දුම්රිය ප්‍රමාදය ගැන හොයන්න CID පරීක්ෂණයක්

මේ දිනවල නිතර සිදුවන දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් පවත්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණදැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, බන්දුල ගුණවර්ධන පවසා ඇත.

එසේම දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යටතේ අභ්‍යන්තරපරීක්‍ෂණයක් සිදුකරන බවටත් ඔහු සඳහන් කර ඇත.

ජනතාවගේ ඉන්ධන පිරිවැය ඉහළයාම හේතුවෙන් ඔවුන්ට පහසුවක් ලෙස පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට තමන් දුෂ්කරතායටතේ සාධනීය පියවර කිහිපයක් ගෙන ඇතැයි ඇමතිවරයා කීවේය.

අනුරාධපුරය දක්වා අලුතෙන් ආරම්භ කළරජරට ඔඩිසිදුම්රිය පළමු දිනය වූ ඉකුත් සෙනසුරාදා (8) එය ප්‍රමාද වී ගමන්ආරම්භ කළ බව කී ඇමතිවරයා එදින උත්තරදේවී දුම්රිය තඹුත්තේගමදී පීලි පැනීම නිසා එහි ගමන අතරමග නවතා මගීන්ට බස්රථ මගින් ගමනාගමන පහසුකම් සැලසීමට සිදුවූ බව පැවසීය.

මෙහි පළමු ගමන ඇරඹීමේ අවස්ථාවට තමන් කොටුව දුම්රිය ස්ථානයට ගිය බවත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණියප්‍රදේශයේදී කේබල් කැපීමක් නිසා දුම්රිය නියාමකයින් ගෙන්වා ගැනීම ප්‍රමාදවීමෙන් දුම්රිය ගමන් ආරම්භවීම ප්‍රමාද වී තිබූ බව ඇමතිවරයා කීය.

දුම්රිය සේවය කඩාකප්පල් කරන අය සිටින්නේ නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයක් කර වාර්තාවක්ලබාගැනීම වඩා සුදුසු බව තමන් සිතන්නේ යැයි කී ඇමතිවරයා වෘත්තීය සමිති නායකයින් කැඳවා ඔවුන්ට ප්‍රශ්න ඇත්නම් සාකච්ඡාකර විසඳාගැනීමට තමන් සූදානම් බව සඳහන් කර ඇත.

Social Sharing
නවතම