ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් රටේ තත්ත්වය සලකා තාවකාලිකව පසු බසියි.

Microfinance victims in Hingurakgoda temporarily abandon protest

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් දින 55 ක් පුරා හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා ඊයේ  (1) දින තාවකාලිකව නතර කර ඇත. පහුගිය මාර්තු 08 දා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට ඊයේ (01) වන තුරු කිසිදු අදාල බලධාරියෙක් අවධානය යොමු කර තිබුණේ නැත. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකතුව විසින් සිය සත්‍යග්‍රහය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මෙහි කැඳවුම්කරු ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස මහතා පවසන්නේ වසංගත උවදුර පහව ගිය සැණින් සත්‍යග්‍රහය නැවත ආරම්භ කරන බවය. සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන…

Read More

ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි

microfinance campaign hingurakgoda central bank

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය  ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි අවධානය යොමු කර නැතැයි ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවූ කාන්තාවන් ඉන් මුදා ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම් කරු ගොවි නායක කවුඩුල්ලේ එම්.කේ.ජයතිස්ස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  (27) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමිණි. එහි දී ඒ මහතා මෙසේ ද කීය. “අද වෙනකොට මේ හිඟුරක්ගොඩ රාජ්‍ය ස්මාරක ඉදිරියේ පවත්වන වනු ලබන සත්‍යග්‍රහයට දින 52ක් වෙනවා.…

Read More

ණය ගෙවාගන්න බැරුව ගිනි තබාගත් සෙල්වි.

microfinance crisis plantation workers central bank of sri lanka

ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්‍රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය මුදල් දුප්පතුන් තවත් දුප්පත් කමට හෙළනවා. හැටන් කොටගල නගරයට ආසන්න වතු ගමකදී තමයි අපිට එස් සෙල්වි මහත්මිය හමුවන්නේ. ඇයට සහ දරුවාට නොතෙමී ඉන්න අඩුම තරමින් ගෙයක් හෝ නැහැ. ගෙදර වෙනුවට තිබෙන්නේ සිමෙන්ති ගල් උළු කැබලි ලෑලි හේත්තුකරලා හදාගත්ත කූඩාරමක් වගේ ගෙයක්.  ඉතිං සෙල්විගේ කතාව අහන්න.. මම මෛදිලී කියලා කෙනෙක්ට ණය අරගෙන දුන්නා. එයා කිව්වා මට…

Read More

මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්           

microfinance crisis in sri lanka grameen bank

සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන් වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්.. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින් ණය ගත්තා. ඊට පෙර අපි කියන්න ඕනේ මේ වගේ ණය දෙන ක්‍රමයක් තිබුණා ලංකාවේ. රජයේ ආයතන යටතේ පැවති එම ක්‍රමය කඩාකප්පල් කළ නිසා තමයි මේ මූල්‍ය ආයතන සමඟ මිනිස්සුන්ගෙ සම්බන්ධතාවයක් ඇති වුණේ. මේක ඉස්සර සෙලින්කෝ ග්‍රාමීන් හරහා තමයි පටන් ගත්තෙ. යුද්ධයෙන් පස්සෙ ගොඩක් සමාගම් මේ ණය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අයගේ ශාඛා ප්‍රමාණය වව්නියාවෙ…

Read More

මේක දුප්පතුන්ට මරණය ගේන ණය ක්‍රමයක් : ක්ෂුද්‍ර මූල්‍ය ණය – පර්‍යේෂිකා අමාලි වෙදගෙදර      

microfinance crisis in sri lanka Amali Wedagedara

ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රචලිත වෙන්නෙ දුප්පතුන් දිරිගැන්වීමේ ක්‍රමයක් විදිහට. නමුත් මේ ක්‍රමය හරහා අද වන විට බොහෝ දෙනෙක් ණය උගුලක හිර වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබේ පර්‍යේෂණ අත්දැකීම් කොහොමද? කලකට පෙර අපි නව ලිබරල්වාදය පිළිබඳ අධ්‍යන කණ්ඩායමක් විදියට වැඩ කළා. එහිදී තමයි මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස මුලින්ම මතුවුණේ. මෙම සාකච්ඡාවලදි ක්ෂුද්‍ර මූල්‍යකරණය බිම් මට්ටමේ කරගෙන යන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේක 2012 දී පමණ සිදු වුණ දෙයක්. අපි මුලින්ම මේ ගැන ලොකු අවධානයක් යොමු කළේ නැහැ. පසුව 2016 දී පමණ ක්ෂුද්‍ර මූල්‍ය ගැන මම හිතන්නේ…

Read More

“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!

Women are being sexually abused because of “micro finance loans”

විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත් වලින්. මුලතිව් වගේ කලාපවල යුද්ධයෙන් අනාථභාවයට පත් වැන්දඹු කාන්තාවන් මේවා ගෙවාගන්නට බැරි වුණාම එන ලිංගික අඩත්තේටම්වලට, ලිංගික හිංසනයට ලක්වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් නිසා එන පීඩනය දරාගන්නට බැරුව සමහර කාන්තාවන් සියදිවි හානිකරගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රිකය අස්සේ මේ ණය ක්‍රමය දැන් හඳුන්වන්නේ ඇඳ ණය කියලා. ඒකෙන් හැඟවෙනවා මේ ව්‍යසනය දැන් සමාජය මත තිබෙන්නේ කුමනාකාර මට්ටමකද කියලා.…

Read More