ගෝඨාගෝගම අනාගත සමාජ පර්යාය පිළිබද සිහිනයේ ක්ෂුද්‍ර නියෝජනයක් ලෙස!!!

ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල වශයෙන් ඇති වූයේ විප්ලවීය අරගලයට මැදිහත් වූ අයට අවශ්‍ය වූ දෙයම නොවේ. ප්‍රංශ බූර්ෂුවාවරු සමානත්මතාවය කීවේ තමන්ටද ඇරිස්ටොක්‍රසිය සමග සමාන වීමට තිබූ ආශාවටයි. නමුත් පසුව ප්‍රංශ විප්ලවයේ සමානාත්මතාවය පිළිබද අදහස වර්ධනය වූයේ මේ බූර්ෂුවා ආශාවේ දිශාවට නොව, සමස්ත මානව වර්ගයාගේම සමානත්වය පිළිබද අදහස වෙතටයි.

ගෝඨාභය ජනාධිපතිකම අත් හැරියත් නැතත් ගෝල්ෆේස් හී නිර්මානය වී තිබෙන ගෝඨාගෝගම ඉතා වැදගත් සංසිද්ධියකි. චාලි චැප්ලින්ගේ මොඩර්න් ටයිම්ස් චිත්‍රපටයේ දරිද්‍රතාවයෙන් සාගින්නෙන් හෙම්බත්ව විසල් මැදුරක් අසබඩ වැතිරී සිටින් චාලි චැප්ලින් සිහිනයක් දකී. ඒ සිහිනයේ දී ඔහුට කෑම අවශ්‍ය වූ විට අත දිගුකර පළතුරු නෙළා ගත හැක. බීමට කිරි තමා අසලට පැමිනෙන එළ දෙනගෙන් දොවාගත හැක.

ගෝඨාගෝගම දී ද කිසිවෙකුට කුසගින්නේ සිටීමට අවශ්‍ය නැත වැසේසේ තෙමෙන අයට නොමිලේ රේන් කෝට් ඇත. පංති වෙනස්කම් නැත. වාර්ගික වෙනස් කම් නැත.

මෙය සිහිනයක් බදු නිමේෂයක් බව ඇත්තය. මෙතැනින් පිට යථාර්ථය වෙනස්ය. මේ අරගලය අවසන් වූ පසුවත් පැරණි ලෝක පර්යාය අවසන් වී නොතිබෙනු ඇත. නමුත් මනුෂ්‍යයාගේ සාමූහික දේශපාලන සිහිනයේ ක්ෂූද්‍ර නියෝජනයක් මෙතන දැකිය හැක.

විසිවන ශතවර්ෂයේ මුල යුරෝපයේ සමාජවාදී ව්‍යාපාරය තුළ යුදෙව් ජනයා විශාල මැදිහත්වීමක් කළහ. ඔවුන් අළුතෙන් ඇති කල ඊශ්‍රායලයට සංක්‍රමණය වූ විට මේ සමාජවාදී සිහිනය සාක්ෂාත් කරගැනීම සදහා කිබුට්ස් නම් වූ සාමූහික ප්‍රජා ඒකක කිර්මාණය කලහ.

ගෝටා ගෙදර ගියත් නැතත් මේ ගෝටාගෝගම ටිකක කලක් පවතින්නේ නම් එය අති විශිෂ්ට සමාජ දේශපාලන අත්දැකීමක් වනු ඇත.

-මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි-

Social Sharing
නවතම