඇපවූ (පබ්ලික් ඇන්ඩ් ගැරන්ටීඩ්) ණය ප්‍රමාණය රුපියල් බිලියන 5300 තරම් ඉහළ අගයක් ගත බවයි. එනම් ඒ පස් අවුරුද්දට වඩා මේ දෑවුරුද්දට සෞභාග්‍යයේ ආණ්ඩුව ගෙන ඇති ණය ප්‍රමාණය වැඩි බවය. 2022 වසර සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත්කර ඇති අයවැය මගින්ද පෙන්නුම් කර ඇති ආකාරයට…

Read More