ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් ‌දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!

deshabandu-tennakoon-human-rights-commission

ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්‍රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි.

ඒ අනුව තමන් අවශ්‍ය ප්‍රමාණයට පොලීසිය සහ විශේෂ කාර්‍යයය බලකාය කැදවා තිබූ බවත් තමා ජල විඳින රථ දෙකක් සහ කදුලු ගෑස් එල්ලකරනු ලබන නිලධාරීන් ද සමගින් දෙසීයකට අධික පොලිස් භට පිරිසක් සමග ගාලු මුවදොර වටරවුමේ සිටි නමුත් අවසාන මොහොතේදීත් ඉහත බලධාරීන් දෙදෙනා ජනපතිවරයා කුමන උපදෙසක් ලබාදුන්නද කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමාට හා එහි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට කථා කොට බලපෑම් කල බවත් ඒ සම්බන්ධයෙන් තමා දැක්වූ ප්‍රතිචාරය එම අවස්ථාවේ තමා සමග සිටි නිලධාරීන් දන්නා බවත් ඔහු කොමිසම හමුවේ පැවසූ බව ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ සමගම කලහකාරී පිරිස බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත්කරමින් ගාලුමුවදොර පිටියට ඇතුලු වූ බවත් තමා ජනපතිවරයාට තත්ත්වය පවසා ඉහත බලධාරීන් දෙදෙනා තමාට බලපෑම් කරන බව දැන්වූ බවත් එම අවස්ථාවේදී ඉහත බලධාරීන්ගේ බලපෑම් නොතකා කඩිනමින් පිරිස විසිරුවා හැරීමට තමන්ට ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් අනුව තමා විසින් කලහකාරීන් වෙත ජල ප්‍රහාර, කඳුලු ගෑස් මෙන්ම බැටන් ප්‍රහාර එල්ල කොට පිරිස විසුරුවා හැරීමෙන් සිදුවීමට තිබූ මහත් විනාශයක් අවම කිරීමට හැකි වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බව දැනගැනීමට ඇත.

තවද එම විසිරවීම හේතුවෙන් එම අවස්ථාව වනවිට ගෝඨා ගෝ ගම තුල තිබූ ඉදිකිරීම් 186 න් 26 කට පමණක් එම සිද්ධියෙන් හානි සිදුවූ බවත් ගෝඨා ගෝ ගම රැදී සිටි පුද්ගලයින් 400 වැඩි ප්‍රමාණයකගෙන් 43 දෙනෙකුට පමණක් සුලු තුවාල සිදුවූ බවටත් කොමිසම හමුවේ අනාවරණය වී ඇති බව දැනගැනීමට ඇත.

ඉකුත් 09 වන දින සිද්ධිය සිදුවූ මුල් අවස්ථාවේම මෙම බලධාරීන් දෙදෙනා තමාට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීමට බාධා නොකළේ නම් මෙම ව්‍යසනය සිදු නොවන බව ඔහු විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලේඛන මානව හිමිකම් කොමිසමට ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සැලැස්ම යටතේ රාජකාරී යෙදවූ ඕනෑම කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කැදවා ඒ පිළිබඳව විමසන ලෙස කොමිසමෙන් ඉල්ලා ඇත.

ඔහු විසින් ඉහත කරුණු සනාථ කිරීමට අවශ්‍ය තාක්ෂණික වාර්තා කිහිපයක්ද මානව හිමිකම් කොමිසම වෙත එම අවස්ථාවවේදී භාර දී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

Social Sharing

Related posts