ශ්‍රී ලංකන්, ලංගම පුද්ගලීකරණයට?

Privatization of SriLankan Airlines and SLTB

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, වැනි විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයැයි නැවතත් යෝජනාවක් පැමිණ ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව කර ඇති බව දැනගන්නට ලැබෙන අතර රාජ්‍ය ආයතන 527න් 5ක් වන මෙම ආයතන අන්ත පාඩු ලබන අතර මේවා නඩත්තු කරනු ලබන්නේ මහාබාණ්ඩාගාරයෙන් ය. මෙම තත්ත්වය අයවැය හිඟයට ප්‍රධාන හේතුව බවද දැනගන්නට ඇත. මේ තත්ත්වය තුළ මෙම ආයතන සදහා රජයෙන් දෙන ආධාර වහාම…

Read More

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?

Informal public transport in Sri Lanka

රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට  දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන බව රජය ප්‍රකාශ කර සිටියහ. නමුත් අද (01) උදෑසන සිටම වේයන්ගොඩ සිට මරදාන දක්වා දුම්රිය සංඥා වල දෝෂයක් පැවතීම නිසා ඉහළ දුම්රිය මාර්ගයේ සිට කොළඹට පැමිණෙන සියලුම දුම්රියන් පැය ගණනින් ප්‍රමාද වන්නට විය. මේ නිසා රැකියා වලට ගමන් ගත් බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයට පත් විය. අද කාර්යාල දුම්රියේ ගමන් කිරීමට බොහෝ පිරිසක් එක්ව සිටි හෙයින්…

Read More

පෞද්ගලික මගී බස් ධාවනයට මොකද වෙන්නේ?

The private bus service is in crisis

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සංචරණ සීමා ලිහිල් කර දැන් මේ ගෙවී යන්නේ දෙවැනි සතියය. රටේ කටයුතු බොහොමයක් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර පෞද්ගලික හා රාජ්‍ය ආයතනද බොහෝ ස්ථාන වල ආරම්භ කර ඇත. මේ වන විට රැකියාවට යන, අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යන පුද්ගලයෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ඇත. ඒ පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වීමේ ගැටලුවය. දුම්රිය නම් මේ වන විට දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් උදෑසන මෙන්ම සවස ධාවනය වේ. ලංගම බස් රථ ද සීමීත ගමන් වාර ප්‍රමාණයක් ධාවනය වූවද පෞද්ගලික මගී බස් රථ නම් ධාවනය කරන ආකාරය ගැන…

Read More

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

Minister Gamini Lokuge An earthly politician

ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම සම්බන්ධව දරුණු විවේචනයක් එල්ල කරමින් සිටී. ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දක්වන මැද පන්තික ජනයාගේ විවේචනය ගාමිණී ලොකුගේ මැතිතුමාට එල්ල වෙමින් තිබේ. ඔවුන් ඉතා ඕනෑකමින් ප්‍රදේශයන් හුදකලා කිරීමේ වගකීම දරණ ජනාධිපතිවරයා, ජනපතිගේ විශ්වසනීය සගයා වූ හමුදාපතිවරයා නායකත්වය දරණ කොවිඩ් මර්ධන බලකාය, පොලිස් ඇමතිවරයා මගහරිමින් මහපොළොවේ දේශපාලනය කරන ගාමිණී ලොකුගේ ඇමතිවරයාට එරෙහිව සිය අවි අමෝරාගෙන සිටියි. ගාමිණි ලොකුගේ යනු…

Read More

මඟී බස් කර්මාන්තය පිරිහී නොයාමට නම් …

පොදු ප්‍රවාහනය වර්තමානය වන විට අවිධිමත් ත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලෙන් මගී බස් රථ කර්මාන්තය බිඳ වැටුණි. ඒ අතර පෞද්ගලීක මගී බස් කර්මාන්තය සුවිශේෂිය. මෙහිදි කල්බදු ක්‍රමයට බස් රථ මිලදී ත් අය, බැංකු වලින් මුදල් ගත් අය  ආදායම අහිමි වීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත් විය. එමෙන්ම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ද පත් වුයේ දැඩි ආර්ථික අර්බුදයකටය. තවමත් රට පුරා විධිමත් ආකාරයෙන් බස් රථ ධාවනය වන්නේ නැත. නමුත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් බස් රථ ගාස්තු ඉහළ දමා ගනු ලැබුයේ විධිමත් බස් රථ සේවාවක් ලබා දෙන…

Read More