ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?

ඉන්ධන නොමැතිකම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම හේතුවෙන් ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසා ඇත.

එසේම සමහර රාජ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමට පහසුකම් සලසා තිබුණ ද සියලුම පාර්ශවයන්ගේ අත්‍යාවශ්‍ය සේවාවක් වන දුම්රිය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳව කණගාටු වන බවත් පොදු ප්‍රවාහනයේ වැඩි කොටසක් ආවරණය කරන දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් මීට වඩා සොයා බලා කටයුතු නොකරන්නේ නම් දුම්රිය ධාවනය ඉදිරියේ අතරමග නතර වනු ඇති බවත් කසුන් චාමර මහතා තවදුරටත් පැවසුවේය.

 

Social Sharing
නවතම